Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
14
"කුඩා මෙහෙයුමක් වගේ පෙණුනට ඒක ඇත්තටම යුද්ධයක්.." - ලෝකයක්ම කම්පා කළ කොරෝනා වෛරසයෙන් රට බේරගන්න, දින 14ක් කඳවුරක කැප වූ අපේම මිනිසුන් නිදහස් වූ හැටි - Video

- "කුඩා මෙහෙයුමක් වගේ පෙණුනට ඒක ඇත්තටම යුද්ධයක්.." - ලෝකයක්ම කම්පා කළ කොරෝනා වෛරසයෙන් රට බේරගන්න, දින 14ක් කඳවුරක කැප වූ අපේම මිනිසුන් නිදහස් වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,845 Views
දැනෙන සතුට වචනවලින් කියන්න බැරි තරම්..
මේ මෙහෙයුම පිටිපස්සෙ හිටපු නිහඬ විරුවන්ට ස්තුතියි..
දුෂ්කර අවස්ථාවේ ආරක්ෂාව සපයලා අපිව බලාගත්තා..
 
චීනයේ වූහාන් හි සිට පැමිණ දියතලාව යුද හමුදා මූලික රෝහලේ දින 14ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියකට භාජනයව කෙරුණු ශ්‍රී ලාංකිකයින් 33 දෙනා අද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවුණා.

ඒ අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේදී.

කොරෝනා හෙවත් කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ සිර වී සිටි මිලියන 11 කට අධික වූ ජනතාව අතර ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු ද වුණා.

දින 9ක කාලයක් වූහාන් හි සිර වී සිටි එම ශ්‍රී ලාංකිකයින් පිරිස පසුගිය පළමුවැනිදා ශ්‍රී ලංකාවට යලි ගෙන්වා ගැනීමට රජයට හැකිවුණා.

ඉන් අනතරුව ඔවුන් විශේෂ නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමුකෙරුණේ දියතලාව යුද හමුදා මූලික රෝහලේ ස්ථාපිත කෙරුණු මධ්‍යස්ථානය වෙතයි.

දින 14ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියට භාජනය කෙරුණු පිරිස අද පෙරවරුවේ එම මධ්‍යස්ථානයේ සිට කොළඹ - අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය වෙත රැගෙන ආවා.

වූහාන් හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිස දිවයිනට රැගෙන ඒමට දායකත්වය දුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

පිරිස පස්වරු 6.00ට පමණ යුධ හමුදා මූලස්ථානයෙන් පිටතට පැමිණි අතර, අනතුරුව දෙමව්පියන්ට සහ ඥාතීන්ට භාරදීමට යුධ හමුදාව කටයුතු කළා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top