Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
03
"නැංගුරම් මුදා හැරියත් වේගයෙන් පැමිණි දිය වැලකට නැව ගොදුරුවුණා" - 1871 වසරේදී ගාල්ල වරාය ආසන්නයේ ගිලී ගිය තැපැල් නැවක් ගැන තොරතුරු හෙළිවෙයි - Photos

- "නැංගුරම් මුදා හැරියත් වේගයෙන් පැමිණි දිය වැලකට නැව ගොදුරුවුණා" - 1871 වසරේදී ගාල්ල වරාය ආසන්නයේ ගිලී ගිය තැපැල් නැවක් ගැන තොරතුරු හෙළිවෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21 Views

රැංගුන් කියා නැවක් ගාල්ල වරායේ ගිලී ගොස් ඇති බව අපි දැන සිටියා......

නැව සූවස් දක්වා ගමන් කරමින් සිටිය දී කාර්මික දෝෂයක් නිසා අතරමංවෙලා......

ගාල්ලේ කොටුවේ සිට චිත්‍ර ශිල්පියකු 1871 දී නැවක් ගිලී යන ආකාරය සිතුවමට නගා ඇත. මේ නැව අසල තවත් නැව් සහ ඔරු රාශියක් දක්නට තිබේ.

මෙලෙස ගිලී ගිය නැව රැංගුන් නමැති නෞකාවක් බවත් එය තැපැල් නැවක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබූ බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීහු දැන සිටියහ. නැව ගිලී ගිය ස්ථානය ගාල්ල වරාය ආසන්න මුහුදේ ඇති කදීර් නමින් හඳුන්වන ගල් පරය අසල බවට තොරතුරු ලැබී තිබුණ ද මුහුදේ ඇති ගැඹුරු බව හේතුවෙන්ම ඔවුන්ට එම ස්ථානයේ ගවේෂණ කටයුතු කිරීම අදින් වසර 10කට පමණ පෙර පහසු වූයේ නැත.

නමුත් ක්‍රමයෙන් මුහුදු පුරාවිද්‍යා කටයුතු දියුණුවීමත්, වැඩි ගැඹුරක කිමිදී ගවේෂණ කටයුතු කිරීමට හැකිවීමත් හේතුවෙන් රැංගුන් නමැති නෞකාවේ වර්තමාන තත්ත්වය සොයා ඔවුහු ගවේෂණ ආරම්භ කළහ.


මේ සම්බන්ධයෙන් මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්ථාන බාර නිලධාරී ඩබ්ලිව්.එම්. චන්ද්‍රරත්න මහතා මෙසේ කීවේය.

“රැංගුන් කියා නැවක් ගාල්ල වරායේ ගිලී ගොස් ඇති බව අපි දැන සිටියා. ගාල්ල සහ ඒ අවට සිටින කිමිදුම්කරුවන් විසින් මේ නැවේ තිබුණු භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගොඩබිමට ගෙනවිත් තිබෙනවා. මේ වගේ මුහුදෙන් ගෙනවිත් තැන් තැන්වල තිබෙන පුරාවස්තු පරීක්ෂා කිරීමේ දී අපට හික්කඩුවේ කිමිදුම් ස්ථානයක රැංගුන් 1863 යනුවෙන් සඳහන් කළ විශාල සීනුවක් සොයාගන්න හැකිවුණා. මේ නැවේ සීනුව තමයි ඔවුන් ඒ ආකාරයට ගෙනවිත් තිබෙන්නේ. ඒ වගේම නැවෙන් ගොඩගත්තා යැයි සිතිය හැකි වීදුරු හා පිඟන් භාණ්ඩ විශාල ප්‍රමාණයක් ඔවුන් සතුව තිබෙනවා.”‍

ගාල්ලේ ප්‍රාදේශීය කිමිදුම්කරුවන් මේ නැව හඳුන්වන්නේ රැංගුන් නමින් නොවේ. ඔවුන් එය හඳුන්වන්නේ ‘අඩි සියයේ නැව’ යනුවෙනි. මුහුදේ අඩි සියයක් ගැඹුරින් නැව ගිලී තිබීම එයට හේතුවයි. සීනුව සොයාගත් පුද්ගලයන් පවසන්නේ එය අඩි සියයේ නැවෙන් හමු වූ බවයි. එහි සඳහන් නම සහ වර්ෂය අනුව පැහැදිලිවම එතැන ගිලී ඇත්තේ රැංගුන් නම් නෞකාව බව තහවුරු වී ඇත.

