Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
"දෙවෙනි ඇඟිල්ල පුංචි වුණාම ස්වාමි පුරුෂයා මැරෙනවා කියලා හැමෝම මට කියනවා" - වාසනාවට හෝ අවාසනාවට දේහ ලක්ෂණ බලපානවාද?

- "දෙවෙනි ඇඟිල්ල පුංචි වුණාම ස්වාමි පුරුෂයා මැරෙනවා කියලා හැමෝම මට කියනවා" - වාසනාවට හෝ අවාසනාවට දේහ ලක්ෂණ බලපානවාද?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,761 Views
මම මොන වැඩේ කරන්න ගියත් සැමියාගේ ගෙදර අය මගේ කකුලේ ඇඟිලි දිහා බලාගෙන ඉන්නවා.......

කට කළුවා ගෙට නපුරා' කියලා මට බොහෝ දෙනෙක් විහිළු කරනවා......

මේ විශ්වාස පැවැත එන්නේ පරම්පරාවෙන් පරම්පරාවට......

යම් පුද්ගලයෙකුගේ දේහ ලක්ෂණ අනුව ඔහු හෝ ඇයගේ ගතිගුණ ගැන නිගමනවලට එළඹීම සාමාන්‍ය ජන ජීවිතය තුළ බහුලව දැකිය හැකි තත්ත්වයකි.
දේහ ලක්ෂණ අනුව ගතිගුණ ගැන නිගමනවලට එළඹීමෙන් ඇතැමුන් වෙනස් කොට සැලකීමද සමාජය තුළ දක්නට ලැබේ.

"මගේ කකුලේ දෙවෙනි ඇඟිල්ල අනෙක් ඇඟිලිවලට වඩා කුඩාවට පිහිටලා තිබෙන්නේ. මම පුංචි කාලේ ඉඳන් මේ දේට මිනිස්සු මට එක එක දේවල් කිව්වා. මට මෙය දැඩි මානසික වදයක් වුණා. හැබැයි මම කොහොම හරි ඒවා විඳ දරා ගත්තා. නමුත් කසාද බැන්දට පස්සේ සියල්ල වෙනස් වුණා," නම හෙළි කිරීමට අකමැති කාන්තාවක සිය අත්දැකීම් විස්තර කළාය.

"දෙවෙනි ඇඟිල්ල පුංචි වුණා ම ස්වාමි පුරුෂයා මැරෙනවා කියලා හැමෝම මට කියනවා. මගේ සැමියාගේ පවුලේ අය මට සෑහෙන්න දොස් කියනවා මේ දේට. එයාලගේ හිතේ ඒ අයගේ පුතා මැරෙයි කියලා මම නිසා. මගේ සැමියා මේවා මුලින් විශ්වාස නොකළට, හැමෝම කියන කොට එයත් ටිකක් වෙනස් වුණා."

"මම මොන වැඩේ කරන්න ගියත් සැමියාගේ ගෙදර අය මගේ කකුලේ ඇඟිලි දිහා බලාගෙන ඉන්නවා. දැක්ක තැන අපහාස කරනවා. අපි ජීවත් වෙන්නේ සැමියාගේ මහගෙදර. මේ කරදර නිසා මම දරුණු විදිහට මානසික පීඩනයක ඉන්නේ," ඇය හැඬූ කඳුළින් පැවසුවාය.

කාන්තා දේහ ලක්ෂණ

1.පාදයේ දෙවන ඇඟිල්ල මහපට ඇඟිල්ලට වඩා දිගින් වැඩි නම්, ඇය සිය සැමියා යටත් කර ගනියි.

2.පාදයේ දෙවන ඇඟිල්ල අනෙක් ඇඟිලිවලට වඩා කුඩා නම් ඇයගේ සැමියා අකාලයේ මිය යයි.

3.පුළුල් උරහිස්‌ සහ කෙටි ඇඟිලි පිහිටා ඇත්නම් ඇය කම්සැපට ඇල්ම දක්‌වන්නියකි.

4.ඇකිළුණු උරහිස් ඇති තැනැත්තියට සැප සම්පත් අඩු වේ.

