Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
04
චීනයෙන් පිටත දෙවන කොරෝනා මරණය හොංකොංවලින් - ආසාදිතයන් 20,000 ඉක්මවයි

- චීනයෙන් පිටත දෙවන කොරෝනා මරණය හොංකොංවලින් - ආසාදිතයන් 20,000 ඉක්මවයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,918 Views
හොංකොං හි සිට පැමිණි අවුරුදු 80 මඟියාට සිදු වූ දේ..
චීනයෙන් පිටත කොරෝනා පළමු මරණය පිලිපීනයෙන්...
3235 දෙනෙකු අලූතින් වාර්තා වූ ආසාදිතයන්...
 
චීනයෙන් පිටත කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ දෙවන මරණය අද හොංකොං වලින් වාර්තා වුණා.
 
වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 39 හැවිරිදි අයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මොහු පසුගිය ජනවාරි 21 වනදාට පෙර දිනෙක චීනයේ වූහාන් නගරයේ සංචාරය කර ඇති බව වාර්තා වනවා.

චීනයෙන් පිටත කොරෝනා පළමු මරණය වාර්තා වූයේ පිලිපීනයෙන්.
 
චීනයේ මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගිය සංඛ්‍යාව 425 දක්වා ඉහළ ගොස් ඇති අතර, වෛරසය ආසාදිත බව තහවුරු වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 20,400ක් වනවා.
 
ඉන් 3235 දෙනෙකු අලූතින් වාර්තා වූ ආසාදිතයන් බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
 
එමෙන්ම, ජපානයට ළගා වූ පුද්ගලයන් 3500 ක් රැගත් මගී ප්‍රවාහන නෞකාවක සිටි පිරිස් නිරෝධායනයට ලක් කිරීමට ජපානය තීරණය කර තිබෙනවා.
 
ඒ එම නෞකාවෙන් හොංකොං හි සිට පැමිණි අවුරුදු 80ක් වයසැති මඟියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුවයි. අදාළ නෞකාවේ මගීන් 2500 දෙනෙකු ගමන් කර ඇති අතර, කාර්ය මණ්ඩලයේ දහසක් ද එහි සිට තිබෙනවා.
 
මේ අතර, පාකිස්තානය අද සිට යළිත් චීනයට ගුවන් ගමන් ආරම්භ කළා. පාකිස්තාන ගුවන් සේවය ප්‍රකාශ කර ඇත්තේ තම ආරක්ෂණ පද්ධතිය පිළිබද පවතින විශ්වාසය හේතුවෙන් එම පියවර ගත් බවයි.
 
කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය, යුරෝපා සංවිධානය සහ චීනය සමග එක්ව කටයුතු කිරීමට ජී - 7 රටවල් එකග වී තිබෙනවා. වෛරසයට එරෙහිව සාර්ථක ප්‍රතිචාර දැක්විය හැක්කේ අන්තර්ජාතික සහයෝගීත්වයෙන් පමණක් බවයි ජී - 7 රටවල් තීරණය කර ඇත්තේ.
 
එසේම ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍ය ජේන්ස් ස්පාන් ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමඟ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යවරුන් හමුවීමට අපේක්ෂා කරන බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top