Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
28
කැළඹුණු කොරෝනා ජීවිත 100ක් බිලි ගනී - අසාධිතයින් 4500 ඉක්මවයි - වෛරසය මැඬලන්න, චීනයෙන්ම ප්‍රතිජීවක ඖෂධයක් - Photos

- කැළඹුණු කොරෝනා ජීවිත 100ක් බිලි ගනී - අසාධිතයින් 4500 ඉක්මවයි - වෛරසය මැඬලන්න, චීනයෙන්ම ප්‍රතිජීවක ඖෂධයක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

72 Views
රටවල් 11කින් කෙරෝනා වෛරසය ආසාදිත පිරිස් හමුවේ...
ගෝලීය අර්බුදයක් බවට තවමත් ප්‍රකාශ කර නැහැලු..
ප්‍රතිජීවක ඖෂධය දියරක් ලෙසින් උගුරට ඉසීනවාලු..
 
කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයේ මිය ගිය සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
නවතම විදෙස් වාර්තා සඳහන් කළේ ගත වූ පැය 24 තුළ එම වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1400කට ආසන්න වන බවයි. එය ආසාදිත සංඛ්‍යාව දෙගුණ වීමක් වන අතර, ඒ අනුව චීනය පුරා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 4500කට අධිකයි.

හුබෙයි ප්‍රාන්තයේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගල මරණ 24ක් වාර්තා වී ඇති අතර, 1291කට අධික ප්‍රමාණයකට වෛරසය ආසාදනය වී තිබෙනවා.
 
මේ අතර, කොරෝනා වෛරසයෙන් වැළකී සිටීම සඳහා එම වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි ප්‍රතිජීවක ඖෂධයක් සොයාගෙන ඇති බව වාර්තා වනවා.
 
ෂැංහයි ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් හඳුන්වා දී ඇති මෙම ප්‍රතිජීවක ඖෂධය දියරක් ලෙසින් උගුරට ඉසීමට කටයුතු කරන බවයි චීනයේ පීපල්ස් ඩේලි පුවත්පත ප්‍රකාශ කළේ.
 
මේ අතර, කොරෝනා වෛරස් වසංගත තත්ත්වය පාලනය කිරීමට චීනය ගන්නා ක්‍රියාමාර්ග එක්සත් ජාතීන්ගේ සංවිධානය අගය කර තිබෙනවා.
 
එම සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශ කර ඇත්තේ මෙම තත්ත්වය පාලනය කිරීමට චීනයට ඇති හැකියාව පිළිබදව පූර්ණ විශ්වාසයක් පවතින බවයි.
 
එක්සත් ජාතින්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත සෑන් ජුන් සමඟ පැවති සාකච්ඡාවකදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
 
වෛරසය රට පුරා පැතිරීම වැළැක්වීමට හා පාලනයට ජනතාවගේ අවශ්‍යතාවන්ට මූල්තැන දෙමින් චීන රජය වේගවත් හා ශක්තිමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බව චීනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත සෑන් ජුන් එහිදී පෙන්වා දී ඇති බව සඳහන්.
 
පවතින තත්ත්වය ජය ගැනීමට චීනයට ඕනෑම සහයෝගයක් සහ ආධාරයක් ලබාදීමට සූදානම් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් අදාළ සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
 
මේ අතර, ජර්මනියෙන් ද කොරෝනා වෛරසය ආසාදිත පළමු රෝගියා වාර්තා වී තිබෙනවා.
 
කැනඩාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් නව ආසාදිතයන් හමුවීම පිළිබදව ද ජාත්‍යන්තර මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට ප්‍රකාශ කර ඇත්තේ ලොව පුරා රටවල් 11ක කෙරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් වාර්තා වී ඇති බවයි.
 
කෙසේ වෙතත්, මීට දින 3කට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබුණේ කොරෝනා වෛරසය ගෝලීය අර්බුදයක් නොවන බවයි.
 
එහෙත් එය අත්වැරදීමකින් සිදුකළ ප්‍රකාශයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පසුව කියා සිටියේ.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය දැන් යොමුව ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පෙර වෙනත් අයට සම්ප්‍රේෂණය වන්නේ ද යන්න තහවුරු කර ගැනීමටයි.
 
මේ අතර, හිරු ප්‍රවෘත්ති අංශය සමඟ දුරකථන සංවාදයකට එක්වූ කොරෝනා වෛරසය පැතිර යාම ආරම්භ වූ වූහාන් නගරයේ සිටින මෙරට සිසුවෙකු වන ලහිරු අසංක බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ජනවාරි 20 වන දාට පෙර මෙරටට පැමිණ දැනට ශ්‍රී ලංකාවේ රැදී සිටින චීන ජාතිකයින් විශේෂ පරීක්ෂාවකට ලක් කරන ලෙසයි.

Image result for corona china virus sadImage result for corona china virus sadImage result for corona china virus sadImage result for corona china virus sadImage result for corona china virus sadImage result for corona china virus sad
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top