Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
10
මාරාන්තික නව කොරෝනා වෛරසය නිසා සති කිහිපයකින් නිවසට නොපැමිණි පොලිස් නිලධාරිනියක වන සිය දියණිය බැලීමට පැමිණි මවකගේ සංවේදී වීඩියෝවක් අන්තර්ජාලයට - Video

- මාරාන්තික නව කොරෝනා වෛරසය නිසා සති කිහිපයකින් නිවසට නොපැමිණි පොලිස් නිලධාරිනියක වන සිය දියණිය බැලීමට පැමිණි මවකගේ සංවේදී වීඩියෝවක් අන්තර්ජාලයට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,193 Views
වෛරසය ආසාදනයවීමෙන් මියගිය පිරිස මේ වනවිට 910 දක්වා ඉහළට.

මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය පිරිස මේ වනවිට 910 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් මරණ 97ක්ම වාර්තා වූයේ ගතවූ පැය 24 තුළයි.

එය දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙස සැලකෙනවා.
 

මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනයවූවන් 43,612ක් ලොව රටවල් 27කින් පමණ මේ වනවිට වාර්තා වනවා.

ඉන් ආසාදිතයන් 40,171ක්ම හමුව ඇත්තේ චීනයෙන්.

මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 910ක් මරණයට පත්ව ඇති අතර, චීනයෙන් පිටත සිදුව ඇත්තේ මරණ 2ක් පමණයි.

චීන ජාතික සෞඛ්‍ය කොමිසමේ දෛනික වාර්තාවලට අනුව සුවය ලැබූ පුද්ගලයන් 3281 ක් රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

චීන බලධාරීන් පවසන්නේ අලුතින් වෛරසය ආසාදනයවීමේ ක්‍රමානුකූල අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල්වල ඉඩකඩ සීමිතවීම හේතුවෙන් බොහෝ රාජ්‍ය ආයතන සහ පොදු ස්ථාන පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ රෝහල් බවට පත් කිරීමට බලධාරීන් පියවර ගන්නා ආකාරයයි මේ.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වූ මව්වරු තිදෙනෙකු බිහිකළ බිළිඳුන් තිදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය නිරන්තර පරීක්ෂාවන්ට ලක් කරන බව චීන මාධ්‍ය වාර්තා කළා.

කොරෝනා ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයන් අනිවාර්ය වෛද්‍ය පර්යේෂණවලට යොමු කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එම පරීක්ෂණවලට සහය නොදී සැඟව සිටි පුද්ගලයෙකු අල්ලා ගැනීමට වූහාන් හි වීථි දිගේ බලධාරීන් ලුහුබඳින ආකාරයයි මේ.

මේ අතර, ලුනාර් නව අවුරුදු නිවාඩුව අදින් අවසන් වුවත් තෝරාගත් සේවා ස්ථාන පමණක් විවෘත කිරීම, සේවා මුර කාල සීමා කිරීම හේතුවෙන් බීජිං ඇතුළු නගර රැසක තවමත් ජනතාවගේ ගැවසීම අවම මට්ටමක පවතිනවා.

මේ අතර, පවතින තත්ත්වය හමුවේ සති කිහිපයකින් නිවසට නොපැමිණි පොලිස් නිලධාරිනියක වන සිය දියණිය බැලීමට ආහාර පාන ද රැගෙන මවක් පැමිණෙන ආකාරය දැක්වෙන සංවේදී දර්ශනයක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මේ අතර, ග්වැන්ෂූ හි දකුණු චීන කෘෂිකාර්මික විශ්වවිද්‍යාලයේ පර්යේෂණවලට අනුව කබැල්ලෑ විශේෂයක් මගින් නව කොරෝනා වෛරසය මිනිසුන්ට ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබෙනවා.

මේ අතර, චීනයෙන් පිටත රටවල කොරෝනා වෛරසය ආසාදනයවීම පිළිබඳ වාර්තා වන තොරතුරුවලට වඩා ඉහළ මට්ටමක පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
මේ අතර, නව කොරෝනා වෛරසය හා ශ්‍රී ලංකාව ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් අද කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදහස් පළ කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top