රැංගුන් නෞකාව සම්බන්ධ සමුද්‍ර පුරාවිද්‍යාත්මක පරීක්ෂණ කටයුතු මුහුදු පුරාවිද්‍යා ඒකකය මගින් සිදුකරමින් පවතී. ඔවුන් මේ පිළිබඳ සොයාගත් තොරතුරු අනුව නැව දියත් කළ පළමු දිනයේ සිට එයට අනතුරුවලින් අඩුවක් වී නැත. 1863 සැමුදා බ්‍රදර්ස් සමාගම එංගලන්තයේ දී මේ නැව නිර්මාණය කර ඇත.

එහි සම්පූර්ණ දිග මීටර 89.95කි. පළල මීටර 11.61කි. ගැඹුර මීටර 5.36කි. බර ටොන් 1,776කි. එක් අවර පෙත්තක් සහිතව නිපදවා තිබූ මෙය අශ්වබල 1,870ක් සහිතව නාවික සැතපුම් 12ක වේගයෙන් ගමන් කිරීමේ හැකියාව තිබිණි.

එය දියත් කළ 1863 අප්‍රේල් මස 04 වැනි දිනම ඊසානදිග ග්‍රීන්විච් නගරයේ ගංගාවක් හරහා ගමන් කිරීමේදී නැව ගංගා පතුලේ වැදීමෙන් වෙරළ දක්වාම ඇළක් හෑරීමට සිදුව ඇත. නැවත නැව ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු දකුණු හැම්ප්ටන් සිට කල්කටා හරහා ගාල්ල දක්වා සිය මංගල ගමන් වාරය ආරම්භ කර ඇත්තේ 1863 අගෝස්තු 31 වැනි දිනදීය. නොවැම්බර් 04 වැනි දින එය ගාල්ලට පැමිණ ඇත.

මුහුදු පුරාවිද්‍යා නිලධාරී රුක්ෂාන් ප්‍රියන්දන පවසන්නේ මේ නැව දිගින් දිගටම අනතුරුවලට ලක්ව ඇති බවයි.

“නැවත මේ නැව සූවස් දක්වා ගමන් කරමින් සිටිය දී කාර්මික දෝෂයක් නිසා අතරමංවෙලා ප්‍රාදේශීය සුල්තාන්වරයෙක් නැව අත්අඩංගුවට ගෙන තිබෙනවා. නැව බේරාගෙන ඒඩ්න් වෙත ගෙනිහින් ඒඩ්න්වල සිට මේ නැව රැගෙන ගිහින් තියෙන්නේ වෙනත් යාත්‍රාවකින් ඇදගෙන."
1865 ජනවාරි 18 වැනිදා මේ නැවේ අවි ගබඩාවේ පිපිරීමක් ඇතිවෙලා තියෙනවා. මේ අනතුරුවලින් පසුව තමයි 1871 දී ගාල්ල හා සිඩ්නි නගරය අතර තැපැල් සේවයට නැව යොදවා තිබෙන්නේ.

තැපැල් සේවයට යොදාගත් නැව එම වසරේදීම නොවැම්බර් 01 වැනිදා ගාල්ල වරායට පැමිණ ගෙන ආ මලු‍ දමා අලු‍තෙන් මලු‍ රැගෙන පිටත්වෙද්දී මේ අනතුර සිදුව තිබෙනවා. ඒ සවස 6.30 ට පමණ කියා තමයි පැරණි වාර්තාවල දක්නට ලැබෙන්නේ.”‍

එම වාර්තාවන්ට අනුව නැව වරායෙන් නිරිතදිග දෙසට හැරවීමේදී බටහිර දිශාව නිසි ලෙස දර්ශනය නොවීම හේතුවෙන් නැවේ පැත්තක් ගල් පරයේ වැදී තිබේ. වහාම නෞකාවේ එන්ජින් ක්‍රියා විරහිත කළ කපිතාන්වරයා මොහොතකින් යළි නැව පණගන්වන ලද්දේ අනතුරක් නොවනු ඇතැයි සිතමින් විය යුතුය. නමුත් සිදුවූයේ නැව දෙවන වතාවටත් ගල් පරයේ වැදීමයි.

