Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
11
හිටපු ඇමති පාඨලී ඇරැඹූ ව්‍යාපෘතියට විරෝධය පළකරමින් ධීවරයන් ඇලකන්දට එයි - Video

- හිටපු ඇමති පාඨලී ඇරැඹූ ව්‍යාපෘතියට විරෝධය පළකරමින් ධීවරයන් ඇලකන්දට එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,356 Views
හැඳල සිට පමුණුගම දක්වා මුහුදූ තීරයේ ධීවර කටයුතු වල නිරත වන ධීවරයින් වත්තල, ඇලකන්ද මංසන්ධිය හරස් කරමින් අද විරෝධතාවක නිරත වුණා.

ඔවුන් මෙලෙස විරෝධතාවේ නිරත වුණේ පසුගිය ආණ්ඩුවේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ආරම්භ කෙරුණු ව්‍යාපෘතියක් හේතුවෙන් සිය ධීවර කටයුතු වලට බාධා මතුව ඇති බවට පවසමින්.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මූලිකත්වයෙන් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ මුහුදු වැලි සෝදා ඇසුරුම් කිරීමේ ව්‍යාපෘතියක් මුතුරාජවෙල ප්‍රදේශයේ ආරම්භ කෙරුණේ පසුගිය නොවැම්බර් මාසයේදීයි.
 

කෙසේවෙතත්, ජාතික නිදහස් වෘත්තීය සේවක සංගමය පසුගියදා එම කර්මාන්ත ශාලාවේ කළ නිරීක්ෂණයකදී අනාවරණය වුණේ මෙම ව්‍යාපෘතිය අසාර්ථක සහ දූෂිත එකක් බවයි.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුහුදු වැලි දික්ඕවිට මුහුදු තීරයෙන් ලබාගැනීම හේතුවෙන් සිය කටයුතුවලට දැඩි බලපෑම් එල්ලවන බව ප්‍රදේශයේ ධීවරයින් එම වකවානුවේදීද චෝදනා කළා.

මෙයට විරෝධය දක්වමින් සිය බෝට්ටු භාවිතා කරමින් අදාල වැලි කැණීම සඳහා පැමිණි නැව ආපසු හරවා යැවීමටද ධීවරයින් එක් අවස්ථාවකදී කටයුතු කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top