Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
14
"මට අවුරුදු 6දී තමයි කෙල්ලෙක් ගැන මුලින්ම ආදරයක් ඇති වුණේ,අවුරුදු 10ක් මම එයාට ආදරේ කළා.." - මලිත් පෙරේරා

- "මට අවුරුදු 6දී තමයි කෙල්ලෙක් ගැන මුලින්ම ආදරයක් ඇති වුණේ,අවුරුදු 10ක් මම එයාට ආදරේ කළා.." - මලිත් පෙරේරාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,142 Views
"එයාව දකින්න, කතා කරන්න මම ඒ කාලේ ආසා කළා.."

"එයා කැමැත්ත දෙද්දී මට වෙන පෙම්වතියක් හිටියා.."

මලිත් පෙරේරා කියන කඩවසම් තරුණයාට තවමත් බොහෝ දෙනෙක් ආදරේ කරනවා. ගායකයෙක් විදිහට ඔහුව මේ රට තුළ නිරන්තරයෙන්ම දකින්න නොලැබුණත් ඔහුව බොහෝ දෙනෙක් අමතක කර නැහැ. මේ වෙද්දී ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්න මලිත්ට ගැහැණු ළමයින්ගේ ආකර්ෂණය නිතැතින්ම හිමි වෙනවා. ඒ නිසා ආදරේ ගැන කතා කරන්න ඔහුව මේ විදිහට සම්බන්ධ කරගත්තා. මලිත් පෙරේරා ආදරේ ගැන හා අදට යෙදිලා තියෙන පෙම්වතුන්ගේ දිනය ගැන කියන්නේ මෙහෙමයි.

කොහොමද මලිත් ජිවිතේ..?
හිනා වෙලා ආතල් එකේ සතුටින් ජිවත් වෙනවා.

ආදරවන්තයින්ගේ දිනය ලංකාවේ නම් උත්කර්ෂවත් අන්දමින් සමරනවා. ඔය පැත්තේ කොහොමද ආදරවන්තයින්ගේ දිනය සමරන්නේ..?
ලංකාවේ වගේ මෙහෙ එහෙම ආදරවන්තයින්ගේ දිනය කියලා විශේෂයෙන් පෙබරවාරි 14 සමරන්නේ නැහැ. මෙහෙ නම් සාමාන්‍ය දවසක්. මොකද මෙහේ අය හැමදාමත් ආදරේ ජිවත් වෙන නිසා එයාලා ඒ ගැන හිතන්නේ නැහැ. මෙහේ අයට හැමදාමත් වැලන්ටයින් කිව්වොත් හරි. මටත් එහෙම විශේෂත්වයක් නැහැ. මමත් හැමදාම සතුටින් ඉන්නවා.

මේ වෙනකොට මලිත් කී දෙනෙකුට ආදරේ කරලා තියෙනවද..?
අවංකවම කෙල්ලෝ තුන්දෙනෙකුට ආදරේ කරලා තියෙනවා. මුලින්ම ආදරේ කරන්නේ ඉස්කෝලේ යන කාලේ

කාටත් අමතක කරන්න බැරි ප්‍රථම ආදරේ ගැන මලිත් මතක් කරන්න කැමතියිද..?
පළමු ආදරේ මගේ ක්‍රෂ් එකක් කිව්වොත් හරි. එයා මගේම වයස කෙනෙක්. මම මුලින්ම එයාව දකින්නේ පුංචිම පුංචි කාලේ. ඒ කියන්නේ එතකොට මගේ වයස අවුරුදු හයක් විතර ඇති. මම එයාව දකින්න ආසා කළා. කතා කරන්න ආසා කළා. ඒ විදිහට මගේ හිතේ විතරක් එයා ජිවත් වුණා මට අවුරුදු 16ක් විතර වෙනකල්. ඒ කියන්නේ අවුරුදු දහයක් විතර. ඒ ආදරේ මට හරිම විශේෂයි. එයාව මට විශේෂයි. නමුත් අවුරුදු දහයකට පස්සේ විතර මම මගේ හිතේ තිබුණු කැමැත්ත ආදරේ එයාට කිව්වා. එයා මට අකමැති වුණා. ඊට පස්සේ මම ඒ මතක එක්ක ජිවත් වුණා. කාලයත් එක්ක ඒ මතක අමතක වෙලා මමත් සාමාන්‍ය කෙනෙක් බවට පත් වුණා.

