Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
01
UPDATE: වූහාන් සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් පිරිස දියතලාවට රැගෙන යයි - Video

- UPDATE: වූහාන් සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් පිරිස දියතලාවට රැගෙන යයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,608 Views
චීනයේ - වූහාන් නගරයේ සිරවී සිට අද පෙරවරුවේ මත්තල ගුවන් තොටුපළට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා දියතලාව යුද හමුදා කදවුරේ පිහිටා ඇති රෝග නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.

මෙම සිසුන් අද පෙරවරු 7.42ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1423 දරණ විශේෂ යානයෙන්. එහි කාර්ය මණ්ඩලය 8 දෙනෙකුගෙන් සමන්විතයි.

පසුව යුද හමුදාව සහ ගුවන් හමුදාව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරමින් එම සිසුන් ගුවන් තොටුපළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කළා.

අනතුරුව ඔවුන් වුහාන්වල සිට හැඳ පැමිණි සියලූම ඇඳුම් ගුවන් තොටුපළේදී විනාශ කිරිමට කටයුතු කළ අතර, ඔවුන් සියලූම දෙනාට වෙනත් ඇඳුම් ලබාදී තිබෙනවා.

සිසුන් රැගෙන යාමට පැමිණි යුද හමුදා නිළධාරීන් ඇතුළු සියලූම දෙනා විශේෂ ආරක්ෂිත ඇඳුමකින් සැරසී සිටියා.

අදාළ බස් රථය ඉන් පසුවයි යුද හමුදා ආරක්ෂාව මධ්‍යයේ දියතලාව යුද හමුදා කදවුර වෙත රැගෙන යාමට කටයුතු කෙරුණේ.

පෙරවරු 11.30ට පමණ සිසුන් රැගත් අදාළ බස් රථය දියතලාව යුද හමුදා කදවුර වෙත රැගෙන එනු ලැබුවේ යුද හමුදාවේ රසායනික න්‍යෂ්ටික ජීව විද්‍යාත්මක සහ විකිරණීශීලී ප්‍රතිචාර බලගණය විසින්.

දියතලාව රෝග නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන වූහාන් සිටි සිසුන් 33 දෙනාට එහි සියලූම පහසුකම් සපුරා ඇති බව යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

දින 14ක කාලයක් එම සිසුන් රදවාගෙන අදාළ පූර්ව නිරෝධායන කටයුතුවල නියැලීමෙන් අනතුරුව ඔවුන් මුදා හැරීමට කටයුතු කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර, කොරෝනා වෛරසය වැලදී ඇති බවට සැක සහිතව අයි.ඩී.එච්. රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් 20 දෙනෙකුට වැඩි පිරිසකගේ සාම්පල වෛද්‍ය පරීක්ෂණ ආයතනය පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහෙත් දැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාව හැරුණු විට ඔවුන්ගෙන් කිසිවෙකුට මේ දක්වා වෛරසය ආසාදනය වී නොමැති බවයි බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියා සිටියේ.

මේ අතර, බස් රථ සහ දුම්රියෙන් ගමන් ගන්නා මගී ජනතාවට කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම, කොරෝනා වෛරසය පාලනය සහ ආසාදිතයන්ට ප්‍රතිකාර සිදුකරන කාර්ය මණ්ඩලවල ආරක්ෂාවට සෞඛ්‍ය අමාත්‍යවරියගේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 60ක ආරක්ෂිත මෙවලම් ලබාදී ඇති බව සඳහන්.

එම ආරක්ෂිත මෙවලම් රෝහල් 12කට බෙදා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

= = = = = = = = = = = = = = = = = = = = = 
UPDATE: වූහාන් සිට මත්තලට රැගෙන ආ සිසුන් 33 දෙනා විශේෂ පරීක්ෂාවකට

චීනයේ - වූහාන් නගරයේ සිරවී සිටි අද උදෑසන මත්තල ගුවන් තොටුපළට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top