Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
25
"ඒ අයට මට ළංවෙන්න අවශ්‍ය කරන ලූස් පොයින්ට් මම දෙන්නේ නැහැ..." - දරු පවුල රකින්න, මාදම්පා ගඟේ මෝටර් බෝට්ටුවක් පදින සුජිවා කියන කතාව - Photos

- "ඒ අයට මට ළංවෙන්න අවශ්‍ය කරන ලූස් පොයින්ට් මම දෙන්නේ නැහැ..." - දරු පවුල රකින්න, මාදම්පා ගඟේ මෝටර් බෝට්ටුවක් පදින සුජිවා කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27 Views
මමයි, මහත්තයයි දරුවෝ 3දෙනා එක්ක ජීවත්වෙන්නෙ ගොඩක් දුකින්..
පවුලේ අය එක්ක වගේ පිරිමි අය එක්ක සංවාදයට යන්නෙ නැහැ..
"මාත් සමග යන අය සමග මම හොඳ අවබෝධයෙනුයි යන්නේ..."
 
ජීවන පොරපිටියේ සටන් වැදීමට දැන් දැන් අපේ රටේ කාන්තාවෝ ද පෙරට එමින් සිටිති. මෙතෙක් කලක් පිරිමින්ගේ ආධිපත්‍යයට නතුව ඔවුනට වෙන්ව තිබූ, ඔවුන් වෙතම තල්ලු වී තිබූ බොහෝ රැකියා අබිබවා යමින් ඒ රැකියාවන් ද අපේ රටේ කාන්තාවන් ආක්‍රමණය කරමින් සිටින්නේ මෙය පසක් කරමින්ය.
 
ඒ සඳහා ඔවුනට ගොඩබිම, ගුවන මෙන්ම වතුර ද අභියෝගයක් නැතුවා මෙන්ය. පිරිමින්ට පමණක් උරුමව තිබූ රැකියාවක් කරන මේ කාන්තාව පිළිබඳ පුවත එයට හොඳම නිදර්ශනයකි.

අප මේ කතා කරන්නේ මෝටර් බෝට්ටුවක් පදවන කාන්තාවක් ගැනය.
 
අැය අම්බලන්ගොඩ මහ අම්බලන්ගොඩ පදිංචි සුජීවා දමයන්තිය. දරුවන් තිදෙනෙකුගේ මවක වන සුජීවා සිය ජීවන වෘත්තිය ලෙස තෝරාගෙන ඇත්තේ මාදම්පා ගඟේ මෝටර් බෝට්ටුවලින් සංචාරකයින් ප්‍රවාහනය කිරීමය. මෙවැනි රැකියාවක නිරත වන ලංකාවේ පළමු කාන්තාව මැය බව ද කියති.
 
සුජීවා මාදම්පා ගඟේ සංචාරය සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් එක් ගමන් වාරයකට පැය දෙකක් පමණ ගඟේ සංචාරයේ යොදවනුයේ දක්ෂ මෝටර් බෝට්ටු පදවන්නකු ලෙසය.
 
ගඟේ ගල් තිබෙන, මුල් තිබෙන, දැල් ඇද තිබෙන ස්ථාන හොඳින් දන්නා සුජීවා ඒවා මග හැර යන්නේ ඒ පිළිබඳ විශේෂඥයකු ලෙසය. මේ සංචාරය සඳහා පිරිමි අයවලුන් පමණක් එන අවස්ථා ද තිබේ. එවන් අවස්ථාවන් ද සුජීවා පැහැර නොහැර සිය රැකියාවේ යෙදෙන්නේ විශාල අභියෝගයක් සිය කර මත පටවා ගෙනය. ඒ සඳහා එන ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණදීමට සූදානම්වය.
 
මේ රැකියාවේ යෙදෙන සුජීවා මාදම්පා ගඟේ ගැඹුරු ස්ථාන, කිඹුලන් සිටින ස්ථාන, වවුල් කැලේ, කඩොලාන රක්ෂිතය, කිරළ කැලෑව, වෙස්මුහුණු කෞතුකාගාරය සහ දකුණු ආසියාවේ දිගම සැතපෙන පිළිමවහන්සේ පෙන්වීමට සංචාරකයින් රැගෙන යන්නේ ඒ පිළිබඳව සිය මෝටර් බෝට්ටුවේ යන එන සංචාරකයින් ද දැනුම්වත් කරමින්ය.
 
මේ දැනුම්වත් කිරීම සුජීවා කරන්නේ තමන් සමග එන සංචාරකයින්ගේ කනට මීපැණි වක්කරනවාක් මෙන් ඉතාම මිහිරිවය. කන්කලු ලෙසය. සිත් ගන්නාසුළුවය.
 
