Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
08
"ලංකාවේ ජනතාවට ඇතිවුණු කරදරය හා බිය ගැන මම සමාව ඉල්ලනවා. මට සමාවෙන්න!" - මෙරටින් හමුවුණු පළමු කොරෝනා රෝගී චීන කාන්තාව මුල් වරට කියූ දේ මෙන්න

- "ලංකාවේ ජනතාවට ඇතිවුණු කරදරය හා බිය ගැන මම සමාව ඉල්ලනවා. මට සමාවෙන්න!" - මෙරටින් හමුවුණු පළමු කොරෝනා රෝගී චීන කාන්තාව මුල් වරට කියූ දේ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,738 Views
මාව බේරාගන්න ඔවුන්ට පරීක්ෂණ ගොඩක් කරන්න වුණා...
ඒ කාලය මට ඉතාමත්ම කරදරකාරී අමාරු මානසික තත්ත්වයක් වුණා..
මම අඬනවා දැකලා ප්‍රධාන හෙද නිලධාරිනියක් මාව දිරිමත් කළා...
 
මාරාන්තික කොරෝනා රෝගයට ගොදුරු වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන චින ජාතික කාන්තාව දැන් සූදානම් වී සිටින්නේ තම මවු රට බලා යෑමටය.
 
සම්පූර්ණයෙන්ම එම ආසාදන තත්ත්වයෙන් ගැලවී සිටින ඇය සිනාමුසු මුහුණින් හා අති ගෞරවනීය ආකාරයෙන් මතක් කරන්නේ සෞඛ්‍ය සේවයට සම්බන්ධ අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අති උතුම් සේවාව ගැනය.

කොරෝනා රෝගයට ගොදුරුව ජීවිත විශාල සංඛ්‍යාවක් නැති වෙද්දී තවත් දහස් ගණනක් පීඩා විඳිද්දී අයි.ඩී.එච්. රෝහලේ එම කාර්ය මණ්ඩලය ජීවිත අවදානමක් ගෙන මේ චීන කාන්තාව රැකබලාගත්තේ, ප්‍රතිකාර කළේ මනුෂ්‍යත්වය පිරි හදවතිනි.
 
“මම මුලින්ම රෝහලට ඇතුළත් කළ වෙලාවේ හැමෝම බයවෙලා හිටියා... මමත් කලබල වෙලා හිටියා..”
 
“ඒ වෙලාවේ මම අඬනවා දැකලා ප්‍රධාන හෙද නිලධාරිනියක් මා ළඟට ඇවිත් මාව දිරිමත් කළා. මට අවශ්‍ය හැමදේම ළඟට ගෙනත් දුන්නා.”
 
“ඒ වගේම තමයි වෛද්‍යවරු. ඔවුන් මා ළඟට ඇවිත් මාව සැනසුවා. මගේ බිය නැති කළා.”
 
“ශ්‍රී ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍රයට සම්බන්ධ නියෝජිතවරුනුත් මාත් එක්ක අන්තර්ජාලය හා සම්බන්ධ වුණා. මගේ දුක සැප විමසුවා.”
 
42 හැවිරිදි ලූවෝ යං නමැති මෙම කාන්තාව භක්ත්‍යාදරයෙන් යුතුව එසේ පවසන්නේ අති භයානක ජීවිත අවදානමකින් ඇයව ගලවා ගත් අපේ රටේ හෘදයාංගම මිනිසුන්ට කරන උපහාරයක් ලෙසිනි.
 
ලූවෝ යං මේ ඉරණමට මුහුණ දුන්නේ අනපේක්ෂිත ලෙසිනි. කවදත් ශ්‍රී ලංකාවේ සුන්දරත්වයට ඇලුම් කළ ඇය ජනවාරි මස 19 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ තවත් චීන ජාතික හිතමිතුරන් 19 දෙනකු සමඟය.
 
