Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
"මම එයාට හුඟක් ආදරේ කළා. තාමත් මං එයාට ආදරෙයි.." - සිය බිරිය වූ සකුන්තලාව අමානුෂිකව ඝාතනය කරන්න පෙර, ආදර කතාව වීඩියෝවකින් එළියට දැමූ සැමියා - Photos

- "මම එයාට හුඟක් ආදරේ කළා. තාමත් මං එයාට ආදරෙයි.." - සිය බිරිය වූ සකුන්තලාව අමානුෂිකව ඝාතනය කරන්න පෙර, ආදර කතාව වීඩියෝවකින් එළියට දැමූ සැමියා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,085 Views
"එයා මට කතා කළොත්? ඒ තමයි මගේ වාසනාව.."
"ඔයා මට කෝවිලේදී හම්බෙලා මේ නම්බර් එක දුන්නේ.."
"කිය කියා ඉන්න බෑ.. ඔයා ඉක්මනට මෙතන්ට එන්න.."
 
කිලිනොච්චියේ මයිල්වානගම්පුරම් ගම්මානයෙන් පසුගිය 25 වැනිදා හිමිදිරියේ අසන්නට ලැබුණූ මේ කතාව ආදරය සහ අගහිඟකම් සමඟ බැදුණු අනුවේදනීය කතාවක්. සිද්ධිය පොලිසියට වාර්තා වූයේ මෙසේ යි.
 
කිලිනොච්චිය මයිල්වානගම්පුරම් ගමේ පදිංචි 'ප්‍රිෂාන්තන්ට' 'සකුන්තලා' හමුවෙන්නේ මීට වසර අටකට පමණ ඉහතදී කිලිනොච්චිය කන්දසාමි කෝවිලේ පැවති වේල් උත්සවයේදීයි. ඒ වන විට සකුන්තලා යන්තම් වයස අවුරුදු 16 පිරුණා පමණයි.

සකුන්තලා මනා රූ සපුවකින් හෙබි දඟකාර කෙළිලොල් තරුණියක්. ප්‍රිෂාන්තන් සකුන්තලාට වඩා වැඩිමහල් වූයේ වසර තුනකින් වුවත් ඔහුගේ කඩවසම් බවේද අඩුවක් දකින්නට ලැබුණේ නැහැ.
 
සුදු පිච්ච මල් වැලකින් කොණ්ඩය සරසාගත් සකුන්තලා සිය නළයේ හීනියට තැබූ 'පොට්ටුව' ඇය තවත් ලස්සන කළා. මල් වැටුණු ගවුම ඇගේ රූපශ්‍රීය තව තවත් වැඩි කළා.
 
මේ සියල්ල අතර වේල් උත්සවය දේව රූප එකිනෙක ඉහළට එසවෙමින් තිබියදී විලක්කු එළියෙන් දේවරූපවලට කුරුක්කල්වරයා ආශිර්වාද කරන විට මහා හඬින් "හරෝ හරා" කියමින් දේව ආශිර්වාදය ලබා ගත්තේ ඇගේ සිතේ තිබූ දේව භක්තිය නිසායි.
 
ප්‍රිෂාන්තන් ඒ මොහොතේ සිටියේ වෙනම ලෝකයකයි. ඔහුගේ හදවතේ රිද්මය ඒ වෙද්දි ඇදී ගොස් තිබුණේ දෙවියන් වෙතට නොව ඒ මොහොතේ තමන්ට "සුරඟනක්" සේ දිස්වන සකුන්තලා දෙසටයි.
 
ප්‍රිෂාන්තන් ඔහුට මඳක් ඈතින් සිටි සකුන්තලා සමඟ 'සංඥා'වලින් කතා කරන්නට පටන් ගත්තා. ඔහුගේ උත්සහය සාර්ථක බව ඔහුට දැණූනේ සකුන්තලාගේ කට කොණකින් ඊට පිළිතුරු වශයෙන් ලැබුණූ මඳ හසරැල්ල නිසාවෙනුයි.
 
වහා ක්‍රියාත්මක වූ ප්‍රිෂාන්තන් තම ජංගම දුරකථනයේ අංකය කොළ කැබැල්ලක ලියා සකුන්තලා සිටි දෙසට හෙමින් හෙමින් කිට්ටු වූයේ ඒ යන අතරවාරයේ දෙවියන් වඳින පිරිස සමඟ "හරෝ හරා" කියමිනුයි.
 
