පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ප්‍රකාශ කළ පරිදි ඔහු විසින් ආන්දෝලනාත්මක හඬ පට කිසිවක් මේ දක්වා සභාගත කිරීම සඳහා පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දී නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කළා.
අද දිනයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ මේ බව සඳහන් කළ නියෝජ්‍ය කථානායකවරයා කියා සිටියේ හඬ පට භාරදීමක් සිදුව ඇති බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි.
මේ අතර, මතභේදයට තුඩු දුන් රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යන කෘෂිකර්ම අමාත්‍යාංශය යළි ගොවිජන මන්දිරයේ ස්ථාපනය කිරීමේ පළමු පියවර ලෙස එහි රාජ්‍ය අමාත්‍යාංශය අද පෙරවරුවේ අදාළ පෞද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කරගෙන තිබෙනවා.
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.