Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
13
බෝඩිම්කාරයෝ හයදෙනෙක් ඝාතනය කරමින් වසර 83 ක අමිහිරි ජීවිතයක් ගත කළ සුප්‍රසිද්ධ ආච්චි අම්මා

- බෝඩිම්කාරයෝ හයදෙනෙක් ඝාතනය කරමින් වසර 83 ක අමිහිරි ජීවිතයක් ගත කළ සුප්‍රසිද්ධ ආච්චි අම්මාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

62 Views
1929 වසරේ ජනවාරි 9 වැනි දින ‘‘ඩොරතියා පුන්ටේ’’ උපත ලැබුවේ කැලිෆෝනියාවේ රෙඞ්ලන්ඞ්ස් නගරයේය. ඇයට වසර දහයක් වෙන විට දෙමව්පියන් මියගියෙන් ඩොරතියා එතැන් පටන් ළමා නිවාසයක හැදුන වැඩුන ඇය ‘‘ෆ්‍රෙඞ් මැක්හෝල්’’ සමග විවාහ වූවාය. ඒ ඩොරතියාගේ පළමු විවාහයයි.

මෙම විවාහයෙන් දියණයන් දෙදෙනකු ලද අතර ඔවුන් එක් දියණියක් ‘‘සක්‍රමැන්ටෝ’’ ප්‍රදේශයට යවන ලද අතර අනෙක් දියණිය දරුකමට හදා වඩා ගැනීමට පවරා දුන්නාය. 1948 වසරේ ඩොරතියාගේ දරු කලලය ගබ්සා වීම සමග ඇගේ පළමු විවාහය අවසාන විය.

ඇගේ දෙවැනි විවාහයත් දුක්ඛ දෝමනස්සයන්ගෙන් යුක්ත වුවත් කෙසේ හෝ වසර 16 ක් ඩොරතියා එම විවාහය අසීරුවෙන් හෝ පවත්වා ගෙන ගියාය. අවසානයේදී ඇගේ දෙවැනි විවාහයත් දික්කසාදයෙන් අවසාන විය. තෙවැනි වරට ඩොරති විවාහ වූයේ ‘‘රොබට් පුන්ටේ’’ සමගයි. 1966 සිදු වුණ තෙවැනි විවාහයෙන් පසුව ඩොරතියා සිය සැමියාගේ වාසගම වූ ‘‘පුන්ටේ’’ තමාගේ නමට එක් කර ගත්තාය.

1950 දශකයේදී ඇය විසින් සිදු කරන ලද චෙක්පත් වංචාවක් වෙනුවෙන් වසර 10 ක සිරදඬුවමක් නියම වුවත් මාස හයකින් ඇය නිදහස් වූවාය. 1960 වසරේ නැවතත් ගණිකා නිවාසයක් පවත්වා ගෙන බවට ඩොරතියාට එරෙහිව චෝදනා නැගුන අතර දින අනූවක සිර දඬුවමක් පනවන ලදී. සිරගෙදරින් නිදහස ලත් ඩොරතියා හෙදියන්ගේ අත් උදව් වෙනුවෙන් ඉදිරිපත් වූවාය.

1968 වසරේ නැවතත් දික්කසාද වුණ ඩොරති කැලිෆෝනියාවෙන් නිදන කාමර 16 ක් සහිත දෙමහල් නිවාසයක් බෝඩිමක් ලෙස පවත්වා යෑම ආරම්භ කළාය. මේ අතර ඩොරතියා සමාජ සේවිකාවක ලෙසින් වඩාත් ජනප්‍රිය වූයේ ඇය කුලී නිවාස ලබා දීම සමග මත්ද්‍රව්‍ය වෙනුවෙන් ඇබ්බැහි වූවන් සහ මානසික රෝගීන් සුවපත් කිරීම නිසාය. ඇයගේ උදව්වෙන් පුනරුත්ථාපනය ලත් උදවිය වයස අවුරුදු 52 සිට 80 වැනි වයස පරාසයේ වූහ. මනෝ උපදේශිකාවක ලෙසින් ඇය රෝගීන්ගෙන් මුදල් ලබා ගෙන තමාගේ සේවය සපයන ලදී.