ප්‍රිෂාන්තට සකුන්තලා සිටි තැනටම යාමට එතරම් ප්‍රශ්නයක් වූයේ නැහැ. සකුන්තලා සමඟ සිටි ඇගේ නෑයන් අහක බලන අල්ලපනල්ලේ ඔහු විසින් ලියන ලද අංකය සකුන්තලාගේ අත තැබීමට ද ඔහුට හැකියාව ලැබුණා.
 
දෙවියන් වැඳීම අවසන් වූ සැණින් ප්‍රිෂාන්තන් සිය මෝටර් බයිසිකලයේ නැගී නිවස බලා ගියේ බලාපොරොත්තු රැසක් ද හිතේ තබාගෙනයි.
 
"එයා මට කතා කළොත්? ඒ තමයි මගේ වාසනාව... ඒත් හරියට එයාගේ නමක් ගමක්වත් ඉන්න තැනක්වත් අහගන්න බැරි වුණානේ.. බලමු.."
 
ප්‍රිෂාන්තන් එසේ සිතුවා.
 
සති දෙකකට පසුව එක් දිනක සැන්දෑවේ ප්‍රිෂාන්තන්ගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබී එසැණින් විසන්ධි වී ගියා.
 
ප්‍රිෂාන්තන්ට සකුන්තලා ගැන මතකය ඒ වන විට අමතකව තිබුණු නිසා ඒ ඇමතුම එදා ලැබුණේ කෝවිලේදී තමන් ආදරය කළ සුරූපී තරුණියගෙන් බව මොහොතකට හෝ ඔහුට සිතුණේ නැහැ.
 
ඔහු අනතුරුව ඊට පෙරළා ඇමතුමක් ගත්තා.
 
"ඔයා කවුද? මට මේ මිස් කෝල් එකක් අරගත්තේ.."
 
"මම සකුන්තලා.."
 
"කවුද සකුන්තලා..? මම දන්නෙ නැහැනේ.." ප්‍රිෂාන්තන් එසේ කීවා.
 
ඔහු එම වචන පෙළ අවසන් කිරීමටත් පෙර ඇය නැවත පිළිතුරු ලබා දුන්නා.
 
"ඇයි ඔයා ඔයා මට කෝවිලේදී හම්බෙලා මේ නම්බර් එක දුන්නේ.." සකුන්තලා එසේ කියත්ම ප්‍රිෂාන්තන්ට උන් හිටි තැන් අමතක වූයේ ඔහුගේ සිතේ ඇති වූ ප්‍රීතිය නිසයි.
 
අනතුරුව දවසින් දවස බොහෝ දේ කතා කළ ඔවුන්ගේ සම්බන්ධය ආදර සම්බන්ධයක් බවට පෙරළුණා.
 
ආදරයට අත්තටු ලැබෙනවා කියන්නාක් මෙන් මේ ආදර කතාව සකුන්තලාගේ නිවසට සැලවීමටද වැඩි කාලයක් ගත වූයේ නැහැ.
 
එය දැනගත් මොහොතේ යක්ෂණියකගේ වේෂයක් ගත් සකුන්තලාගේ මව සකුන්තලාට පහර දුන්නා.
 
මේ ගුටි පූජාව ඉවසන්න නොහැකි වූ නිසාම සකුන්තලා මටව වැඳ සම්බන්ධය නවත්වන්නට පොරොන්දු වුණා.
 
කාලය මෙසේ ගෙවී ගියේ සකුන්තලාට ප්‍රිෂාන්තන් හෝ ප්‍රිෂාන්තන්ට සකුන්තලා වත් තප්පරයක්ටවත් හමුවීමට ඉඩකඩක් නොතබමින්.
 
හදිසියේම දිනක් සකුන්තලාට කිලිනොච්චිය නගරයට යාමට අවශ්‍ය වූයේ කරුණු කාරණා කීපයක් සඳහායි. ඇගේ දුරකථනය මව විසින් උදුරාගෙන තිබුණත් ප්‍රිෂාන්තන්ගේ දුරකථන අංකය සකුන්තලාගේ මුදල් පසුම්බියේ කෙළවරක සැඟව තිබුණා. ඇය කිලිනොච්චිය නගරයට ගොස් ප්‍රිෂාන්තන්ට ඇමතුමක් ගත්තේ කුලියට ඇමතුම් ලබා දෙන ස්ථානයකිනුයි.
 
