Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
25
"ඇය පාසලේ කිසිවකු සමඟ කතා කරන්නේවත් නෑ.." - 6 හැවිරිදි දැරියකට බරපතල ලිංගික අපයෝජනය කළ නරුමයින් දෙදෙනා

- "ඇය පාසලේ කිසිවකු සමඟ කතා කරන්නේවත් නෑ.." - 6 හැවිරිදි දැරියකට බරපතල ලිංගික අපයෝජනය කළ නරුමයින් දෙදෙනාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,893 Views
ඒ අනිවාර්යයෙන්ම ඇය මුහුණ දුන් පීඩාව නිසා විය හැකියි...
ළමා කාලය චූදිතයන් දෙදෙනකු සොරකම් කරලා..
සැකකරුවන් දෙදෙනාට අධිකරණයෙන් ලැබුණු නියෝගය..
 
පෙර පාසල් අධ්‍යාපනය අවසන්කර පාසලකට ඇතුළුවීමට බලාපොරොත්තුවෙන් සිටි 6 හැවිරිදි දැරියකට ලිංගික අතවර සහ බරපතළ ලිංගික අපයෝජනයන් සිදුකළ කුඩා දරුවන් සිටින පියවරු දෙදෙනකු බරපතළ වැඩ ඇතිව වසර 16 සහ 12 බැගින් සිරදඬුවම් ද ඊට අමතරව දඩ සහ වින්දිත දැරියට ගෙවන වන්දියකටද යටත් කිරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළා.

බලන්ගොඩ පදිංචි දෙදෙනෙක්‌ සහ උඩවෙල දිසානායකගේ අසේල විරාඡ් එම විත්තිකරුවන් වුණා.
 
2015 ජනවාරි මස 09 වන දින බළන්ගොඩදී 6 හැවිරිදි දැරියකට ලිංගික අතවර සහ බරපතළ ලිංගික අපයෝජන සිදුකළේ යෑයි යන අධිචෝදනා 3 ක්‌ මත විත්තිකරුවන්ට රත්නපුර මහාධිකරණය හමුවේ නීතිපතිවරයා නඩු පවරා තිබුණා.
 
පූර්ණ නඩු විභාගයකින් පසුව විත්තිකරුවන් චෝදනා සියල්ලටම වරදකරුවන් බවට විනිසුරුවරයා තීන්දු කරනු ලැබුවා.
 
විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය ඇමැතූ පැමිණිල්ලේ රජයේ අධිනීතිඥ කේ.වී. ඉන්දිකා මහත්මිය,
 
"මේ වනවිට දැරිය ඉතාම නිශ්ශබ්දයි. ඇය පාසලේ කිසිවකු සමග කතා කරන්නේවත් සෙල්ලම් කරන්නේවත් නැහැ. ඒ අනිවාර්යයෙන්ම ඇය මුහුණ දුන් පීඩාව නිසා විය හැකියි. සිදුවුණේ මොකක්‌ද කියා වැටහීමක්‌ නැති නිසා ඇයට එසේ වූවා විය හැකියි. සිදුවූ අවාසනාවන්ත සිදුවීම ගැන දැනටමත් අධිකරණය ඉදිරියේ විසඳීමට ඇති නඩු ප්‍රමාණය කොතෙක්‌ දැයි සලකා බලා දිය හැකි උපරිම දඬුවම විත්තිකකරුවන්ට නියම කරන්නැ"යි රජයේ අධිනීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
 
විත්තිකරුවන්ට දඬුවම් නියම කරන අවස්‌ථාවේ විනිසුරුවරයා අධිකරණය අමතමින්,
 
"පාසලට ඇතුළුවීමට ඔන්න මෙන්න කියා සිටි කුඩා දැරියක ඇගේ තාත්තා වැන්නෙකු විසින් අපයෝජනය කිරීම ඉතාමත් බරපතළ වරදක්‌. කෙළිදෙළෙන් ගතකළ යුතු ළමා කාලය චූදිතයන් දෙදෙනකු සොරකම් කරලා. එහි බරපතළ භාවය කෙතෙක්‌ද යත් දැරිය අදටත් කතා කිරීමට බැරි පසුගාමී තත්ත්වයකයි පසුවන්නේ..."
 
1 වන විත්තිකරු 1 වැනි චෝදනාවට වසර 4 බරපතළ වැඩ ඇති සිරදඬුවම්ද රුපියල් 15000 ක දඩයක්‌ද නියම වූ අතර ඔහු දැරියට රුපියල් ලක්‌ෂයක වන්දියක්‌ද ගෙවිය යුතුය. 2 වන චෝදනාවට වසර 12 ක බරපතළ සිරදඬුවම්ද රුපියල් 15000 ක දඩයක්‌ද දැරියට රුපියල් ලක්‌ෂ 1 ක වන්දියක්‌ ගෙවිය යුතුයි.
 
2 වන විත්තිකරුට 1 වන චෝදනාවට අවුරුදු 12 ක බරපතළ වැඩ ඇති සිරදඬුවම් ද රුපියල් 25000 ක දඩයක්‌ ද පැනවූ අතර ඔහු ලක්‌ෂයක මුදලක්‌ 1ක වන්දියක්‌ වින්දිත දැරියට ගෙවිය යුතුවේ. 1 වන විත්තිකරුට පනවා ඇති සිරදඬුවම් එකවර ගෙවිය යුතු බවටද නියෝග කෙරුණා.
 
දිවයින
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top