ඔවුන්ට වුවමනා වී තිබුණේ ලංකාවේ සුන්දරත්වය මෙන්ම වටිනා පෞරාණික ස්ථාන දැකබලා ගැනීමටය. ඒ සඳහා සතියක කාල පරිච්ඡේදයක් වෙන්කර ගන්නා ඔවුන් මෙරට ඇති ප්‍රධාන පෙළේ සංචාරක ආයතනයක උදව්වෙන් ඒ ගමන සූදානම් කර ගත්තේය. ඒ පෙරකී පරිදි ජනවාරි මස 19 වැනිදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණි පිරිස එදින කටුනායක හෝටලයක නවාතැන් ගත්තේය.
 
“20 වැනිදා උදේ තමයි මේ පිරිස එක්ක මම සීගිරිය, නුවරඑළිය, අහුන්ගල්ල වගේ ප්‍රදේශවලට යන්න පිටත් වෙන්නේ.”
 
මෙසේ කියමින් අපි සමඟ එකතු වුණේ එම පිරිසට සංචාරක මඟ පෙන්වන්නියක ලෙස කටයුතු කළ කාවින්දිය.
 
කාවින්දි සමඟ මේ ගමනට ඔවුන්ගේ සංචාරක ආයතනයේ තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු එකතු වී උන්නේය. අති සුපිරි බස් රථයක් ඒ වෙනුවෙන් සූදානම් කර තිබුණේය.
 
“අපි මේ කණ්ඩායම අරගෙන ඔහොම ඇවිදින කොට තමයි චීනයේ වූහාන් නගරයේ ඇති වී තිබෙන ශෝචනීය තත්ත්වය ගැන ආරංචි වුණේ. ඒත් අපි කලබල වුණේ නැහැ. මොකද ඒ චීන ජාතිකයෝ හැමෝම හොඳින් හිටපු නිසා.”
 
තත්ත්වය එසේ වුවත් කළුතර ප්‍රදේශයේ සිට කොල්ලුපිටිය දක්වා දුම්රියෙන් පැමිණීමට තිබූ ගමන ඔවුන් අත්හිටුවූයේ ඒ වෙද්දී ශ්‍රී ලංකාවේ ජන සමාජය තුළ ඇති වී තිබුණු ‘කොරෝනා තිගැස්ම’ හා චීන ජාතික බිය හා සැක සලකා බලමින්ය.
 
නමුත් කොළඹ නගරයේ බොහෝ තැන්වල සැරිසරන්නට ඔවුන් අමතක කළේ නැත.
 
“මේ පිරිසට ලංකාවෙන් යන්න තිබුණේ 25 වැනිදා. එදා තමයි අපි කොළඹ ආවේ.”
 
එහෙම ඇවිත් බස් එක නතර කළේ නිදහස් චතුරස්‍රයේ. එතැන ඉඳලා ඔවුන්ට යන්න තිබුණේ කටුනායක ගුවන් තොටුපොළට.
 
ලූවෝ යං රෝගී වන්නේ මේ අවස්ථාවේදීය. ඇයට මුලින්ම හට ගත්තේ උණ රෝගී ලක්ෂණයි.
 
වූහාන්වල ඇති වී තිබෙන දරුණු තත්ත්වයත්, ශ්‍රී ලංකාවේ එවැනි අවදානමක් නැති බව මනාව අවබෝධ කර ගන්නා කාවින්දි කෝකටත් කියා කතා කරන්නේ 1990 සුවසැරිය ගිලන් රථයකටය. අනතුරුව තම සේවාදායිකාව හා ඇගේ සැමියා සමඟින් අයි.ඩී.එච්. රෝහල කරා යන කාවින්දි රෝගී චීන කාන්තාව ගැන විස්තර කියන්නේ කිසිදු චකිතයකින් තොරවය.
 
“ඇයටවත්, බස් එකේ හිටපු කාටවත් කොරෝනා බියක් තිබුණේ නැහැ. අපි සාමාන්‍ය විධියට හිටියා.”
 
“ඒත් අයි.ඩී.එච්. රෝහලට අරන් ගිහින් ඇයට ප්‍රතිකාර කරද්දී තමයි මේ කාන්තාව කොරෝනා රෝගයට ගොදුරුව සිටිනවා කියලා දැනගත්තේ.”
 
