Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
14
"සමහර අය මෙහෙට ආවේ අවුරුදු 17 දී.." - සිය ලිංගික ඡිවිතය අහෝසි වූ ඉන්දියාවේ හින්දු ගැහැණු

- "සමහර අය මෙහෙට ආවේ අවුරුදු 17 දී.." - සිය ලිංගික ඡිවිතය අහෝසි වූ ඉන්දියාවේ හින්දු ගැහැණුHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,809 Views
ගැහැණියකට සිය සිතැගි පරිදි ලිංගිකව එක්වීමේ අවකාශය අහිමිද ? එසේ අහිමිකල හැකි නමි ඔවුහු මොන ඡාතියේ මිනිසුන්ද. ඉන්දියාවේ  හිංදු ධර්මය අදහන ගැහැණියකට සිය පුරුෂයා මිය ගිය පසු තවෙකෙකු හා ලිංගිකව එක්වීම තහනමිය. දැඩි හිංදුවරු එය නීතියක් සේ සළකත්. කොටින්ම ඔවුන්ට සිය දේශපාලන කැමත්ත ප්‍රකාශ කිරීමේ ඡන්ද අයිතිය පවා අහිමිය.

මක් නිසාද මෙකී වැන්දඹුවන් බහුතරයක් ඡන්ද දායකයන් ලෙස ලියා පදිංචි වී නොමැත. සැමියා මිය ගිය භාර්යාව මියගිය සැමියාගේ චිතකයටම පැන සිය දවි නසාගැනීමේ මිලේචිඡ ක්‍රමය ඉංදියානු රඡයට මැදිහත්ව නවතා දැමීමට සිදුවුයේ හිංදු වැන්දඹුවට ඇති ඔවුනගේ ආදරයක් නිසා නොවෙි. ඡාත්‍යණ්තරව එල්ල වු ප්‍රබල පීඩණය නිසාය. ඒ වෙනුවට දැන් ඔවුහු සැමියා මළ නිවෙසින් පිටමංව ඔවුනටම අමිබලන් මෙන් සදා ඇති පාලු මන්දිරවල කල් ගෙවති. සිය ස්වාමිපුරුෂයා මළ විට ඇයව බොහෝ විට ඉංදියානු සමාඡය සිය පවුලෙන් නෙරපා හරී. ඉදින් සියලු ආශාවෝ අත්හැර ඇය සිය ඇවිදින ශරීර කුඩුව රැගෙන වැන්දඹුවන්ගේ නගරයක් සොයා ඉංදියාව පුරා ගමන් අරඹයි. වැන්දඹුවන්ගේ නගර ඉංදියාව තුල බොහෝ ඇතත් විරින්දාවන් සුප්‍රසිද්ධය. වැන්දමුවන් 20,00 ට අධික සංඛ්‍යාවක් එහි ආරාම හෝ අමිබලමි තුල කල්ගෙවති එහි ක්‍රිෂ්ණා දෙවිදුට සිය මරණය දක්වා යාඥා කරමින් ඔවුනට යන්තන් කුස ගිනි නවා ගැනීමට පහසුකමි ඇත.

හිංදු ආගමික බැතිමතුන් මේ අසරණ ගැහැණුන් කූඩුවලලෑ සතුන්යැයි සිතා ඔවුන් නැරඹීමට එති. එසේ නැරඹිමට එන මේ ඊණියා බැතිමතුන් දෙන යමි දෙයකින් සමහරවිට බත්හුලකින් ඔවුහු යැපෙති. මේ ගැහැනු මැරෙනතුරා එක් බතක් හා ව්‍යාඡනයක් ගිලදමා මරණය තමාවෙත එනතුරු සිය ආශාවන් පාලනය කර ගනිමින් පොදු සමාඡයෙන් පිටමංව ඡිවත් වෙති. සමහර වැන්දඹු නිවාස පාලනය කරන හිමිකරුවන් ඔවුන්ව රහසිගත ලෙස ගණිකා සේවයේ යොදවා මුදල් හමිබ කරති. Water චිත්‍රපටියෙන් දීපා මේතා ඉදිරිපත්කලේ කිසිවෙකුට නොපෙණෙන මේ ලිංගික සූරා කෑමය
සමහරු මෙහි පැමීණ සිටින්නේ සිය වයස 17 දී පමණය. දැන් ඔවුන්ගේ වයස අවුරැදු 90 ද ඉක්මවා සිටී. පුංචි කුටියක ගැහැනුන් එක්කෙනෙක් හෝ දෙදෙනෙකු ඡිවත් වෙති එසේ නැතිනමි විශාල වැරන්ඩාවල කණ්ඩායමි ලෙස ඡිවත් වෙති. මේ කිසිවෙකු මෙහි පැමිණි පසු සිය පවුල් වෙත කිසිදා නොයති. අමානුෂික සිරිතකට යටත්ව මනුෂ්‍යත්වය හැරදැමූ ඔවුහු බැලීමට පෙරළා යන්නේ කවරෙක්ද ?. ඔවුනට සියලු උත්සව තහනමිය. නමුදු හෝලි උත්සවයට අවතීර්ණ වීම සදහා මේ ළගදී ඉංදියානු සමාඡය ඔවුනට අවසර දුන්නෝය.භඡන් උත්සව සදහා යමි මිලකට භඡන් ගී ගැයීම සදහා ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුනට අවසර දී ඇත.

ඒ ඔවුන්ට ඡිවත්වීම සදහාය මේ සියල්ල ඉංදියානු පසුගාමී සිරිත් විරිත් ආගම හා ඉංදියානු පුරුෂමුලික සමාඡය විසින් ගොඩ නැගූ අසාධාරණ ක්‍රියාදාමයන්හි දිගුවක් හා නුගත් බව සතර අතේ සමාඡය ආක්‍රමණය කර ඇති ඉංදියාවක අනවාර්ය වු ප්‍රතිඵලයයි .හිංදු ආගමේ පුඡකයන් නිර්මාණයකල ආගමිවාදී බෙිගලයකින් ඉංදීයාවෙි කිසිවක් කරකියා ගත නොහැකි අසරන දුගී ගැහැණිය සිරකර තබා ගැනීමට හැකිවන්නේ එලෙසය. මෙයට මුහුණදෙන්නේ ස්වාමියා මිය ගිය ධනපති ගැහැනිය නොවෙි. ස්වාමියා මිය ගිය නිර්ධන පන්තියේ ගැහැණියයි. එයයි මෙහි ඇති ඛෙිදවාචකය.

මේකී සමිපුර්න ක්‍රියාදාමයම කිසිවක් කරකියා ගත නොහැකි ඉංදියානු හිංදු වැන්දඹුවගේ මුලික මිනිස් අයිතිවාසිකමි උල්ලංඝනය කිරීමක් බව නොතේරෙන්නේ ඉංදිය නිර්ධන පංතියේ එකී වැන්දඹුවටම පමණි. පුරුෂ මුලික හිංදු දුගී සමාඡයක පවා ඇය අන්ත අසරණය. එසේ වුව ඇය ඊට එරෙහි නොවන තාක් සියලු දුගී වැන්දඹුවෝ ඔවුන්ගේ සියලු කායික ආශාවෝ යටපත් කොට මෙසේ නිහඩවම සිය ඡිවිතය මරණය තෙක් ගෙවා දැමිය යුතුය. ඊට සුදානමි විය යුතුය

උපාලි ජයසිංහ




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top