Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
08
ලෝකයක්ම කම්පා කළ කොරෝනා මරණ සංඛ්‍යාව 724 දක්වා ඉහළට - අනතුරු ඇඟවූ චීන වෛද්‍යවරයාගේ මරණය නිසා කෝප වූ පිරිස් සමාජ මාධ්‍ය කළඹයි - Photos

- ලෝකයක්ම කම්පා කළ කොරෝනා මරණ සංඛ්‍යාව 724 දක්වා ඉහළට - අනතුරු ඇඟවූ චීන වෛද්‍යවරයාගේ මරණය නිසා කෝප වූ පිරිස් සමාජ මාධ්‍ය කළඹයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22 Views
ලොව පුරා ආසාදිත සංඛ්‍යාව 34,866ක්...
ජපානයේ හා තායිලන්තයේ ආසාදිතයින් 25 බැගින්..
කොරෝනා බවට සැක තරුණියක් අනුරාධපුර රෝහලට..
 
මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 724 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
ඉන් මරණ 722ක් මාර්තා වන්නේ චීනයෙන්. වෛරසයේ කේන්ද්‍රය වූ හුබෙයි ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති නව මරණ සංඛ්‍යාව 86ක්.
 
ගත වූ පැය 24 තුළ චීනයෙන් නව ආසාදිතයන් 3999 ක් වාර්තා වී ඇති අතර, ලොව පුරා ආසාදිත සංඛ්‍යාව 34,866ක් ලෙසයි සටහන් වන්නේ.

ඉන් චීනයේ ආසාදිත සංඛ්‍යාව 34,500කට අධිකයි.
 
චීනයෙන් පිටත වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් එනම්, 61ක් ජපානයේ යොකොහමා නුවරට ඔබ්බෙන් නැංගුරම් ලා ඇති ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවෙන් වාර්තා වන අතර සිංගප්පූරුවෙන් ආසාදිතයන් 33ක් වාර්තා වනවා.
 
ජපානයේ සහ තායිලන්තයේ ආසාදිතයන් 25 බැගින් සිටින අතර හොංකොං සහ දකුණු කොරියාවේ ආසාදියන් 24 බැගින් වාර්තා වී තිබෙනවා.
 
මේ අතර, කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් ඊයේ මරණයට පත්වූ කොරෝනා වෛරසය ගැන මුලින්ම අනතුරු ඇගවීමක් සිදුකළ චීන ජාතික වෛද්‍යවරයාගේ මරණය පිළිබඳ කෝපයට පත් වූ පිරිස් සමාජ ජාලා ඔස්සේ කෝපාන්විත ප්‍රතිචාර නිකුත් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
 
ඊට හේතුවී ඇත්තේ අදාළ වෛද්‍යවරයා කොරෝනා වෛරසය පිළිබඳ මුල් වරට නිවේදනය කර සිටියදී ඔහු සාවද්‍ය ප්‍රකාශ සිදුකිරීම මගින් සමාජයේ පැවැත්මට දැඩි ලෙස බාධා එල්ල වන බවට එරට මහජන ආරක්ෂක කාර්යාංශයට ඔහුට චෝදනා එල්ල කිරීමයි.
 
34 හැවිරිදි දලී වෙන්ලියැන් නැමැති එම වෛද්‍යවරයා රෝගය පිළිබදව පසුගිය දෙසැම්බර් 30 වන දා අනතුරු ඇගවීමක් කළේ සිය වෛද්‍ය සඟයන්ට පණිවුඩ යවමින්.
 
ඔහු කියා සිටියේ නව කොරෝනා වෛරසය 2002 - 2003 කාලය තුළ පැතිරුණු සාර්ස් රෝගය මෙන් වසංගතයක් විය හැකි බවයි.
 
චීන බලධාරීන් ව්‍යාජ කට කතා පතුරුවන බවටත් සමාජය වියවුල් කරන බවටත් ඔහුට චෝදනා කළ අතර පොලීසිය වෙත කැදවා අනතුරු ඇගවීමක් ද කර තිබෙනවා.
 
කෙසේ නමුත්, පසුව කෙරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යාමටත් මරණ සංඛ්‍යාව ඉහළ යාමටත් පටන් ගත් අතර, වෛද්‍ය ලී වෙන්ලියැන්ටද වෛරසය ආසාදනය වූයේ වූහාන් රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටියදියි.
 
මේ අතර, මාර්තු මස නිවාඩු කාල සීමාව අවසන් වනතුරු පාසල් සහ අන්තර් පාසල් හා ඇතැම් අධ්‍යාපන බාහිර කටයුතු අත්හිටුවන බවට සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.
 
පාසල් ක්‍රීඩා උත්සව, අධ්‍යාපන චාරිකා සහ කඳවුරු පැවැත්වීම ද ඒ අනුව තාවකාලිකව අත්හිටුවීමට එරට රජය පියවර ගෙන ඇත්තේ.
 
එමෙන්ම, සිංගප්පූරු වැසියන් මෙම වෛරසය හේතුවෙන් ඉතාමන් කනස්සල්ලෙන් පසුවන බවත් වෛරසය පිලිබඳ ඇතැම් තොරතුරු තවමත් ප්‍රකාශ කළ නොහැකි බවත් එරට සෞඛ්‍ය අමාත්‍ය ගන් කිම් යොං ප්‍රකාශ කර තිබෙනවා.
 
තත්ත්වය පාලනය කරනතුරු සිංගප්පුරු වැසියන් ආරක්ෂාකාරිව තබා ගැනීමට උපරිමයෙන් කටයුතු කරන බවයි ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
 
මේ අතර, චීනයේ සිට තම රට වෙත පැමිණෙන සියලූ පුද්ගලයින් බලහත්කාරයෙන් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට හොංකොං බලධාරින් කටයුතු කර තිබෙනවා.
 
ඒ අනුව, ඊට අදාල ස්වෙච්ඡා හමුදාවක් යෙදවීමට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
 
මේ අතර, දේශසීමා හරහා හොංකොං රාජ්‍යයට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු අද සිට දින 14 ක කාලයක් නිරෝධායනයකට මුහුණදීම අනිවාර්ය වන බවයි හොංකොං රජය ප්‍රකාශ කර ඇත්තේ.
 
එමෙන්ම, කොරෝනා වෛරසය වැළඳීම අවම කිරීමට භාවිත කරන මුඛ ආවරණ සහ වෙනත් ආරක්ෂක උපකරණවල හිඟයකට ලෝකය මුහුණදී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.
 
එම උපකරණ නිෂ්පාදනය සිදුකිරීමට පවතින බාධා කඩිනමින් විසඳීමට, එම ආරක්ෂක උපකරණ නිෂ්පාදනය කරන සහ සැපයීම සිදුකරන සාමාජිකයින් සමඟ තා සඳහන් කළා.
 
මේ අතර, නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන 23 හැවිරිදි තරුණියක් අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
 
අනුරාධපුර - හිදෝගම ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය කටුනායක ගුවන්තොටුපලේ සේවය කරන බවයි අනාවරණ වී ඇත්තේ.
 
මේ අතර, හම්බන්තොට ප්‍රදේශයේ කාන්තාවක්, ඇයගේ අලූත උපන් බිලිඳා සමග උණ රෝගයක් හේතුවෙන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඇය සහ දරුවා අංගොඩ IDH රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top