මේ සිදුවීමෙන් කලබලයට පත්වූ කාවින්දි හංසමාලිගේ මානසික තත්ත්වය කඩා වැටිණි. ඇය දැඩි ආතතියකට ලක්ව කල්පනා කරමින් සිටියාය. නමුත් ඇගේ ආයතනයේ ප්‍රධානීන් හා හිතමිතුරන් කාවින්දිගේ කඩාවැටුණු මානසික තත්ත්වය ගොඩගන්නට කටයුතු කළේය.
 
“මේ වෙද්දී මේ කාන්තාව ගැන හා ඒ කණ්ඩායම ගැන අසත්‍ය තොරතුරු ගොඩාක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සැරිසරමින් තිබුණා. මම ඒ නිසා තමයි ඉදිරියට ඇවිත් ඒ ගැන කතා කරන්න හිතුවේ.”
 
“ඇගෙන් කොරෝනා බෝ වෙනවා නම් බෝ වෙන්නේ අපිට. ඒ වගේම ඇගේ ස්වාමිපුරුෂයාට. නමුත් එහෙම වුණේ නැහැ. අපි හැමෝම හොඳින්.”
 
ලූවෝ යං ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර වූහාන් නගරයේ පැවැති රැස්වීමකට සහභාගි වී තිබුණු බව සැලවෙයි. ඇතැම් විට එමඟින් ඇයගේ ශරීරයට මේ වයිරසය ඇතුළු වී තිබෙන්නට ඇත. නමුත් ඇගෙන් ඒ වයිරසය තවත් අයට බෝ නොවීම සැබැවින්ම ගැටලුවක්. කොටින්ම දින ගණනාවක් ඇය සමඟ බස් රථයේ ගමන් කළ කිසිවකුටත් ඒ අවදානම තිබුණේ නැත. එකට නිදාගත් ස්වාමිපුරුෂයාද නිරෝගී සුවයෙන් පසුවෙයි.
 
කෙසේ හෝ දැන් ලූවෝ යං මහත්මියත් සුවෙන්ය. දැන් ලංකාවේ කොරෝනා රෝගී කවුරුත් නැත.
 
තමන් මුහුණ දුන් රෝගී තත්ත්වය ගැන ලූවෝ යංට දැනෙන්නේ පුදුමාකාර අත්දැකීමක් ලෙසින්ය. ඇය ඒ සම්බන්ධව පවසන්නේ මෙහෙමයි.
 
“කොරෝනා ගැන මම කලින් දැනගෙන හිටියේ නැහැ. ඒ රෝගය මේ තරම් භයානකද කියලාවත් මම දැනගෙන හිටියේ නැහැ.”
 
“රෝගී වුණාට පස්සේ මාව හුදකලාව තිබ්බා. ඇත්තටම ඒ කාලය මට ඉතාමත්ම කරදරකාරී අමාරු මානසික තත්ත්වයක් වුණා. ඒ වෙලාවේ තමයි ප්‍රධාන හෙද නිලධාරිනියන් ඇතුළු වෛද්‍යවරු මගේ හිත හැදුවේ.”
 
“ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්‍ෂේත්‍රයටත් කොරෝනා අමුතු දෙයක්. ඒක ගැන දන්නේ නැහැ. මේ නිසා මාව බේරාගන්න ඔවුන්ට පරීක්ෂණ ගොඩක් කරන්න වුණා. මට තිබෙන්නේ ඒ රෝගයද කියලා මුලදී හොයා ගන්නත් අපහසු වුණා. මුල් දවස්වල කරපු පරීක්ෂණවලින් මට කොරෝනා තියෙනවාද කියලා සොයා ගන්නත් අපහසු වුණා.”
 
“ඇත්තටම මේ වෙලාවේ මගේ සංචාරක මඟපෙන්වන්නිය ගැනත් කතා කරන්න ඕන. ඇය ගොඩාක් කරදරයට පත් වුණා මම හින්දා..”
 
