Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
"මොකද්ද කියලා හිතන්න බැරි අමුතු රෝගයක්.." - බල්ලො-පූසොත් පාරට වීසි කරපු, ලොවක් කැළඹූ කොරෝනා උමතුව ගැන කවුරුත් නොදන්න කතාවක් - Photos

- "මොකද්ද කියලා හිතන්න බැරි අමුතු රෝගයක්.." - බල්ලො-පූසොත් පාරට වීසි කරපු, ලොවක් කැළඹූ කොරෝනා උමතුව ගැන කවුරුත් නොදන්න කතාවක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,423 Views
වූහාන්වල පමණක් මිලියන 11කට වැඩි ජනතාවක්...
ඇමරිකාව හා චීනය අතර සටනක ප්‍රතිඵලයක්ද?
චීනය යහපත් ප්‍රතිචාර නොදැක්වූ බවට ඇමරිකාව කළ චෝදනාව..
 
"මොකක්දැයි හිතා ගන්න බැරි අමුතු රෝගයකින් මගේ රෝහලේ ලෙඩුන් හත්දෙනෙක් අසාධ්‍ය වෙලා ඉන්නවා. ඔවුන් සියලු දෙනා නිරෝධායනයට යැව්වා"
 
මේ වෛද්‍ය ලී වෙන්ලියැංග් පෞද්ගලික කතාබහ ගොනුවකට (Chat Group) එක් කළ සටහනයි. ඒ පසුගිය දෙසැම්බර් 30 වැනිදායි. වූහාන් නගරයේ සිට මේ සටහන එක් කළ පසු ඊට ප්‍රතිඋත්තර හා ප්‍රතිචාර වශයෙන් ඉනික්බිති බොහෝ දේ සටහන්ව තිබිණි.
 
"ආයෙමත් සාර්ස් එනවාද?" තව වෛද්‍යවරයකු අසා තිබිණි.

ඒ රාත්‍රියේම වූහාන් මධ්‍යම නගර සෞඛ්‍ය අධිකාරිය වෛද්‍ය ලී කැඳවූයේ මේ ප්‍රකාශය ගැන දැන ගන්නටය. එබන්දක් ප්‍රසිද්ධියට පත් කිරීම මඟින් වරදක් කළ බව පිළිගනිමින් පොලිස් ලියැවිල්ලකට අස්සන් කරන්නටද ඊට තුන් දිනකට පසු ලී වෙන්ලියැංග්ට සිදුවිය.
 
ඒ නව කොරෝනා වයිරසය ගැන ඉඟියක් නිකුත්වූ මුල්ම අවස්ථාව විය. එවක් පටන් අද දවස දක්වා තත්ත්වය සැකෙවින් හෝ නොදන්නා කෙනකු නැති තරම්ය. ඇතැම් මාධ්‍ය මෙහි බියජනක බව පෙන්වූයේ වූහාන් නගරයේ රෝහල් අසල මඟ වැටී මියගොස් සිටි රෝගීන්ගේ ඡායාරූප පවා එක් කරමිනි. ඊට ප්‍රතිවිරුද්ධ වශයෙන් චීන බලධාරීන් මේ වසංගතය වාර්තා කළේ යම් වාරණයක්, සීමාවක් සහිතවය.
 
දෙසැම්බර් 31 වැනිදා චීන රජය මේ අනතුර පිළිබඳ WHO දැනුවත් කරන්නට කටයුතු කළ අතර මේ රෝගය පැතිර යන්නට මුල් වූයේ යැයි කියන මත්ස්‍ය හා මාංස වෙළෙඳ සංකීර්ණය ඊට පසු දින වසා දමන්නට යෙදුණි. තවත් දින හත අටකින් ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කළේ මෙය එක්තරා අන්දමක කොරෝනා වයිරසයකින් බෝවන්නා වූ රෝග තත්ත්වයක් බවයි.
 
බොහෝ දෙනාගේ අදහස වූයේ මේ වූ කලී ඇමෙරිකාව සහ චීනය අතර ඇති ආර්ථික සටනේ ප්‍රතිඵලයක් බවය. එය හරිහැටිම කියන්නට අප තවමත් ඉක්මන් නමුත් චීනය දිගින් දිගටම ඇමෙරිකානු උදවු ප්‍රතික්‍ෂේප කර සිටීම කුහුල දනවන්නක් විය. ඇමෙරිකාව පවසා තිබුණේ ඔවුන් තුන් වතාවක්ම තම විශේෂඥ දැනුමින් චීනයට උදවු කරන්නට ඉදිරිපත් වුවද ඒ තුන් වතාවේම චීනය ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ බවයි.
 