5.පැතලි ගෙල ප්‍රදේශයක් හෝ ගෙලෙහි සුළියක් පිහිටීම අශුභ ලක්ෂණයක් ලෙස සැලකේ.

6.නිකටේ ලපයක් ඇති තැනැත්තිය වාසනාවන්ත යැයි පැවසේ.

7.ගෙලෙහි රේඛා තුනක්‌ පිහිටන කාන්තාව වාසනාව සහ සමාජයේ ගෞරවයට පාත්‍ර වේ.

8.කුඩා මුවක් පිහිටන අය ලැජ්ජාශීලී, ගුප්ත චරිත වේ.

9.විශාල මුවක් පිහිටා ඇති තැනැත්තියන් ආහාරවලට ගිජුවන අතර, කතා බහට කැමතිය.

10.පළල් පරතරයකින් පියයුරු පිහිටා ඇති තැනැත්තිය අශුභ පළ ගෙන දෙයි.

11.අඩවන් වූ දෙනෙත් ඇති තැනැත්තිය සිය සැමියාට ලෙන්ගතුය.

12.සිනාසෙන විට දෙකම්මුල් වල ගැසෙන තැනැත්තිය වාසනාව උදා කරයි.

13.රෝස පැහැති දෙතොල් වාසනාව උදා කරයි.

14.තද පැහැති දෙතොල් පිහිටා ඇත්තී නිවසට අවාසනාව ගෙන එයි.

15.සමව පිහිටි උකුල සැප සම්පත් ලබන්නියකි.

16.මහත් වූ ඉඟටියක්‌ සහ කුඩා උකුල් තලයක්‌ පිහිටි කාන්තාව කලහකාරීය.

17.ශරීරයේ රෝම වැඩිපුර ඇති තැනැත්තී ඉතා දඩබ්බරය.

18.ගමනේදී පාදවල ශබ්දයක්‌ ඇසේ නම් සැමියාට අපල ගෙනෙන අතර, ගුප්ත ආශාවන් ඇති කාන්තාවකි.

19.උඩු ඇන්දේ ඉදිරිපස දත් දෙක මැද හිඩැසක්‌ ඇත්නම් පුරුෂ වසඟයට දක්‍ෂය.

20.දෙතොල සමබරව ඇත්තී ආලවන්තය.

21.දිගු ගෙළක්‌ පිහිටන්නේ නම් උපායශීලී තීක්‍ෂණ බුද්ධියක්‌ ඇත්තියකි.

පුරුෂ දේහ ලක්ෂණ

1.දිගැටි දෑඟිලි පිහිටා ඇති තැනැත්තා කලාවට ලැදිය.

2.විශාල දෑස් ඇති තැනැත්තා අන් අය මුසාවෙන් මුලා කරන අතර, අනියම් සම්බන්ධතා පවත්වනු ලබයි.

3.සිහින් දිගැටි දෑස් ඇති තැනැත්තා ස්‌ත්‍රීන් ප්‍රියකරන්නෙකු වන අතර, ධනවත් පුද්ගලයෙකු ලෙස සැලකේ.

4.නළලේ රේඛා තුනක් පිහිටන පුද්ගලයා සෞඛ්‍ය සම්පන්න ලෙස දිගු කලක් ජීවත් වේ.

5.නිතර ඇස් පිය හෙලන තැනැත්තා වංචාකාරී කපටි අදහස්‌ ඇති පුද්ගලයකු වේ.

6.දිගු නාසයක් පිහිටා ඇති පුද්ගලයන් කලාවට ලැදි, ජනාදරයට පත් චරිත බවට පත් වේ.

7.පැතලි නාසයක් ඇති තැනැත්තා කුරිරු ගති ලක්ෂණ ඇත්තෙකි.

8සිහින් නාස් පුඩු පිහිටා ඇත්නම් ඔහු වාසනාවන්තය.

9.විශාල නාස් පුඩු පිහිටා ඇත්නම් අන් අයට ගරහන පුද්ගලයෙකි.

10.නිතර චලනය වන දෑස් පිහිටන්නේ නම් නම් ඔහු තීක්‍ෂණ උපක්‍රම සහිත වූ ආත්මාර්ථකාමී, අන්‍යයන් උපායෙන් රවටා සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙකි.