මේ අනතුර සිදුවූයේ වරායට සැතපුම් දෙකක් පමණ දුරිනි. අනතුර දැනගත් වහාම Berehice සහ Sydenham නෞකාවන් උදව්වට පැමිණි අතර තවත් නෞකාවක් ආධාර රැගෙන ඒම සඳහා වරායට ගොස් තිබිණි.

“ටිකෙන් ටික නැව භයානක තත්ත්වයකට පත්ව තිබෙනවා. නැවේ එන්ජින් ගිනි අරන්. ඉන්පසු නැව බේරාගැනීම සඳහා නැංගුරම් දාලා. බඹ 15ක් ගැඹුරට නැංගුරම් මුදා හැරියත් වේගයෙන් පැමිණි දිය වැලකට නැව ගොදුරුවුණා කියා වාර්තාවල දැක්වෙනවා."

දියවැලට ප්‍රතිවිරුද්ධ දිශාවට සුළං හමා යාම නිසා මෙයට මුහුණ දීමට අපහසුවෙලා. නමුත් උදව්වට පැමිණි අනිත් නැව් දෙකට ගැටලු‍වක් වෙලා නැහැ. අවසානයේ තීරණය කර තිබෙනවා නැවේ තිබෙන තැපැල් මලු‍ ඇතුළු වටිනා ද්‍රව්‍ය ඉවත් කරන්න. ඕස්ට්‍රේලියාවට සහ චීනයට ගෙන යන වටිනා භාණ්ඩ සහ තැපැල් මලු‍ කිහිපයක් නැවෙන් මුදවා ගැනීමට හැකි වී නැහැ.

වරායට ගිය එස්.එස්. බරෝඩා නෞකාව උදව් රැගෙන පැමිණියත් අධික සුළං සහ මුහුදේ රළු බව නිසා නැවට ජලය කාන්දුවීම වේගවත් වෙලා. මේ වනවිට රාත්‍රී 10 පසුවෙලා තිබුණත් නැවේ කපිතාන්වරයා සහ නිලධාරී මණ්ඩලය බෝට්ටුවලට නැගීමට තීරණයක් ගෙන තිබී නැහැ.

ඔවුන්ගේ අපේක්ෂාව වී තිබෙන්නේ නැව බේරාගැනීම. හර්ක්‍යුලිස් හා ඇරෝව් කියන යාත්‍රා පැමිණ රැංගුන් නැව වරාය දෙසට ඇදගෙන යාමට උත්සාහ ගත්තත් එය සාර්ථක වී නැහැ. රාත්‍රී 12.30ට පමණ නැව දියේ ගිලී නොපෙනී ගිහින් තිබෙනවා.”‍ රුක්ෂාන් ප්‍රියන්දන මහතා පවසයි.

මේ නැව ගිලී යන ආකාරය දැක්වෙන සිතුවමේ පැහැදිලිව පෙන්වා ඇත්තේ ගිලෙන නැව අසල ඔරු රැසක නැගී මිනිසුන් සිටින ආකාරය හා තවත් නැව් කිහිපයක් ඒ අසල තිබෙන ආකාරයයි. ගාල්ලේ ඔරු කරුවන් නැව ගිලී යන මොහොතේ ඔරුවල නැගී තමන්ට සිදුවිය හැකි අනතුරු ද නොතකා එතැනට පැමිණ සිටි බව විදෙස් වාර්තාවල දැක්වෙයි. එමෙන්ම ගිලෙන නැව දැකගැනීමට විශාල පිරිසක් වෙරළට රොක්වී සිටි බව ද වාර්තා කර ඇත.