1988 වසරේ කුලී නිවැසි ‘‘ඇල්බර්ටෝ මොන්ටෙයා’’ හදිසියේම අතුරුදන් විය. ශාරීරික ලෙසින්ද ආබාධිත ඇල්බර්ටෝ භින්නෝන්මාද රෝගියෙකු විය. එක්තරා සමාජ සේවිකාවක විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ඇල්බර්ටෝගේ අතුරුදන් වීම සහ බලපත්‍ර නැති ඩොරතියාගේ බෝඩිම ගැන සැක සහිත බවයි.

ඩොරතියා මෙම පැමිණිල්ල විභාගයේදී කියා සිටියේ ඇල්බර්ටෝ නිවාඩුවක් ගත කිරීමට ගොස් ඇති බවයි. එහෙත් නිවස පිහිටි ප්‍රදේශයේ පස බුරුල් වූ තැන් ගැන සැකයක් ඇති වූ නිසා පොලිසිය විසින් එම ස්ථානය පරීක්ෂා කිරීමට අවසර ඉල්ලා සිටි අතර ඩොරතියා කිසිදු පැකිලීමකින් තොරව ඒ වෙනුවෙන් අවසර ලබා දුන්නාය.

මම කෝපි කෝප්පයක් බීලා එන්නද...? ඩොරතියා ගේ ඉල්ලීමට අවසර ලැබුණි. ලද ඇසිල්ලෙන් ඇය වහාම ලොස් ඇන්ජලිස් බලා පලා ගියාය. සිදු කරන පරීක්ෂණ වලින් 78 හැවිරිදි වඩුකාර්මික ලියෝනා ඇතුළු හය දෙනකුගේ මළ සිරුරු හමු විය. ඩොරතිට කෝපි කෝප්පය පානය කිරීමට අවසර දීමේ ආදිනව පොලිසියට ඒත්තු ගියේ එවිටයි.

එහෙත් අපරාධකරුවන්ට සැමදා සැඟව සිටින්නට නොහැක. දින පහක් ලොස්ඇන්ජලිස් නගරයේ සිටි ඩොරති ගැන මාධ්‍ය මගින් ලබා දුන් ප්‍රචාරය නිසා ඇය හඳුනා ගැනීම පහසු විය. මේ පුද්ගලයා සමග ඩොරති අවන්හලකදී මිත්‍ර වූවා පමණි. ලද ඔත්තුව ඔස්සේ ඩොරතියා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.

නඩු විභාගයේදී ඩොරතියා කියා සිටියේ ඇය ඉතා මිහිරි අත්තම්මා කෙනෙකු බවයි. සොරකම් වෙනුවෙන් ලද චෝදනා භාරගන්නා නමුත් මිනීමැරුම් චෝදනාවන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ඇය කියා සිටියාය. පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වුණ ‘‘ජෝන් ඔමාරා’’විසින් සාක්ෂිකරුවන් 130 ක් කැඳවන ලදී. එහිදී හඳුනාගත් අන්දමට ඩොරතියා විසින් මෙම කුලී නිවැසියන්ට නිදි පෙති ලබා දී එයින් පසුව හුස්ම හිර කර මරා මිදුලේ වළලා ඇති බවයි. මෙම මළසිරුරු හතේම Dalmane ඖෂධය අන්තර්ගත වී තිබුණි.

අත්අඩංගුවට ගෙන වසර පහක් ගෙවෙන තෙක් නඩු විභාගය පවත්වන ලදී. 1993 වසරේ ඩොරතියා වෙනුවෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය. වසර 83 ක අමිහිරි ජීවිත ගමන 2011 වසරේ මාර්තු 27 වැනි දින බන්ධනාගාරයේදීම අවසාන කළාය.

පුන්‍යා චාන්දනී ද සිල්වා
දිවයින
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top