ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ සාකච්ඡාවක් ලබන අඟහරුවාදා කොළඹ දී පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව එදින පස්වරුවේ පැවැත්වෙන බවයි.
මෙහිදී ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහභාගිවීමට නියමිතයි.
එමෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ද එක්වනු ඇති.