මධ්‍යම චීනයේ වැඩිම ජනගහනයක් වෙසෙන නගරයක් වන වූහාන් ගැන සොයන්නට බොහෝ දෙනා උනන්දු වී තිබුණු බවක් පෙනිණි. මිලියන 11ක ජනතාවක් වෙසෙන මේ නගරය පුරා නව කොරෝනා වයිරසය පැතිර යන්නට පටන් ගනිද්දී ලෝක අවධානය යොමු වූයේ එහි සිරවී සිටින විදේශිකයන් පිළිබඳවය. එක් අතකින් ඔවුන් එතැනින් මුදා ගැනීමේ අනුකම්පාවෙන්ද අනෙක් අතට වූහාන් සංචාරයකින් පසු ආපසු ගම්බිම් බලා යන පුද්ගලයන් දෙස මහත් භීතියකින් යුතුව බලන්නටද පටන් ගැනිණි.
 
විශේෂයෙන්ම වූහාන් නගරය හරහා දුම්රිය ගමනක යෙදුණු හොංකොං ජාතිකයකු ආපසු පැමිණීමෙන් දින දෙකකට පසු මියයෑමේ සිද්ධිය ඇති කළේ භීතියකි. බොහෝ රාජ්‍ය වූහාන් නගරයේ කොටු වී සිටි ඒ ඒ රටවලට අයත් පුද්ගලයන් ආපසු කැඳවා ගන්නට පිඹුරුපත් සකසද්දී අප කල්පනා කරන අන්දමට වඩා නිර්භීතව පියවර ගත්තේ "ශ්‍රී ලන්කන්" ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයයි.
 
ඔවුන් මහත් අවදානමක් දරමින් වූහාන් නගරයට ළඟාවී එහි කොටුවී සිටි ශ්‍රී ලාංකික සිසුන් කණ්ඩායම පෙරළා මවුරටට ගෙන ආවේ වීර චාරිකාවක් විලසිනි. එහෙත් ඒ පිටුපස සැඟව තිබිණු අභාග්‍යසම්පන්න ආරංචියක්ද කනින් කොනින් අසන්නට ලැබිණි. එනම් මේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගේ දරුවන් දවස් පහළොවක් යන තුරු පාසලට භාර නොගන්නට ඇතැම් පාසල් බලධාරීන් ගත් තීරණයයි.
 
කොරෝනා වයිරසය සමඟම පාහේ අසන්නට ලැබුණු තවත් කාරණයක් වූයේ මනුස්සකම පිළිබඳ කතාන්දරයයි. පළමුවෙන්ම එය අෑඳුණේ මාස්ක් (මුඛ ආවරණ) සම්බන්ධවයි. උෟරන් කැකුණ තළද්දී හබන් කුකුළන්ට රජමඟුල් කියන්නාක් මෙන් මාස්ක් මිල අහස උසට ඉහළ නංවන්නට ඇතැම් කළුකඩකාරයන් කටයුතු කිරීම ගැන මුල් දින කිහිපයේදී අසන්නට ලැබිණි. පසුව එයට උපරිම මිලක් තීන්දු කෙරුණු බවත් පැවැසිණි. අප රටේ පමණක් නොව චීනයේද ඇතැම් ව්‍යාපාරිකයන් මුඛ වැසුම් ගිනි ගණනට විකිණු­ බව අසන්නට ලැබුණේ ඔවුන්ගේම මාධ්‍ය හරහායි. එහෙත් වහා ක්‍රියාත්මක වූ චීන බලධාරීන් ඔවුනට නිසි පාඩම කියාදුන්නේ එම ව්‍යාපාරික ආයතනවලට ඉතා ඉහළ දඩ මුදල් පනවමිනි.
 
අනෙක් අතට චීන ජාතිකයන් පිළිකෙව් කිරීම ලංකාවේද බොහෝ රටවලද දකින්නට ලැබිණි. සමහර වෙළෙඳ ආයතන චීන ජාතිකයන්ට පහසුකම් නොසපයන බවට දැන්වීම් පවා පළකර තිබෙනු සමාජ ජාලා පුවත් හරහා අපට දැකගන්නට පිළිවන් විය.
 
බොහෝ දියුණු යැයි පැවැසෙන එංගලන්ත සමාජය තුළ පවා චීනුන්ට එරෙහි පිළිවෙතක් දක්නට ලැබුණු බව පැවසෙයි. එක්සත් රාජධානියේ සේවය කරන චීන ජාතිකයන් මෙන්ම චීන ශිෂ්‍යයන්ද මේ පීඩනයට ලක්වූ බවද ගාර්ඩියන් පුවත්පත සවිස්තරව දක්වා තිබිණි.
 
