Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
10
කොරෝනා වෛරසය පැතිරීම ගැන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇගවීම

- කොරෝනා වෛරසය පැතිරීම ගැන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇගවීමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,063 Views
නව කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 8 දක්වා ඉහළ යාමත් සමඟ බ්‍රිතාන්‍ය රජය වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා නව පියවර ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ වෛරසය මහජන සෞඛ්‍යය සඳහා නියත සහ බරපතල අවදානමක් බවයි.

ඒ අනුව චීනයේ වූහාන් වෙත සංචාරය කර පැමිණෙන පුද්ගලයන් වෙන් කර පරීක්ෂා කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන හිමි වන බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
 

නව පියවර ප්‍රකාශයට පත් කර ඇත්තේ එවැනි පුද්ගලයන් දින 14ක් වෙන් කර තැබීමට දැනටමත් පවතින රෙගුලාසිවලට අමතරවයි.

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 40,600 ඉක්මවා ඇති අතර, මරණ 910ක් වාර්තා වුණා.

චීනයේ 40,000 ඉක්ම වූ ආසාදියන් හැරුණු කොට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ජපානයේ යොකොහමා වරායට ඔබ්බෙන් නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන්.

එහි තවත් ආසාදිතයන් 60 දෙනෙකු ඊයේ සොයා ගැනුණු අතර ඒ අනුව මුළු ආසාදිත සංඛ්‍යාව 136ක් ලෙස සටහන් වනවා.

ආසාදිතයන් 43 දෙනෙකු වාර්තා වන්නේ සිංගප්පූරුව වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයන් රදවා තැබීමේ ස්ථාන රැසක් සකස් කර ඇති අතර, ඒවායේ සිංගප්පූරු පොලිස් බලකායට අයත් පොලිස් නිලධාරීන් 180 දෙනෙකු ද යොදවා ඇති බව සඳහන්.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ චීනයේ සංචාරය නොකළ පුද්ගලයන් අතර ද කොරෝනා වෛරසය ආසාදනය වීම පිළිබඳ තොරතුරු සියල්ල වාර්තා වන්නේ ද යන්න සැකසහිත බවයි.

මේ නිසා චීනයෙන් පිටත අනෙකුත් රටවල කොරෝනා වෛරසය ආසාදනය වීම ඉහළ මට්ටමක පැවතිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම්ගේ අදහසයි.

එම රටවලින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව සැබෑ ආසාදිතයන්ගේ සංඛ්‍යාව නියෝජනය නොකරන බවයි ඔහු ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කළේ.

එමෙන්ම, හුබෙයි ප්‍රාන්තය හැර චීනයේ අනෙකුත් ප්‍රදේශවලින් කොරෝනා වෛරසය ආසාදනය වූ බවට දෛනිකව තහවුරු වන රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එහි තොරතුරු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලැජියෑන් ෂා ඕ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ පෙබරවාරි 3 වනදා වනවිට චීනයේ අනෙකුත් ප්‍රදේශවලින් වෛරසය ආසාදනය වූ රෝගීන් 890 ක් වාර්තා වූ බවයි.

මේ අතර, මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාව තවදුරටත් අයි.ඩී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

ඇය සම්බන්ධයෙන් සිදුකළ ජෛව සාම්පල වාර්තාවක් ද පරීක්ෂණ සඳහා හොංකොං වෙත යැවීමටයි බලධාරීන් කටයුතු කර තිබුණේ.

කොරෝනා වෛරසයෙන් පීඩා විදින වූහාන් නගරවාසීන්ට මෙරට තේ කිලෝ 600ක් පරිත්‍යාග කිරීමට ලක් රජය තීරණය කළා.

පසුගිය දා මෙරට චීන තානාපතිවරයා හමුවූ අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එහි කොටසක් සංකේතාත්මකව ලබාදුන් අතර ඉතිරිය බීජිං නුවර පිහිටි මෙරට තානාපති කාර්යාලය හරහා වූහාන් වැසියන්ට බෙදාදීමට පියවර ගෙන ඇති බවයි තේ මණ්ඩලය සඳහන් කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top