ගාල්ල, පින්නදූව අධිවේගී ප්‍රවේශ මාර්ගයේ වලහන්දූව ප්‍රදේශයේ දී සුඛෝපභෝගී ජීප් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (28) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දෙසට යාම සඳහා පැමිණෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ ගැටීමෙන් අනතුරුව ත්‍රීරෝදය මාර්ගය මත පෙරළී ගොස් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අක්මීමන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.