චීනය හා ගමනාගමන පහසුකම් අත්හිටුවා දමන්නට බොහෝ ගුවන් සමාගම් කටයුතු කිරීමද ගෙවුණු දෙසතිය තුළ දකින්නට හැකි විය. ඊට අමතරව රුසියාව, චීනය දක්වා වූ තම දුම්රිය සේවයද නවතා දමන්නට කටයුතු කළේය. මෙය ආර්ථිකය කෙරෙහිද දැඩි බලපෑමක් ඇති කරන්නට සමත්ව තිබෙන බව පැවැසෙයි. චීනයේ බොහෝ ප්‍රදේශවල මෙන්ම හොංකොං ප්‍රදේශයද තම අධ්‍යාපන ආයතන වසා දමන්නට කටයුතු කර තිබේ. පෙර පාසල්වල සිට විශ්වවිද්‍යාල කිහිපයක් දක්වා වූ ආයතන ගණනාවක් මාර්තු මාසය දක්වා වසා දමන්නට ඔවුහු පියවර ගත්තෝය.
 
වූහාන් ප්‍රදේශය තුළ මාතෘ ශරීරාගාර මෙන්ම ආදාහනාගාරද මළ සිරුරුවලින් පිරී ගොස් ඇති අන්දම පෙන්වන වීඩියෝ පට කිහිපයක්ද දැන් දැන් සමාජ ජාලා හරහා සංසරණය වන්නට පටන් ගෙන තිබේ.
 
කොරෝනා ආසාදනයේ දරුණු බව පෙන්වන සිදුවීමක් ගෙවුණු සතියේ මැද අපට දැකගන්නට ලැබිණි. යන්තම් දවසක් පමණක් වයසැති බිලිඳකුටද මේ රෝගය වැලඳී තිබිණි. පීපල්ස් ඩේලි පුවත්පත සඳහන් කර තිබුණේ කොරෝනා වයිරසය ගර්භාශය තුළදී පවා ආසාදනය වන්නට තරම් දරුණු බවයි.
 
ඇතැම් ප්‍රදේශවල ජනතාව නොසන්සුන් වන්නට පටන්ගෙන තිබෙන බවක්ද මේ අතරවාරයේ අපට දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම Wenzhou නගරය වසා දමන්නට එරට බලධාරීන් ගත් තීරණයට එරෙහිව මතුවූ විරෝධය කැරැල්ලක් තරම් බරපතළව පැනනැඟුණු අතර එය සමනය කරන්නට පොලිසිය පවා යොදවන්නට සිදුවූ බවක් පැවසෙයි. චීන ජාතිකයන් බොහෝ දෙනා තවමත් චීන රජයට ඇඟිල්ල දිගු කරන්නේ තමන් මැරෙන්නට හැර තිබෙන බවක් පවසමිනි.
 
මේ අතරවාරයේ තවත් අභාග්‍යයකට මුහුණ පාන්නට සිදුවූයේ සුරතල් සතුන්ටය. මේ වයිරසයේ ව්‍යාප්තිය සතුන්ගෙන් ඇරැඹුණු බවක් පැවැසුණද ගෙදර ‍ෙදාරේ සුරතල් සතුන්ගෙන් එය බෝවන බවක් තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැත. එහෙත් කටකතා ස්වරූපයෙන් පැතිර ගිය ප්‍රවෘත්තියක් හේතුවෙන් කලබලයට පත් වූහාන් වැසියන් බොහෝ දෙනකු තම නිවෙසේ සුරතලයට ඇති දැඩි කළ බල්ලන්, බළලුන් අතහැර දමන්නට කටයුතු කර තිබිණි. ඇතැම් පුද්ගලයන් තට්ටු නිවාසවල සිටම ඔවුන් මහමඟට විසි කර දමා තිබුණු අයුරු විවිධ මාධ්‍ය ඔස්සේ අපට දැක ගන්නට ලැබිණි.
 
Macau හෙවත් කැසිනෝ රාජධානියද මාසයකට වසා දමන්නට චීන බලධාරීන් තීරණය කර තිබේ. ලෝකයේ සූදු අගනගරය වසා දැමීම හේතුවෙන් ලොව කැසිනෝ ව්‍යාපාරයට බලවත් පහරක් එල්ල වන බව සඳහන්ය. ප්‍රධාන පෙළේ කැසිනෝ මධ්‍යස්ථාන 41ක් පිහිටා ඇති Macau ප්‍රදේශයෙන් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සැක කෙරෙන පුද්ගලයන් දස දෙනකු මේ වන විට සොයාගෙන තිබේ.
 
පාලිත ජයකොඩි
මව්බිම


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top