ගැඹුරු දියේදී තමන් පදවන මෝටර් බෝට්ටුවට කිසියම් යාන්ත්‍රික දෝෂයක් පැමිණියහොත් එය සාදාගෙන ගොඩට ඒමට තරම් සුජීවා දක්ෂය. මෝටර් බෝට්ටුවට අවශ්‍ය ඉන්ධන හා ලිහිසි තෙල් දැමීම ද ඇය විසින්ම සිදුකරනු ලැබීම ද මෙහි තිබෙන තවත් විශේෂත්වයකි.
 
මෝටර් බෝට්ටු පැදවීම කාන්තාවකගේ සියුමැලි දෑතට එතරම් නුහුරු නුපුරුදු දෙයක් වුවත් සුජීවාට නම් මෝටර් බෝට්ටු පැදවීම කජු කනවාක් මෙන් ඉතාම ලෙහෙසි පහසු කාර්යයක් බව අපට තේරුණේ ඇය සමග මාදම්පා ග​ඟේ සංචාරයේ යෙදෙන විටදීය.
 
අප පසු කරමින් සිටින ස්ථානය අඩි සිය ගණනක් ගැඹුරු බව දැනගත් මොහොතේ මෝටර් බෝට්ටුවේ ගමන් ගන්නා අපේ සිරුරට සිහින් දහඩිය දැමුව ද සුජීවාගේ මුවේ වූයේ මඳහස රැල්ලකි.
 
පොඩියකට හෝ බියට පත් වූ බවක් ඇයගේ මුහුණේ දිස් නොවිණ. මෝටර් බෝට්ටුවේ අන්තිම කෙළවරේ තල්ලේ වාඩි වී ඉතා ගැඹුරු දිය මතින් මෝටර් බෝට්ටුව සුජීවා පදවන අයුරු දුටු අපි මවිතයටත් විස්මයටත් පත්ව සිටිය ද ඇයට ඒ පිළිබඳව වගේවගක් නැතිවාක් මෙන්ය.
 
සිහින් සිනා රැල්ලකින් මුව සරසාගෙන සුජීවා මෝටර් බෝට්ටුව පැදවූවේ ගඟේ උඩට මතු වී සිටි කිඹුලකු ද අපිට පෙන්වමිණි. ගඟේ සිටි කිඹුලා ද මග හැර සුජීවා මෝටර් බෝට්ටුව පදවාගෙන ගියේ කිසිදෙයකට බිය නොවන ලෙසට අපි ද දැනුම්වත් කරමින්ය.
 
සිය රැකියාව පිළිබඳව සුජීවා මෙසේ අදහස් දැක්වූවාය.
 
"මමයි, මහත්තයයි දරුවෝ තුන්දෙනත් එක්ක ජීවත්වෙන්නෙ ගොඩක් දුකින්. ජීවත්වෙන්න නොකරන දෙයක් නැති තරම්. අපි කොහොම හරි අපේ ජීවිත කාටවත් බරක් වෙන්නෙ නැතිව ගෙනියනවා. මුලදී මුලදී මෝටර් බෝට්ටු පදවන එක මට ලොකු අභියෝගයක් වුණා. ගැහැනු කෙනෙක් මෝටර් බෝට්ටු පදවන එක සාමාන්‍යයෙන් සිදු නොවෙන දෙයක් වීම ඊට හේතුවක්. කොහොම හරි මම ඒ අභියෝග සියල්ලම ජයගෙන දැන් මාදම්පා ගඟේ මෝටර් බෝට්ටුවෙන් සංචාරකයින් ගෙනියනවා. මාත් සමග යන අය සමග මම හොඳ අවබෝධයෙනුයි යන්නේ..."
 
"පවුලේ අය සමග සංවාදයේ යෙදෙන ආකාරයෙන් පිරිමි අයවලුන් සමග සංවාදයේ යෙදෙන්නේ නැහැ. ඒ අයට මට ළංවීමට උත්සාහ දැරීමට අවශ්‍ය කරන ලූස් පොයින්ට් මම දෙන්නේ නැහැ. විදෙස් සංචාරකයින් සමග යනකොට සංවාදයේ යෙදෙන්නේ වෙන විදිහකට. එතකොට කාන්තාවක වන මට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම මේ රැකියාව ඉතාම ආසාවෙන් හා උනන්දුවෙන් කරනවා..."
 
වරෙක මෘදු, වරෙක කුරිරු මාදම්පා ගංගාව තරණය කරන සුජීවාට ජීවන ගඟ තරණය කිරීම එතරම් අපහසු නොවනු ඇත.
 
- එම්. සුසිල් ප්‍රියන්ත
ලංකාදීප


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top