Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
21
වියළි කාලගුණය නිසා, පානීය ජලය බෙදා හැරීම සීමා කෙරේ - මාර්තු මැද තෙක් තද වැසි නැහැ

- වියළි කාලගුණය නිසා, පානීය ජලය බෙදා හැරීම සීමා කෙරේ - මාර්තු මැද තෙක් තද වැසි නැහැHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,750 Views
ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම්..
පුද්ගලයන් දෙලක්ෂ 28,454 දෙනෙකු පීඩාවට පත්වෙලා..
ඉදිරි දින කිහිපය ගැන කාළගුණ නිවේදනය මෙන්න..

දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වයත් සමග පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.
 
ඒ අනුව උස් බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්ත්වයන් ඇතිවිය හැකි බවයි එම මණ්ඩලය කියා සිටියේ.

ඒ හේතුවෙන් හැකිතාක් අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙසට පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළා.
 
මේ අතර, පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමග ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුම කඩින් කඩ ලබාදීමට සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ජල සම්පාදන මණ්ඩලය මගින් දුරකථන අංකයක් ද හඳුන්වා දී තිබෙනවා.
 
ඒ අනුව, 0719 399 999 යන දුරකථන අංකයට කෙටි පණිවුඩයක් යොමුකර ඊට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා නොමිලේ ලියාපදිංචි විය හැකියි.
 
මේ අතර, හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් කැළණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතිය මගින් ජලය බෙදා හරිනු ලබන ප්‍රදේශ කිහිපයකට තවමත් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
 
පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක - සීදුව, කැළණිය, බියගම, මහර, දොම්පේ මෙන්ම, ගම්පහ ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති අතර ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනවා.
 
එමෙන්ම, දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 8කට අයත්, පුද්ගලයන් දෙලක්ෂ 28,454 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
 
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය මාර්තු 2 වන සතිය දක්වා අපේක්ෂා කළ හැකි බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top