Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
"හිට්ලර්, නාසි හමුදාව සහ ඔවුන්ගේ ඇවතුම් පැවතුම් තදබල විදිහට උපහාසයට ලක් කරනවා" - දෙවනි ලෝක යුද්ධයට පාර කැපූ ඇඩොල්ෆ් හිට්ලර්ව විහිළුවක් කළ සිනමාපටය - Photos

- "හිට්ලර්, නාසි හමුදාව සහ ඔවුන්ගේ ඇවතුම් පැවතුම් තදබල විදිහට උපහාසයට ලක් කරනවා" - දෙවනි ලෝක යුද්ධයට පාර කැපූ ඇඩොල්ෆ් හිට්ලර්ව විහිළුවක් කළ සිනමාපටය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,033 Views
Jojo තනියම ඉන්න වෙලාවට ඇඩොල්ෆ් ඔහු ලඟට එනවා......

Jojoට හාවා මරන්න බැරි වෙනවා.......

ඇඩොල්ෆ් හිට්ලර් කියන චරිතය පදනම් කරගෙන චිත්‍රපට සෑහෙන ගණනක් මේ වෙද්දී නිර්මාණය වෙලා තියෙනවා. ඒවායින් බොහෝමයකම සිදුවෙන්නේ හිට්ලර්ගේ ජීවිතය ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කරන්න උත්සාහ කිරීමයි.

ගිය අවුරුද්දේදී තිරගත වුණු "Jojo Rabbit" චිත්‍රපටයෙත් අපිට හිට්ලර් කෙනෙක් දකින්නට ලැබෙනවා. නමුත් මෙයා වෙන කොහෙදිවත් අපට දකින්න නොලැබෙණු අමුතුම ආකාරයේ හිට්ලර් කෙනෙක්. මේ හිට්ලර්ගේ විශේෂත්වය තමයි මෙයා ජීවත් වෙන්නේ මිනිසුන්ගේ ඔළු ඇතුළේ වීම.

තමන් පමණක් පිරිසුදු ආර්ය ජාතියට අයිති බව කියමින් ජාතිවාදී අදහස් වපුරන, දත්කූරු කමින්, හිනා වෙමින්, උඩ පනිමින් මිනිස් මනස ආක්‍රමණය කරන්න වෙර දරන මේ අරුම පුදුම හිට්ලර් සහ හිට්ලර් අනුගාමික නාසි හමුදාවට හිත ඇති පුංචි කොල්ලෙක් වුණ, Johannes නැත්නම් Jojoගේ කතාව තමා "Jojo Rabbit" චිත්‍රපටයෙන් දිග හැරෙන්නේ.

Jojo (Roman Griffin Davis) එයාගේ අම්මා Rosie (Scarlett Johansson) එක්ක ජීවත් වෙන ජර්මන් ජාතික කොලුගැටයෙක්. Jojoගේ තාත්තා දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මනිය වෙනුවෙන් සටන් කරන්නට යනවා. Jojoගේ වැඩිමහල් සහෝදරිය Inge, Jojo බොහෝම පුංචි වයසේදී මියගිහින්.

Jojoගේ හොඳම යාළුවා තමා Yorki (Archie Yates) ඊට අමරව Jojoට තව යාළුවෙක් ඉන්නවා. ඒ තමා ඇඩොල්ෆ්... ඇඩෝල්ෆ් හිට්ලර්....! කවුරුවත් ළඟ පාතක නැතිව තනියම ඉන්න වෙලාවට Jojo ළඟට එන ඇඩොල්ෆ් කරන්නේ පුළුවන් තරම් ජාතිවාදී අදහස් Jojoගේ ඔළුවට දාලා නාසිවාදය වෙනුවෙන් වැඩ කරන්න එයාව ධෛර්යමත් කරන එකයි.

නාසිවාදය වෙනුවෙන් පුංචි ළමයින් සහ තරුණයන් පුහුණු කරන කඳවුරකට Jojo සහ Yorki සහභාගී වෙන්නේ ඔය අතරේදීයි. කඳවුර මෙහෙය වන්නේ රට වෙනුවෙන් ඇහැකුත් අහිමි කරගත්ත Captain Klenzendorf (Sam Rockwell) මේ කඳවුරේදී ළමයින්ට සිද්ධ වෙනවා තමන්ට රට වෙනුවෙන් ඕනෑම දෙයක් කළ හැකියි කියලා ඔප්පු කරලා පෙන්වන්න.

ඉතින් මෙතනදී Jojoට කරන්න නියමිත වෙන වැඩේ තමා පුංචි හාවෙක්ව තමන්ගේ අත් දෙකෙන්ම මරා දමන එක. ඔන්න ඔතැනදියි Jojo අමාරුවේ වැටෙන්නේ. තමන් කොයි තරම් නිර්භීතයි කියලා හිතුවත් හාවෙක් මරන්න කිව්ව ගමන් Jojo බය වෙනවා.