කොරෝනා ආසාදනයට ගොදුරුව බොහෝ අය මියයද්දී, පීඩා විඳිද්දී අපේ රටේ වෛද්‍යවරු විවිධ පරීක්ෂණ හා තාක්ෂණය උපයෝගි කර ගනිමින් ලූවෝ යං ට නැවත ජීවිතය ලබාදීමට කටයුතු කළේය. ඇය මේ ඒ පිළිබඳව මහත් වූ ස්තුතියෙන් යුතුව කතා කරන්නීය.
 
“මම රෝගී වුණාම චීනයේ ඉන්න මගේ හිතමිතුරන් හා මම වැඩකරන සමාගමේ අයත් විවිධ සහායන් ලබාදුන්නා චීනයේ මේ සම්බන්ධව වැඩකටයුතු කරන වෛද්‍යවරු පවා මට කතා කළා. මට වුවමනාව තිබුණේ මුල් කාලයේදීම චීනයට ගිහින් ප්‍රතිකර ගන්න. ඒත් ඒක කරන්න පුළුවන් පරිසරයක් තිබුණේ නැහැ. කොටින්ම මේ රෝගය මේ තරම් දරුණුයි කියලා මම දැනගෙනවත් හිටියේ නැහැ.”
 
රෝගය කොයිතරම් දරුණුද? ඇය නිසාවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව කොයිතරම් කලබලයට පත්වුණාද යන්න ගැනවත් ඇයට අවබෝධයක් තිබුණේ නැහැ. එහෙත් ඒ වග දැනගත් පසුව ඇය තම කනගාටුව ප්‍රකාශ කළේ මේ ආකාරයටයි.
 
“මට මේ රෝගය හැදුණේ නොදැනුවත්වමයි. ඒ නිසා ශ්‍රී ලංකාවේ ජනතාවට ඇතිවුණු කරදරය හා බිය ගැන මම සමාව ඉල්ලනවා. මට සමාවෙන්න!” ඇය නිහතමානීව එසේ සඳහන් කරන්නීය.
 
“දැන් මට වෛද්‍යවරු කියනවා ඔබට සුවයි කියලා. මට ගෙදර යන්න පුළුවන් කියලත් කියනවා.”
 
“එයාලා මට කිව්වා මට හැදිලා තිබුණේ මධ්‍යම තත්ත්වයේ කොරෝනා වයිරසයක් කියලා. දැන් මගේ විශ්වාසය ශක්තිමත්. ඒකට මට ඔවුන්ට තුති පුදනවා. ශ්‍රී ලංකාවේ ඉන්න සෞඛ්‍ය නිලධාරීන් හරිම හොඳයි. ඒ අයට ගොඩක් ස්තුතියි..!”
 
කෙසේ හෝ ජනවාරි 25 වැනිදා මෙරටදී වාර්තා වූ කොරෝනා රෝගී එකම කාන්තාව දින 8ක ගත වෙන්නටත් මත්තෙන් නිරෝගී සුවය ලබා ජීවිත අවදානමෙන් ගැලවී සිටින්නීය.
 
මේ කාරණය සැලකිල්ලට ගෙන දැන් කොරෝනා අපේ රටේ නැති බවට උදම් අනමින් සිටිය යුතු නැත. එමෙන්ම සැක සහිතව උණ රෝහලට ඇතුළත් කරන සියලුම රෝගීන් දෙස කොරෝනා ඇසකින් බලා කොන්කර තැබිය යුතුද? යන්න ගැනත් අවධානය යොමු කළ යුතුය.
 
පරිස්සම හා සැලකිල්ල යහපත්ය. නමුත් අනිසි බිය අයහපත්ය.
 
කෙසේ හෝ මේ සටහන ලියන මොහොතේ හෝ තවත් දින කිහිපයකින් ලූවෝ යං තම ස්වාමි පුරුෂයා සමඟ අලුත් පියවරක් ඉදිරියට තබනු ඇත. එය ඔබට, මට මෙන්ම රටට සතුටකි. අස්වැසිල්ලකි.
 
සමන් ප්‍රියංකර නම්මුනිගේ
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top