"කිය කියා ඉන්න බෑ.. ඔයා ඉක්මනට මෙතන්ට එන්න.. මම ඔක්කොම කියන්නම්.."
 
ඉතා හදිසියෙ වචන ගළපාගත් සකුන්තලා එසේ කියා ඇමතුමා විසන්ධි කළා. තවත් මොහොතකින් ප්‍රිෂාන්තන් ඇය හමුවට ආවේ සිදු වූ දේ දැනගැනීමටයි.
 
"මොනවා වුණත් මට ඔයාව අමතක කරන්න බැහැ. මම ඔයාව කසාඳ බඳිනවා.." ප්‍රිෂාන්තන් දැඩි ස්වරූපයකින් සකුන්තලාට එසේ කීවේ කිසියම් බලාපොරොත්තුවක්ද සිතේ තබාගෙනයි.
 
දෙදෙනා කිලිනොච්චිය නගරයේ හමුවී කතා කළ බව දින දෙකකට පසු සකුන්තලාගේ මවට ආරංචි වී තිබුණා. මින් කලබල වූ මව මේ ගැන සකුන්තලාගේ මාමණ්ඩියටද කීවා.
 
ඔහු නිවසට පැමිණ මේ නඩුව ගැන විමසූ අවස්ථාවේ සකුන්තලා මාමාට සිද්ධිය පැහැදිලි කළා.
 
"මම ඉගෙන ගෙනත් නැහැ. මට රස්සාවක් කරන්නත් බැහැ. මාව හොඳ කෙනෙකුට කසාඳ බන්ඳලා දෙන්න කෝ දැවැද්දක්? ඒකට සල්ලි ගොඩාක් ඕනේ. අපිට සල්ලි නැහැ. ප්‍රිෂාන්තන්ට ස්ථිර රැකියාවක් නැතත් එයාට ඉන්න ගෙයක් තියනවා. එයත් නිකන් ඉන්නේ නැහැනේ මොනවා හරි කරලා කීයක් හරි හොයනවා. නැත්තම් මාමා මට වෙන්නේ ගෙදරටම වෙලා ඉන්නයි. මාමා මේක අම්මාට කියන්නකෝ.."
 
ප්‍රිෂාන්තන්ට ස්ථිර රැකියාවක් නොවීම විවාහයට බලපෑ ප්‍රධාන සාධකය වුවත් අවසානයේදී සකුන්තලාගේ මව ඇය ප්‍රිෂාන්තන්ට විවාහ කර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන්ගේ ආදර කතාව මීට වසර පහකට පෙරදී ඉටු වෙමින් දෙදෙනා විවාහ දිවියට එළඹුණා.
 
විවාහ වුවත් ඔවුන්ට ජීවත් වීම එතරම් පහසු දෙයක් නොවුණේ මෙම නිවස ප්‍රිෂාන්තන්ටම අයිති එකක් නොවීම නිසායි.
 
ප්‍රිෂාන්තන්ගේ එකම නැගණිය විවාහ කර දීමේදී දැවැද්ද වශයෙන් ඇයට මේ නිවස ලබා දීමට ප්‍රිෂාන්තන්ගේ මවුපියන් තීරණය කර තිබුණා.
 
මේ නිසාම වැඩි කල් නොගොස් ප්‍රිෂාන්තන් සහ සකුන්තලා සකුන්තලාගේම නිවසට පැමිණියා.
 
අඟහිඟකම් නිසාම සකුන්තලා කිලිනොච්චි නගරයෙන් ඉතා සුළු රැකියාවක් තෝරාගත්තා. ඇයත් ප්‍රිෂාන්තනුත් කීයක් හෝ හම්බ කරගන්නා නිසා ඔවුන්ට කාටවත් අත නොපා ජීවත් වීමට හැකියාව ලැබුණා.
 
දිනෙන් දින සකුන්තලාගේ රැකියාව කාර්යබහුල වුණා. බොහෝ දිනවල ඈ නිවසට ආවේ රාත්‍රී ඇඳිරියෙන් පසුවයි.
 
ඇය උදෑසන යද්දි අත්බෑගය තුළට පනාවක් දමා ගන්නවා. ඊට අමතරව සුවඳ විලවුන් කුප්පියක්ද රූපලාවන්‍ය අවශ්‍යතා සඳහා තවත් බොහෝ දේද සකුන්තලාගේ අත් බෑගයේ තිබෙද්දි ප්‍රිෂාන්තන්ගේ සිතේ ඇය කෙරෙහි අවිශ්වාසයක් මෙන්ම සැකයක් ද ඇතිවුණා.
 
