Happy Valentine’s Day Roshan Ridma Rahul
අපි දෙදෙනාගේ ආදරයට දෙවියන් විසින් දුන් ත්‍යාගය පුංචි රාහුල් කුමාරයත් සමගින් සමරන පළමු ආදරවන්තයින්ගේ දිනයයි.
මුලින්ම මම දැක්ක රොෂාන් අයියා හොද අහිංසක ප්‍රේමවන්තයෙක්, පසුව හොද අවංක සවාමිපුරුෂයෙක්, දැන් ලොකු වගකීම් දරන ආදරණිය අප්පචිචි කෙනෙක්. මේ හැම කාලයකදිම මා දැක්ක එකම දේ ඔයාගේ හදවතේ ආදරය පිරිලා ඉතිරෙන්න තිබුණා රත්තරං. අපේ ආදරේට පෙබරවාරි 14 වගේම අවුරුද්දේ හැම දවසම ගොඩක් විශේෂයි..හුස්ම මා අත්හැර යන අවසන් තප්පරය තෙක් මේ ආදරේ දශමයකින්වත් අඩු නොවී මා ළග රැදේවා.
ඒ වගේම මගේ ආදරණිය තරුණ සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිනවා අද දවස ආදරය යන වෙස් මුහුණ පැලදගත් කාම පිපාසිතයින් සිටිය හැක, එනිසා ඔබේ ආත්ම ගෞරවයත් රැකගෙන ආදරවන්තයින්ගේ දින සමරන්න යැයි මතක් කර සිටිනවා.????.
ඉතින් ආදරවන්තයින්ගේ දවසේ රොෂාන්ගෙන් රිද්මටත්, රිද්මගෙන් රොෂාන්ටත් බොහොම අපූරු තෑගි ලැබිලා තිබුනා. ඒ වගේම පුංචි රාහුල් එක්ක ගත්ත බොහොම අපූරු පින්තූර කිහිපයක් එකතු කරලත් තිබුනා.
මේ අතරේ තමන්ට ලැබුණ තෑගි එක්ක රොෂාන් ආදරණිය බිරිඳ වෙනුවෙන් ෆේස්බුක් සටහනක් තබන්නත් අමතක කරලා තිබුනේ නෑ. ඔහු කියලා තිබුනේ මෙන්න මෙහෙම කතාවක්.
You're the reason I am who I am today. Thank you for everything you do for our family. Happy Valentine's Day, my love!