Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
17
"වෛරසය දරුවාට ආසාදනය වුණේ අයිස් තට්ටුවක් යට සැඟව තිබූ පිනිමුවකුගේ සිරුරෙන්" - වසර 15,000 ක් තිස්සේ චීනයේ අයිස් තට්ටු යට සැඟවුණ මාරාන්තික වයිරස

- "වෛරසය දරුවාට ආසාදනය වුණේ අයිස් තට්ටුවක් යට සැඟව තිබූ පිනිමුවකුගේ සිරුරෙන්" - වසර 15,000 ක් තිස්සේ චීනයේ අයිස් තට්ටු යට සැඟවුණ මාරාන්තික වයිරසHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17 Views
දරුවාගෙන් තවත් ගෝත්‍රිකයන් 40 දෙනකුට රෝගය ආසාදනය වුණා......

පිනිමුවාගේ සිරුරෙන් වාතයට එක් වුණ වයිරස නිසා පිනිමුවෝ 1000කට වැඩියෙන් මිය ගියා......

චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නුවරින් ආරම්භ වුණු නව කොරෝනා වයිරසය ලොව කැලැඹීමට සමත් වී ඇත. කොරෝනා යනු සතුන්ගෙන් මිනිසුන්ට පැතිරෙන වයිරස වර්ගයකි. මෙම නව කොරෝනා වයිරසයේ සුලමුල තවමත් අපට අබිරහසකි. එය චීන විද්‍යාඥයන් විසින් වැඩි දියුණු කළ වයිරසයක් බවත්, අත්වැරදීමකින් වූහාන් වැසියන් අතරේ පැතිර ගිය බවත් පැවැසෙයි.

මේ සටහන නව කොරෝනා වයිරසය ගැන නොවෙයි. නව කොරෝනා වයිරසයට වඩා බිහිසුණු, විද්‍යාඥයන්ට ආගන්තුක, වයිරස රැසක් වසර 15,000 ක් තිස්සේ, චීනයේ ටිබෙට් සානුවේ ගුලියා නමැති ග්ලැසියරයේ අයිස් තට්ටු අතරේ තැන්පත් වී ඇති බවත්, දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුම හේතුවෙන් ග්ලැසියරය දියවී, මෙම මාරක වයිරස ද පරිසරයට මුදාහැරෙනු ඇති බවටත් විද්‍යාඥයෝ බිය පළ කරති.

ටිබෙට් සානුවේ ගුලියා ග්ලැසියරයේ තැන්පත් වුණු වයිරස සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන්නේ අද ඊයේ නොවෙයි. 1992 වසරේ සිටය. 1992 සිට 2015 වන විට වයිරස වර්ග 28 ක් විද්‍යාඥයෝ සොයා ගත්හ. මෙම වයිරසවලට කිසිදු ප්‍රතිකර්මයක් නොමැති අතර, මේවා මනුෂ්‍යයන්ට ආසාදනය වුවහොත් කොරෝනා වයිරසවලටත් වඩා බිහිසුණු බව විද්‍යාඥයෝ පැහැදිලි කරති.

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යද්දී අයිස් තට්ටු දියවී, වයිරස වාතයට මුදාහැරීම සිදු වුවහොත්, එය සතුන් හරහා මිනිසුන්ට හෝ සෘජුව මිනිසුන්ට ආසාදනය විය හැකි බව ද විද්‍යාඥයෝ වැඩිදුරටත් කියා සිටිති. ග්ලැසියරයෙන් ලබා ගත් වයිරස සාම්පල ඇමෙරිකාවේත් රුසියාවේත් චීනයේත් අධිආරක්ෂිත පර්යේෂණාගාර තුළ සෙල්සියස් අංශක ඍණ 3 ක උෂ්ණත්වයක් යටතේ තැන්පත් කර තැබෙන අතර, ඒවා යොදා ගනිමින් පර්යේෂණ කටයුතු සිදු කෙරේ.
 
2016 දී වසරේ දී, රුසියාවට අයත් ආක්ටික් පළාතේ, උතුරුදිග සයිබීරියාවේ, උණ රෝගයක් හේතුවෙන් 40 දෙනකු රෝහල් ගත කෙරුණි. උණ රෝගය පැතිරීම ආරම්භ වූයේ සයිබීරියාවේ 12 ගෝත්‍රික දරුවකුගෙනි.

රෝගය උත්සන්න වී දරුවා මියගියේය. දරුවාගෙන් තවත් ගෝත්‍රිකයන් 40 දෙනකුට රෝගය ආසාදනය විය. රුසියන් රජය එරට හමුදාවේ, ජීව අවි සම්බන්ධ හමුදා විශේෂඥ දැනුමක් ඇති සොල්දාදුවන් වහා ක්‍රියාත්මක වී, රෝගය කුමක්දැයි සොයා බලද්දී, මාරක ඇන්ත්‍රැක්ස් විෂබීජ රෝගයට හේතුව බව අනාවරණය කර ගත්තේය.

ඇන්ත්‍රැක්ස් කුඩා දරුවාට ආසාදනය වී ඇත්තේ වසර 70 ක් අයිස් තට්ටු යට සැඟව තිබුණු, ගෝලීය උණුසුම හේතුවෙන් අයිස් දියවී වාතයට නිරාවරණය වුණු පිනිමුවකුගේ සිරුරක් තුළ බව පසුව අනාවරණය විය. මෙම සිදුවීම ලොව කැලඹීමට සමත් විය. කෙසේ නමුත් රුසියන් රජය සහ හමුදාව එම වයිරසය වසංගත තත්ත්වයක් බවට පත් වීමට ඉඩක් ලබා දුන්නේ නැත.

පිනිමුවාගෙන් සිරුරින් වාතයට මුදා හැරුණු වයිරසය හේතුවෙන් පිනිමුවෝ 1,000 කට වැඩි ප්‍රමාණයක් මියගියහ. චීනයේ ටිබෙට් සානුවේ ගුලියා ග්ලැසියරයේ අයිස් තට්ටු දියවීමේ වේගය දිනෙන් දින වේගවත් වෙයි. අයිස් තට්ටු දියවීම ආරම්භ වූයේ 1970 වසරේ සිට බවත්, අද වනවිට ඉතිරිව ඇත්තේ ග්ලැසියරයෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් බව කාලගුණ විපර්යාස පිටුදැකීමේ ජගත් සංවිධානය පෙන්වා දී ඇත.

"ලංකාදීප"
ලුසිත ජයමාන්න
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top