ආදරයටත් විවාහයටත් සැකය තරම් විනයක් තවත් නැහැ. ප්‍රිෂාන්තටද ඇය කෙරෙහි දවසින් දවස ඇති වුයේ දැඩි සැකයක්.
 
ඇගේ දුරකථනයට එන ඇමතුම් ද විශාල වුණා. ඇඳිරි වැටී ගෙදර එන ඇය දුරකථනය ඔස්සේ සමාජ මාධ්‍ය සමඟ කාලය ගත කළා.
 
මොවුන්ගේ ආදරණීය කැදැල්ල බිඳ වැටෙන්නේ මේ සමඟයි. අඹුසැමියන් නිතර දෙවෙලේ අඬදබර වන්නට පටන් ගත්තා. බොහෝ වෙලාවට සකුන්තලා සැමියාගේ ගුටිබැට ප්‍රහාරවලට ලක්වුණා.
 
එදින උදෑසන ද ඇති වුයේ එවන් සිද්ධියක්.
 
සකුන්තලා සමඟ බහින් බස් වූ ප්‍රිෂාන්තන් ඇයට පිහියකින් ඇනීමට උත්සහා කළේ ඈ විලාප දෙමින් සිටියදීයි. ඈ පිහි පහරින් බේරා ගැනීමට වහා ඉදිරියට පැන්නේ සකුන්තලාගේ බාල සොයුරියයි. වැරෙන් එල්ල වූ පහර වැදුණේ ඇයටයි. ලේ පෙරාගත් ඇය මහා හඬින් විලාප දෙද්දි අසළට පැමිණි අය තුවාල වූ නැගණිය රෝහල්ගත කළා.
 
ඒ අතරවාරයේ ප්‍රිෂාන්තන් සකුන්තලාට එක දිගටම එම පිහියෙන් ඇන්නේ ඇය විලාප දෙද්දියි.
 
පිහි පහරින් ඇය මැරි වැටුණූ බව දැනගත් ඔහු කළේ ඔහුගේ ජීවිතයද තුරන් කර ගැනීම සඳහා ගෙල කපා ගැනීමයි.
 
සකුන්තලා රෝහල්ගත කිරීමටත් පෙර මිය ගියේ බරපතල තුවාල සහිතවයි.
 
කිලිනොච්චි ධරමපුරම් පොලිසියේ නිලධාරින් පැමිණ අදාළ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වද්දි සකුන්තලාගේ ඝාතකයා කවුද යන්න හෙළි වුණා.
 
එහෙත් ඔහුද මරණාසන්න තුවාල ලැබූ හෙයින් රෝහලට ඇතුළත් කර තිබුණා. සැකකාර ප්‍රිෂාන්තන් පොලිසියේ දැඩි ආරක්ෂාව මැද කිලිනොච්චි රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබනවා.
 
සකුන්තලාගේ අවසන් කටයුතු කිලිනොච්චි කණ්ඩාවලෙයි මයිල්වානගම්පුර සුසාන භූමියේදී සිදු කෙරුණු අතර පිහි ඇනුමට ලක් වූ ඇගේ නැගණිය තවමත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
 
මේ සියල්ල පිළිබඳ පරීක්ෂණ සිදු වෙද්දි ප්‍රිෂාන්තන් ඔහුගේ දුරකථනයේ පටිගත කළ වීඩියෝවක් හමුවී තිබෙනවා.
 
ඔහු ඔහුගේ 'ආදර කතාවක්' සකුන්තලා පිළිබඳවත් එහි බොහෝ දේ කියා තිබුණා. ඒ විනාඩි 40ක වීඩියෝවෙන් පැවසෙන්නේ සකුන්තලා පිළිබඳ ඇති වූ සැක සහිත කාරණායි.
 
නමුත් ඔහු සකුන්තලාට බෙහෙවින් ආදරය කළ බවත් තවමත් ආදරය කරන බවත් එම වීඩියෝවෙන් ඔහු පුන පුනා කියා සිටිනවා.
 
මේ වීඩියෝව පටිගත කොට දින තුනක් යාමටත් මත්තෙන් ප්‍රිෂාන්තන් මේ අපරාධය සිදු කර තිබුණා.
 
රසුල දිල්හාර ගමගේ


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top