බොලිවුඩයේ රජු ලෙස සැලකෙන, ලෝකයේම ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් ෂාරුක් ඛාන් ගැනයි මේ කියන්න හදන්නේ.
ෂාරුක් ඛාන් දැන් සිටින තත්වයට එන්නට පෙර දුක් ගැහැට පිරි ගමනක් පැමිණි බව බොහෝ දෙනා දැනුවත් කාරණයක්.
ඔහු ඒ බව පවසන්නටත් කිසි විටෙක මැලි නොවන නිහතමානි චරිතයක්.
රංගන ජීවිතයේදී දිගු ගමනක් පැමිණ ඇති ෂාරුක් ඛාන්, සර්ථක සැමියෙකු සහ පියෙකු වශයෙන්ද වර්තමානයේදී ලෝකයේම කැපී පෙනෙන චරිතයක් බවට පත්ව තිබෙනවා.
ජීවිතේ බිංදුවේ ඉඳලා පටන් අරගෙන දුක් මහන්සියෙන් සහ කැපවීමෙන් තමන් පමිණි ගමනේ සිදුවීමක් පසුගියදා ඉදියාවේ පැවති නර්ථන තරඟයක තරඟකරුවන්ට පවසා තිබුණා.
ඒ අවස්ථාවේදී ෂාරුක් තරඟ කරුවන්ට ඔහු ලද පලමු වැටුපත් එයින් ඔහු කළ දේ ගැනත් හෙළි කළා.
ෂාරුක්ට පළමු වැටුප හැටියට ඉන්දියානු රුපියල් 50ක් ලැබී තිබුණා. ඔහු සිය පළමු වැටුපෙන් ටජ්මහල නැරඹීමට තීරණය කර තිබෙනවා.
ටජ්මහල නරබන්න යන්න දුම්රිය ප්‍රවේශ පත මිලදී ගත් පසු ෂාරුක් අත ඉතිරිව තිබෙනේ ලැසී පානයක් මිලට තරම් සුළු මුදලක් පමණයි.
ඔහු ලැසී පානයක් මිලට ගෙන එය පානය කරන්නට යන විට ඒ තුළට මී මැස්සෙක් වැටී ඇති බව දුටු ෂාරුක් මී මැස්සා ඉවත් කර එය පානය කර තිබෙනවා.