පසුව හෝ ඇය ඔබට ආදරේ ප්‍රකාශ කළේ නැද්ද..?
පස්සේ කලෙක එයාගේ ආදරේ මට ප්‍රකාශ කළා. නමුත් ඒ වෙද්දී මම එයාගේ මතක වලින් ඈත් වෙලා හිටියේ. මොකද එතකොට මම පෙම්වතෙක්. මට වෙන පෙම්වතියක් හිටියා. ඒ නිසා අමාරුවෙන් නමුත් එයාගේ කැමැත්තට මට අකමැති වෙන්න සිද්ධ වුණා. දැන් එයා විවාහකයි.

එතකොට දැන් මලිත් පෙම්වතෙක් නෙමෙයිද..?
මම අවංකවම ආදරේ කරන මගේ තුන් වෙනි පෙම්වතිය දැන් මට මුණගැහිලා තියෙනවා. අපි දෙන්නා ආදරේ කරන්න පටන් අරන් එතරම් කාලයක් නැහැ. නමුත් අපි දෙන්නා සැහැල්ලුවෙන් ආදරෙන් ජිවත් වෙනවා එකිනෙකාට තේරුම් අරගෙන. එයා ඉන්නෙත් ඕස්ට්‍රේලියාවේ.

ඔබේ ජනප්‍රියත්වයට ඇය ආදරේ කරනවා කිව්වොත්..?
ඒක කියන්න බැහැ. නමුත් මම ඇයට අවංකවම ආදරේ කරනවා. මම හිතනවා මගේ ජනප්‍රියත්වයට වඩා මලිත් කියන පුද්ගලයාගේ ගතිගුණවලට එයා ආදරේ කරනවා කියලා. මම ගායකයෙක් කියලා එයා දන්නවා. මගේ ආශාවන් මොනවාද මම මොනවාද කරන්නේ කියන දේ දන්නවා. මම ගැන හැමදෙයක්ම දන්නා කෙනෙක් එයා. ඒ නිසා එයා ආදරේ කරන්නේ මට කියලා මම විශ්වාස කරනවා.

එතකොට විවාහය..?
ඒ ආදරේට වැඩි කාලයක් නැහැ. ඒ නිසා විවාහ වෙන්න තව කල් තියෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. තවම විවාහ වෙන්න හිතලා නැහැ.

බොහෝ දෙනෙක් කියන්නේ ආදරේ විදවිමක් කියලා. අවංක ආදරේ නිසා මලිත් විදවලා තියෙනවාද..?
ඔව්. නැහැ කිව්වොත් බොරුවක්. ඒ වගේම කියන්න ඕන ඒක තාවකාලික දුකක් කියන එක. මතකයන් එක්ක ජිවත් වෙලා තියෙනවා. කෘතජන මිනිස්සුනේ.

රසිකයින්ගේ ආදරයට, විවාහයට යෝජනා ඇවිත් ඇති..?
ඒක සාමාන්‍ය දෙයක් හැටියටයි මම දකින්නේ. මොකද හැම කලාකරුවෙකුටම ඒක පොදු කාරණාවක්. හැම කලාකරුවෙකුටම එහෙම යෝජනා එනවා. මටත් ඒ වගේ යෝජනා ආවා.

ඔබේ ජනප්‍රියත්වයට මෙල්බන්වල ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
මෙහෙ මට ආදරේ කරන්නෙත් ශ්‍රී ලාංකිකයින්. ප්‍රතිචාර හොදයි. ලංකාවේ නැහැ කියලා වෙනසක් දැනෙන්නේ නැහැ. මෙහෙ තියෙන සංගීත සංදර්ශනවලටත් මම සම්බන්ධ වෙනවා. වෙන රටකට ගියාට වඩා මෙල්බන්වල ජිවත් වෙන්න ගත්ත තීරණය ගැන මම සතුටු වෙනවා.

ඒ කියන්නේ ලංකාවේ පදිංචියට එන්න දැන්ම අදහසක් නැහැ වගේ..?
දැන්මම එන්න අදහසක් නැහැ. මොකද මම මෙහෙ ව්‍යාපාර කටයුතු කරනවා. ඒ දේවල් එකපාරටම දාලා එන්න අමාරුයි. ඉදිරියේදී මොකක් වෙයිද දන්නේ නැහැ බලමු. මම සංගීතය ජොබ් එකක් විදිහට කරන්න කැමති නැහැ. නමුත් විනෝදාංශයක් විදිහට කරනවා. ළගදීම මගේ රසිකයින් වෙනුවෙන් ගීත ඇල්බම් දෙකක් කරන්න හිතාගෙන ඉන්නේ.

හර්ෂණී වීරරන්ත





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top