11.පපුවේ රෝමකූප පිහිටා ඇත්නම් ඔහු කරුණාවන්ත පුද්ගලයෙකි.

12.ශරීරයේ රෝමකූප පිහිටා නැත්නම් ඔහු අවාසනාවන්තය.

13.සිනිඳු රෝම පිහිටා තිබෙන පුද්ගලයා අනුකම්පා සහගත, සංවේදී පුද්ගලයකි.

14.ඇහි බැමි එකට යාවී ඇති පුද්ගලයාගේ විවාහ ජීවිතය අයහපත්ය.

15.එල්ලා වැටෙන ස්‌වභාවයේ තොල් පිහිටා ඇති පුද්ගලයා මුසාවාද පවසන්නෙකි.

16.උඩු රැවුල ඇති පුද්ගලයා සියල්ලන් සමග සුහදව කටයුතු කරයි.

17.උදරය මනාව වටකුරුව පිහිටා ඇති තැනැත්තා වාසනාවන්ත, ධනවත් සහ ප්‍රසිද්ධ පුද්ගලයෙකි.

18.උදරය ඉදිරියට නැඹුරු වූ තැනැත්තා සිය අභිමතාර්ථ කෙසේ හෝ ඉටුකර ගැනීමට ක්‍රියාකරයි.

19.රත් පැහැයට හුරු දෑස් ඇති තැනැත්තා ඉක්මනින් කෝපයට පත් වේ.

20.කවාකාර විශාල කන්පෙති පිහිටා ඇති තැනැත්තා උගත්, බුද්ධිමත් සහ සෘජු ගති ඇති අයෙකි.

පුද්ගලයන් එකිනෙකා අතර බොහෝ වෙනස්කම් පවතින අතර, එය ස්වභාවික පිහිටීම විනා රෝගයක් නොවන බව පවුල් සෞඛ්‍ය උපදේශකවරියක සහ කථිකාචාර්යවරියක වන විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව පැවසීය.

"එකම පවුලක දරුවන් දෙදෙනෙකු අතර පවා වෙනස්කම් පවතින්න පුළුවන්. නමුත් මේ දේවල් පැවැත එන්නේ ඒ අයගේ අම්මාගෙන් සහ තාත්තාගෙන්. ඒ කියන්නේ ජානවලින්. මේ දේවල් මත යම් කෙනෙකුගේ ගති ලක්ෂණ ගැන තීරණය කිරීම අපහසුයි."

"නමුත් මෙහි තවත් පැතිකඩක් තිබෙනවා. මේ විශ්වාස පැවැත එන්නේ පරම්පරාවෙන් පරම්පරාවට. අපේ මුතුන් මිත්තෝ යම් දේවල් නිරීක්ෂණය කර විවිධ විශ්වාස නිර්මාණය කර තිබෙනවා," වෛද්‍යවරිය පැවසුවාය.

"උදාහරණයක් ලෙස, කාන්තාවක් වැඩිවියට පත් වූ පසු නිවසින් පිටතට යන්න එපා කළු කුමාර දිෂ්ටිය වැහෙයි කියලා තවමත් කියනවා. මෙයට සැබෑ හේතුව වන්නේ, දැරියක් වැඩි වියට පත් වූ පසු අතවරයකට ලක් වීමේ ඉඩකඩ වැඩියි. ඒ වගේම එහි ප්‍රතිඵලයක් ලෙස ගැබ් ගන්න පුළුවන්."

"මේ නිසා කළු කුමාර දිෂ්ටියක් ගැන කියලා දරුවන් ආරක්ෂා කර ගන්න බලනවා. මේ දේවලුත් ඒ වගේම වෙන්න පුළුවන්. යම් නිරීක්ෂණවලින් මේ වගේ නිගමනවලට ඇවිත් තියෙන්න පුළුවන්. නමුත් විද්‍යාවට අනුව මේ දේහ ලක්ෂණ යම් කෙනෙකුට ලැබෙන්නේ ජානවලින්. ඒ මත වාසනාව, අවාසනාව තීරණය කරන්න අපහසුයි," වෛද්‍යවරිය තවදුරටත් පැවසුවාය.

