Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
14
අපේ සෞරග්‍රහ මණ්ඩලයට ආලෝක වර්ෂ කෝටි 50ක් ඈත මණ්දාකිණියකින් නිකුත්වන සංඥාවක් ගැන තොරතුරු හෙළිවෙයි

- අපේ සෞරග්‍රහ මණ්ඩලයට ආලෝක වර්ෂ කෝටි 50ක් ඈත මණ්දාකිණියකින් නිකුත්වන සංඥාවක් ගැන තොරතුරු හෙළිවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,259 Views
දැනට වසරකට අධික කාලයක සිට සිදු වෙනවා.......

දවස් 16කට වරක් සංඥාව ලැබෙනවා......

දින 16ක පමණ කාල චක්‍රයක් සහිතව ඈත එපිට විශ්වයේ සිට පැමිණෙන ගුප්ත රේඩියෝ සංඥා මාලාවක් අනාවරණය කරගැනීමට පළමුවරට සමත් වී ඇතැයි විද්‍යාඥයන් පිරිසක් ප්‍රකාශ කර ඇත. එක් කාල චක්‍රයකදී නොකඩවා දින 4ක් දිනකට පැයක් බැගින් මෙම කෙටි තරංග ස්පන්දන ළඟා වන බව එම විද්‍යාඥයෝ පවසති.

ඉන්පසු දින 12ක් එම සංඥා නොලැබී යයි. වඩාත් නිශ්චිතව පැවසුවහොත් මෙම කාල චක්‍රය දින 16 පැය 8 විනාඩි 24ක් ලෙස ගණනය කරනු ලැබ තිබේ.

මෙම සංඥා සම්ප්‍රේෂණය වීම දැනට වසරකට අධික කාලයක සිට සිදු වෙමින් පවතින්නකි. අප සෞර ග්‍රහ මණ්ඩලයට ආලෝක වර්ෂ කෝටි 50ක පමණ ඈතින් පිහිටි මන්දාකිණියකින් මෙම විස්මිත සංඥා නිකුත් වන බවද සොයාගනු ලැබ ඇත. 

මෙම සංසිද්ධියට හේතුව යම්කිසි අභ්‍යවකාශ වස්තුවක භ්‍රමණය විය හැකි බවත්, නියත කාල පරාසයන් තුළ එය සහ අප අතරට එන දෙවැනි වස්තුවකින් ඇති වන බාධකය නිසා සංඥා මාර්ගය අවහිර වෙතැයි සිතිය හැකි බවත් විද්‍යාඥයෝ අනුමාන කරති. 

මේ පිළිබඳ තොරතුරු මෙවර Science X Network වාර්තාවේ සඳහන් වන නමුත් පළමු ආකාශ වස්තුවෙන් රේඩියෝ තරංග නිකුත් වන්නේ කෙසේදැයි නිශ්චිතව සඳහන් කිරීමට එය සමත් වී නැත.

"මව්බිම"
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top