Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
06
ඉන්දියාවම කම්පා කරමින්, ලෝකයේම අවධානය යොමු වූ, වෛද්‍ය ශිෂ්‍යාව දූෂණය කොට මරා දැමූ පාපතරයින්ට අත් වුණු ඉරණම මෙන්න - Photos

- ඉන්දියාවම කම්පා කරමින්, ලෝකයේම අවධානය යොමු වූ, වෛද්‍ය ශිෂ්‍යාව දූෂණය කොට මරා දැමූ පාපතරයින්ට අත් වුණු ඉරණම මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,677 Views
දූෂකයින්ට එරෙහි ලොව පුරා පිරිස් පෙළ ගැසුණු හැටි..
යකඩ උපකරණ පවා ඇගේ සිරුරට ඇතුළත් කරලා..
එක් දූෂකයෙක් සිර කුටිය තුළදීම දිවි තොර කරගෙන..
 
2012 වසරේ දෙසැම්බර් මස 16 වැනිදා යනු ඉන්දියාව සසල කළ දිනයක්. එය එසේ වූයේ නිර්භයා නම් වූ වෛද්‍ය ශිෂ්‍යාව පාපතරයින් හය දෙනෙකු අතින් අතිශය අමානුෂික ලෙස දූෂණය වීම නිසාවෙනුයි.
 
සිය මිතුරෙකු සමඟ චිත්‍රපටයක් නරඹා ආපසු එමින් සිටි ඇයව මෙසේ දූෂණයට ලක් කරන්නේ බස් රථයක රියදුරන් ඇතුළු පිරිසක්. ඇගේ මිතුරාද එම සහචරයින්ගේ තාඩන පීඩනවලට මැදි වුණා.
 
17 වැනිදා උදෑසන ඇයවත් ඇගේ මිතුරාවත් නිරුවතින් මහ මඟ දමා ගොස් සිටියා. දින ගණනක් මරු හා සටන් වැඳුණු නිර්භයා අවසානයේ මරු වැළඳගත් අතර ඇගේ මිතුරා පමණක් දිවි ගලවා ගත්තා.

ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වුණේ බස් රථයේ තිබූ යකඩ උපකරණ පවා ඇගේ ලිංග ප්‍රදේශයට ඇතුළත් කර ඇති බවයි.
 
මෙම සැකකරුවන් ඉන්දියානු පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් අතර බස් රථයේ රියදුරු රාම් සිං සිර කුටිය තුළදීම දිවි තොර කර ගත්තා. වසර ගණනක් ගතවෙද්දි ආක්ශේ ඨාකූර්, විනයි ශර්මා, පවන් ගුප්තා සහ මුකේශ් සිං ට එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.
 
මෙම දූෂණ සිදුවීමට මුළු ලෝකයේම අවධානය යොමු වූ අතර එතැන් පටන් ඉන්දියාව ද මේ සිදුවීම නිසා මහත් අපහසුතාවයට පත් වූ බව නොරහසක්.
 
සැබැවින්ම මෙම වෛද්‍ය ශිෂ්‍යාවගේ නම නිර්භයා නොවේ. ඇය නමින් ජ්‍යෝති සිං පාණ්ඩේ යි.
 
ඉන්දියාවේ අපරාධ නීතියට අනුව දූෂණයට ලක් වන අයවුන්ගේ නාමයන් හෙළි නොකරන අතර මේ හේතුවෙන් ඇයව එරට මාධ්‍ය හඳුන්වා දුන්නේ නිර්භයා (Fearless) යනුවෙනුයි.
 
කෙසේ වෙතත් රියදුරු හැරෙන්නට ඉතිරි වූ එක් අපරාධකරුවෙක් අවුරුදු 18 නොඉක්මවූ හෙයින් ඔහුට දඬුවම් නියම කිරීමේදී ගැටලු පැන නැඟුණා. චූදිතයින් වෙනුවෙන් දඬුවම් පැමිණවීම ප්‍රමාද වීමට ඔහු ද එක හේතුවක්.
 
මෙම බාල වයස්කරුවාට අධිකරණය මඟින් වසර 3ක පරිවාස කාලයක් නියම කළ බව සඳහන්.
 
කෙසේ වෙතත්, මෙය මහත් ආන්දෝලනයක් ලොව පුරා ඇති කළ අතර "ඉන්දියාව අපරාධකරුවන්ට දඬුවම් නොදෙන්නේ ඇයි? නිර්භයා වෙනුවෙන් සාධාරණත්වය ඉටු නොකරන්නේ ඇයි?" යනුවෙන් විවිධ සංවිධාන ඉන්දියාවට ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තා.
 
කෙසේ වෙතත්, මේ වන විට මෙම ඉතිරි අපරාධකරුවන් 4 දෙනාගේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මේ මස (මාර්තු) 20 වැනි දින අළුයම 5.30ට ඔවුන් එල්ලා මරා දැමීමට දිල්ලි පටියාල අධිකරණය නියෝග කර තිබෙනවා.
 
අපරාධකරුවන් විසින් පොදු සමාව ඉල්ලා සිටියද එය ඉන්දියානු ජනාධිපතිවරයා වන රාම්නාත් ගෝවින්ද් විසින් ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වනවා.
 
නිර්භයාගේ දූෂකයින්ට දඬුවම් ලබා දීම 3 වතාවක් අත්හිටවනු ලැබූ අතර අවසාන වශයෙන් ඔවුන් එල්ලා මැරීමට නියම කර තිබුණේ මාර්තු 3 වන දිනයි.
 
මේ අතර, මෙම දඬුවම් පැමිණවීමත් සමඟ මේ වෙනුවෙන් පෙළ ගැසුණු ජනතාව එරට අධිකරණයට එම තීන්දුව සම්බන්ධයෙන් ස්තුතිය සහ ගෞරවය පළ කර තිබෙනවා.
 
නිර්භයාගේ මෙම සිදුවීම ලොව පුරා මහත් ආන්දෝලනයක් මෙන්ම කම්පනයක් ඇති කළ අතර, පසුගිය වසරේ ඇගේ අනුවේදනීය සිදුවීම අලලා "Delhi Crime" නමින් රූපවාහිනි කතා මාලාවක් ද නිර්මාණය වුණා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top