"පොඩි කාලේ ඉඳන් මගේ තොල් අවපැහැයයි. ඒ හා සමාන පැහැයේ තොල් තමයි අපේ තාත්තාගේත් තිබෙන්නේ. නමුත්, මගේ තොල්වල පැහැය නිසා ගෙදරට අවාසනාවන්තයි කියල ඔවුන් කියනවා. 'කට කළුවා ගෙට නපුරා' කියලා මට බොහෝ දෙනෙක් විහිළු කරනවා," යැයි නම හෙළි නොකරන මෙන් ඉල්ලා සිටි තවත් කාන්තාවක පැවසීය.

"පොඩි කාලේ මගේ හිත බොහොම රිදිලා, මානසිකව වැටුණත්, වැඩිවියට පත් වෙන කොට මම ඒ කිසි දෙයක් නෑහෙන ගානට ඉන්න පටන් ගත්තා. ඒ වගේම රූපලාවණ්‍ය ක්‍රියාකාරකම්වලින් මගේ දෙතොල් අන් අය දැකීමට කැමති විදිහට හදාගත්ත," යැයි ඇය තවදුරටත් පැවසුවාය.

නවීන ලෝකයේ දියුණු රූපලාවන්‍ය ක්‍රම අනුගමනය කරමින් බොහෝ දේහ ලක්ෂණ වෙනස් කළ හැකි බව රූපලාවණ්‍ය ශිල්පිනී නිලෝමා පීරිස් පැවසුවාය.

"මුහුණේ තිබෙන විවිධ ලක්ෂණ, උපන් ලප වගේම රෝම ඉවත් කරන්න හෝ සඟවන්න රූපලාවණ්‍ය ක්‍රමවලින් පුළුවන්. කාන්තා, පුරුෂ දෙපාර්ශවයම දැන් මේ දේවල්වලට යොමු වෙලා ඉන්නවා. ලේසර් තාක්ෂණය වගේම සාම්ප්‍රදායික ක්‍රම අනුවත් මුහුණේ, ඇඟේ ස්වභාවික දේ වෙනස් කරන්න පුළුවන්."

"උදාහරණයකට, ඇහි බැමි දෙක එකට යා වුණ අය අවාසනාවන්තයි කිව්වාට, එහෙම අය ඇහි බැමි රූපලාවණ්‍ය ක්‍රම ඔස්සේ හදාගත්තට පස්සේ, ඒ අය සාමාන්‍ය පුද්ගලයන් විදිහට සමාජය දකිනවා," ඇය පැවසුවාය.

දේහ ලක්ෂණ බලා ගතිගුණ කීමේ 'ඉපැරණි විද්‍යාවක්' පැවති බව බෞද්ධ පොත් පත්වල සඳහන් කර ඇත.

දිනක්‌ බුදුන් වහන්සේ පා ගමනින් වැඩම කරන අතර, ඒ ගමන් මගෙහි ගමන් කළ බමුණෙකු වැල්ලේ තිබූ බුදුන් වහන්සේගේ පා සටහන් විමසා බලා එය සුවිශේෂි පුද්ගලයකුගේ බව හඳුනාගෙන, බුදුන් වහන්සේ සොයා පැමිණ ඔබ දෙවියෙක්‌ද යනුවෙන් අසා සිටියේය. බුදුන් වහන්සේගේ පා සටහන්වල තිබූ සුවිශේෂී ලක්‍ෂණ හේතුවෙන් මෙසේ අසා සිටි බව බෞද්ධ පොත්පත්වල සඳහන් වේ.

එමෙන්ම, එකල පැවති දේශ ලක්‍ෂණ විද්‍යාව උපයෝගි කරගනිමින් සිදුහත් කුමරුගේ නළලේ තිබූ ඌර්ණ රෝම ධාතුව දැක ඒකාන්තයෙන්ම බුදුවන්නේ යයි කොණ්‌ඩඤ්ඤ බමුණා පැවසූ බව ද බෞද්ධ පාසල් පෙළ පොත් ඇතුළු බොහෝ පොත්පත්වල සඳහන් කර තිබේ.