“නැව ගිලී ගිය පසු ජල මට්ටමේ සිට අඩි 15ක් පමණ ගැඹුරින් කුඹ ගස් දෙක දක්නට ලැබී තිබෙනවා. ඒ වගේම නැවේ තට්ටුවේ කොටස්, පීප්ප, කුඹ ගසට සම්බන්ධ කොටස් කිහිපයක් දිය මත පාවෙලා. නැවේ කපිතාන්වරයා මේ සම්බන්ධයෙන් කළ පරීක්ෂණයේ දී අනතුර සම්බන්ධ සම්පූර්ණ වරද පිළිගෙන තිබෙනවා."

ඔහු පවසා තිබෙන්නේ තමන් නැව හැරවීමේ දී ගල් පරය නොදුටු බවයි. කපිතාන්වරයාට ගාල්ල වරාය සහ ඒ අවට ඇති ගල්පර සම්බන්ධයෙන් අවබෝධයක් නොතිබීම අනතුරට හේතුව බව අවසන් වාර්තාවේ දැක්වෙනවා. මේ නැවේ තිබී බේරාගත් තැපැල් මලු‍ බිහාර් කියන නෞකාවෙන් අවශ්‍ය වරායවල් වෙත ගෙන ගොස් තිබෙනවා.”‍

මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීන් පවසන්නේ රැංගුන් නෞකාව මේ වනවිට දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත්ගත් ස්ථානයක් බවයි. ඒ නෞකාවේ සුන්බුන් සිය වාසභූමිය කරගත් මසුන් ඇතුළු මුහුදු ජීවීන් අතිවිශාල ප්‍රමාණයක් දැක්නට ලැබෙයි. නෞකාව දැන් කොටස් කිහිපයකට කැඩී ගොසිනි. එහි අවර පෙත්ත, අවර දණ්ඩ, වාෂ්ප ටැංකි, කුඹ ගස් ඉතිරිව තිබෙනු දක්නට ලැබේ.

මුහුදු පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා මෙසේ පැවසීය.

“ගාල්ල වරායේ රැංගුන් නැව ගිලී තිබෙන බව දැන සිටියත් අපිට කාලයක් යනතුරු එතැන ගවේෂණ කටයුතු කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. මේ නැව බොහෝ දුරට විනාශ වී ගිහින්. මෙයට ප්‍රධානම හේතුව ඩයිනමයිට් යොදා නැව අවට සිටින මාළු මරා දැමීමට කටයුතු කිරීම. මෙහි තිබූ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත එහි සීනුව ඇතුළු බොහෝ ද්‍රව්‍ය ප්‍රාදේශීය කිමිදුම්කරුවන් විසින් රැගෙන ගිහින් තිබෙනවා. ඒවායෙන් ඇතැම් ද්‍රව්‍ය සොයාගත හැකි වුණා.”‍

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්ථාන භාර නිලධාරී ඩබ්ලිව්.එම්. චන්ද්‍රරත්න මහතාගේ මගපෙන්වීමෙන් සමුද්‍ර පුරාවිද්‍යා පර්​ෙ‌ය්ෂකයන් වන රසික මුතුකුමාරණ, සමීර ප්‍රසංග කරුණාරත්න, චමල් කේ. ගමගේ, රුක්ෂාන් ප්‍රියනන්දන, ඉන්දික උපුල් හේවගේ හා කමල් කුමාර ද සොයිසා යන මහත්වරු මෙම නෞකාව පිළිබඳ පරීක්ෂණ සිදු කළහ.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉතාමත් වැදගත් ස්ථානයක් ලෙස සැලකිය හැකි රැංගුන් නැව ගිලී ගිය ස්ථානයේ පුරාවිද්‍යාත්මක ගවේෂණ කටයුතු මුහුදු පුරාවිද්‍යා ඒකකය විසින් තවදුරටත් සිදුකරමින් පවතී. මෙවැනි ස්ථාන අනාගතය උදෙසා ආරක්ෂා කිරීම රජයේ වගකීමකි.

"ලංකාදීප"
සජීව විජේවීර






ගාල්ල කොටුවේ සිට සිතුවමට නැගූ රැන්ගුන් නැවේ සිතුවම




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top