මොන තරම් අන්තවාදී අදහස්වලින් ඔළුව පිරුණත් හදවත ඇතුළේ තියෙන Jojoගේ මනුෂ්‍යත්වය එයාට මේ වැඩේ කරන්න ඉඩ දෙන්නේ නෑ. ඉතින් Jojoට හාවා මරන්න බැරි වෙනවා. එතැන ඉඳන් Jojo හාවෙක්වත් මරා ගන්න බැරි බයගුල්ලෙක් විදිහට හංවඩු ගැහෙනවා. ඉහත සිදුවීම නිසා Jojoව විහිළුවට ලක් කරන්න එයාගෙ යාළුවෝ එයාට නමක් පටබඳිනවා. ඒ නම තමා Jojo Rabbit.

එක දවසක් අම්මා ගෙදර නැති වෙලාවක Jojoට ගෙදර එක කාමරයක අමුතු වෙනසක් දකින්න ලැබෙනවා. මේ ගැන වැඩිදුර හොයා බලන Jojo දකින්නේ කාමරය ඇතුළේ තව රහස් ‍ෙදාරක් තියෙන බවයි. රහස් ‍ෙදාරෙන් ඇතුළට යන එයා දකින්නේ මොකක්ද?

Jojoට මුණගැහෙනවා තමන්ගේ ගෙදර ඇතුළේම හැංගිලා ඉන්න යුදෙව් ගෑනු ළමයෙක්ව. එයාගේ නම Elsa. (Thomasin McKenzie) යුදෙව්වෝ කියන්නේ මහ නපුරු, දුෂ්ට ගතිගුණ තියෙන ජාතියක් කියලයි Jojo ඉගෙන ගෙන තියෙන්නේ. යුදෙව්වෙක් දැක්ක ගමන් කරන්න ඕන වැඩේ තමා පුළුවන් තරම් ඉක්මනට හිට්ලර්ගේ රහස් පොලිසිය වන Gestapo එකට දැනුම් දෙන එක. නාසින්ට අහුවෙන යුදෙව්වන්ට වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

ඉතින් Jojo සූදානම් වෙන්නෙත් මේ යුදෙව් ගෑනු ළමයාට ඒ ඉරණම අත්කරලා දෙන්නයි. ඉතින් Elsaව Gestapo එකෙන් අල්ලා ගනීද? ඊට පස්සේ Jojoට මොකක්ද වෙන්නේ?

Jojo Rabbit තිරපිටපත ලියැවෙන්නේ Christine Leunens නම් ලේඛිකාවගේ "Caging Skies" කියන නවකතාව පදනම් කරගෙනයි. මේ චිත්‍රපටයේ පිටපත ලියමින්, අධ්‍යක්ෂණය කරමින්, හිට්ලර්ගේ චරිතයත් රඟදක්වන්නේ නවසීලන්ත ජාතික සිනමාකරුවෙක් වුණ Taika Waititi විසිනුයි.

Taikaගේ මව යුදෙව් ජාතික කාන්තාවක් වන අතර ඔහුගේ පියා මඕරි ගෝත්‍රයට අයත් වෙනවා. හිට්ලර් කෙරෙහි තමන්ගේ ඇති අප්‍රසාදය පළ කිරීමට හොඳම ක්‍රමය එම චරිතය රඟපෑම බව Taika විශ්වාස කළා. Taika, Jojo Rabbit චිත්‍රපටයේදී හිට්ලර් නාසි හමුදාව සහ ඔවුන්ගේ ඇවතුම් පැවතුම් බොහෝම තදබල විදිහට උපහාසයට ලක් කරනවා.

සාමාන්‍යයෙන් දෙවැනි ලෝක යුද්ධය මුල් කරගෙන නිමැවුණු චිත්‍රපටවල දකින්න ලැබෙන්නේ අඳුරු, දුක්බර ස්වරූපයක් වුණත් Jojo Rabbit චිත්‍රපටය පුරා දකින්න ලැබෙන්නේ සැහැල්ලු විනෝදාත්මක ස්වරූපයක්.

තමන්ගේ සිනමා පටයේ පසුතල සහ ඇඳුම් නිර්මාණ ඉතාම අලංකාරවත්ව තිබීමට තමාට අවශ්‍ය වූ බව මේ අධ්‍යක්ෂවරයා වරක් ලෝකයාට ප්‍රකාශ කර සිටියා. ඔහු කියන්නේ ඒ මිනිසුන්ගේ ජීවිතවල පී්‍රතිමත් බව යටින් දිවෙනා අන්ධකාරය තමන්ට චිත්‍රපටයෙන් පෙන්වා දීමට අවශ්‍ය වුණු බවයි.

ඒ නිසා Jojo Rabbit නරඹන කෙනකුට විඳගන්න ලැබෙන්නේ බොහෝම වර්ණවත් සහ විනෝදවත් නමුත් ජාතිවාදයේ අඳුර නිසා මිනිසුන් තුළ මනුෂ්‍යත්වය කොයි තරම් පරිහානියකට ලක් වෙනවද කියා හොඳින්ම දැනෙන සිනමා අත්දැකීමකුයි.

"මව්බිම"
හෂාන් රන්දික ඩයස්



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top