වීනා වාදනය ඉගෙනීමට පැමිණෙන මූසිලගේ දේහ ලක්‍ෂණ දුටු ගුත්තිල ඇදුරු ඔහු ගුණමකුවකු බව දැන ශිල්ප ඉගැන්වීමට අකමැත්ත පළ කළ බව වෑත්තෑවේ හිමියන් රචනා කළ ගුත්තිල කාව්‍යයේ මෙසේ සඳහන් වේ

බලමින් ලකුණු ගත
දුදන ගුණ දැන ඔහු සිත
නොවසව තෙපි මවෙත
ශිල්ප නොදෙමැයි කිවෙත් මහසත

දේහ ලක්ෂණ අනුව යම් නිගමනවලට එළඹීම ක්‍රිස්තියානි, හින්දු සහ ඉස්ලාම් ආගම්වල ද දක්නට ලැබෙන්නකි.

2018 වර්ෂයේ සිදු කළ ගවේෂණයක් මත විද්‍යාත්මක ලිපියක් පළ කළ එසෙක්ස් විශ්වවිද්‍යාලයේ මානසික සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුබද්ධ ආචාර්ය ට්යුස්ඩේ වොට්ස් ඇතුළු විද්‍යාඥයන් පිරිස පවසන්නේ කාන්තාවන්ගේ ඇඟිලිවලින් ඔවුන්ගේ ලිංගිකත්වය හෙළි වන බවය.

කාන්තාවකගේ වම් අතෙහි වෙදැඟිල්ල සහ දබරැඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටන්නේ නම් ඇය බොහෝ විට සමලිංගික සේවනය ප්‍රිය කරන්නියක් බව මෙම අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.

බොහෝ සමානකම් ඇති නිවුන් කාන්තාවන් යුගල 18ක් සහභාගි කරගෙන සිදු කළ එම අධ්‍යයනයට අනුව ඔවුන්ගෙන් එක් අයෙකු සමරිසි වන අතර අනෙකා විරුද්ධ ලිංගික සේවනයට කැමැත්තක් දක්වන්නියකි.

පොදුවේ ගත් කළ, සමරිසි කාන්තාවන්ගේ වම් අත්ලේ පමණක් වෙදැඟිල්ල සහ දබරැඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටා තිබෙන බව නිරීක්ෂණය වී තිබේ. මෙවැනි ලක්ෂණ සාමාන්‍යයෙන් දැකිය හැකි වන්නේ පුරුෂයන් තුළය.

පුරුෂ හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් ගර්භාෂයේ වැඩිපුර තැන්පත්ව තිබීම මෙයට එක් හේතුවක් බව එසෙක්ස් විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂකයෝ පවසති.

එක් අයෙකු සමරිසි සහ අනෙකා විරුද්ධ ලිංගික සේවනයට කැමැත්තක් දක්වන, බොහෝ දුරට එක සමාන ශරීර ලක්ෂණ ඇති නිවුන් පුරුෂයන් යුගල 14ක් ද මෙම පරීක්ෂණයට සහභාගි කර ගැනීමට විද්‍යාඥයෝ කටයුතු කළහ. නමුත්, ඔවුන්ගේ ඇඟිලි මැන බැලීමේ දී ඒවායේ දිග සහ ලිංගිකත්වය අතර සම්බන්ධතාවක් නිරීක්ෂණය වී නොමැත.

"බොහෝ සමානකම් තිබෙන නිවුන් සහෝදර සහෝදරියන්ගේ 100%ක්ම එකම ජාන දක්නට ලැබෙනවා. නමුත් ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා වෙනස්විය හැකි වීම, ජානවලට අමතරව සැලකිල්ලට ගත යුතු කරුණක්," ආචාර්ය ට්යුස්ඩේ වොට්ස් පැවසීය.

Archives of Sexual Behaviour නම් සඟරාවේ මෙම ගවේෂණය පිළිබඳ තොරතුරු පළ කර තිබුණි.

"BBC සිංහල"
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top