දඹුල්ල - මාතලේ ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදුවූ අනතුරෙන් දස හැවිරිදි පිරිමි දරුවෙකු සහ කාන්තාවක් මිය ගොස් 45කට වැඩි පිරිසක් තුවාල ලබුවා.
දඹුල්ලේ සිට සිරිපා වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක්, කන්ටේනර් රථයක් පසුකර යාමට උත්සහ කිරිමේදී ඉදිරියෙන් පැමිණි මහනුවර - සිට මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.
පොලීසිය සදහන් කළේ බස් රථ දෙකෙහි ගමන් ගත් පුද්ගලයින් 50 ආසන්න පිරිසක් තුවාල ලබා නාලන්ද, ,මාතලේ සහ දඹුල්ල රෝහවලට ඇතුළත් කෙරුණු බවයි.
සිරිපා වන්දනාවේ යමින් සිටි බස්රථයේ රියදුරුගේ අපරික්ෂාකාරි ධාවනය අනතුරට හේතුව බව පොලිසිය වැඩිදුරටත් කියා සිටයා.
සිද්ධියෙන් මියගිය කාන්තාව සහ පිරිමි දරුවා සිරිපා වන්දනාවට එක්ව අය වන අතර, ඔවුන් දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
UPDATE:
උදෑසනම කාන්තාවකට හා පිරිමි දරුවෙකුට මරු කැඳවමින්, 40ක් රෝහලට යැවූ දඹුල්ලේ මාරක අනතුර
දඹුල්ල - මාතලේ ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් දස හැවිරිදි පිරිමි දරුවෙකු සහ කාන්තාවක් මිය ගොස් 40කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
දඹුල්ලේ සිට සිරිපා වන්දනාවේ ගිය පිරිසක් රැගත් බස් රථයක්, මහනුවර - මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සදහන් කළේ.