Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
16
"ඒ පීඩනය ඔහු පිටකළේ සංගීතයෙනුයි.." - විශාදයට බිය නොවී ජීවිතේ ගැයුව රැප් කුරුල්ලා xxxtentacion, රසිකයින් මිලියන ගණනකගේ ආදරය දිනා, ජීවිතයෙන් නික්ම ගිය හැටි - Photos

- "ඒ පීඩනය ඔහු පිටකළේ සංගීතයෙනුයි.." - විශාදයට බිය නොවී ජීවිතේ ගැයුව රැප් කුරුල්ලා xxxtentacion, රසිකයින් මිලියන ගණනකගේ ආදරය දිනා, ජීවිතයෙන් නික්ම ගිය හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,216 Views
Depression නිසා අන්තිමට හම්බකරගත්තේ එකම දේ ඒ ආදරයයි...
එක් අතකින් ඔහු දිව්‍යමය හැකියාවක් තියෙන ගායකයෙක්..
අවාසනාවන්ත ලෙස කොල්ලකරුවන් පිරිසක් අතින් ඝාතනය වූ හැටි..
 
ගායකයෙක් කියන්නේ රසිකයාගේ තුවාල වුණු හදවත සුව කරන වෛද්‍යවරයෙක්. ඒ වගේම ඔහු රසිකයාට නිවැරදි ජීවන මංපෙත් පෙන්වා දෙන මාර්ගෝපදේශකයෙක්.
 
ඒ අයට පුළුවන් අපිව ආපහු අවුරුදු ගණනක් පරණ මතකයකට අරගෙන යන්න. අපි අපෙන්ම නිතරම අහන ජීවිතේ වැරදුණේ ඇයි කියන ප්‍රශ්නයට හරිම ලස්සන විදිහට උත්තර දෙන්න එයාලට පුළුවන්.

පදුරකට ගැහුවොත් ගායකයෝ දුසිම් ගණන් විසි වෙන ලෝකයක එහෙම දිව්‍යමය හැකියාවක් තියෙන ගායකයෙක් ගැනයි අද මම කතා කරන්නේ.
 
Who am I? Someone that's afraid to let go, uh You decide if you're ever gonna let me know Suicide if you ever try to let go, uh
I'm sad and Law, Yeah
I'm sad, I'm Know, yeah
 
වැඩිපුර කතාබහ ඕනේ නැහැ. මේ ලිරික්ස් මතක නම් ඔබත් අනිවාර්යයෙන් Xxxtentacion කියන්නේ කවුද කියලා දන්න කෙනෙක්' Xxxtentacion එහෙම නැත්නම් Jahesh Dwayne Ricardo Onfroy කියන අද අපේ කතානායකයා ඉපදුණේ 1998 ජනවාරි 28 වෙනිදා ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේයි.
 
ජැමෙයිකානු යුවළකගේ දරුවෙක් වුණු X පොඩිකාලේ ඉඳන්ම පවුල් ප්‍රශ්නවලින් පීඩාවට පත් වෙච්ච කෙනෙක්. ඔහුගේ සංගීතය තුළින් එළියට ආවේ ඒ පීඩනය බව සමහරුන් පවසනවා.
 
ඔහුගේ පවුලේ තිබුණු ගැටලු නිසා ඔහුට වැඩිපුර කාලයක් ගෙදරින් පිට ගතකරන්න සිද්ධ වෙනවා. එම කාලය තමන්ගේ ආච්චි සමඟ ගත කරපු X සංගීතයට සම්බන්ධ වෙන්නේ ඔහුගේම නැන්දා කෙනෙක්ගේ බලකිරීම මතයි.
 
ඒ නිසාම පාසලේ හා පල්ලියේ සංගීත කණ්ඩායම්වලට එකතු වෙන X ටික කාලයකින්ම සංගීතයට ආදරය කරන්න පටන් ගන්නවා. නමුත් දිනක් එක්තරා සිසුවෙක් සමඟ වුණු රණ්ඩුවක් නිසා බොහෝම අවාසනාවන්ත විදිහට Xට තමන්ගේ පාසල් ජීවිතයට සමු දෙන්න සිදු වෙනවා. ඒත් X ගේ දඩබ්බර වැඩ එතැනින් නවතින්නේ නැහැ.
 
දිගින් දිගටම තමාගේ සම වයසේ පසුවන්නන් සමඟ රණ්ඩු ඇති කරගන්නා නිසා Sheridan House කියන ළමා භාරකාර නිවාසයට යන්න Xට සිදු වෙනවා. රොක්ල මෙටල් කියන සංගීත ශෛලීන් ඉගෙන ගන්න X ට මුලින්ම අවස්ථාව ලැබෙන්නේ එතනදීයි. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තු X පියානෝ සහ ගිටාර් වාදනයට යොමු වෙන්න තීරණය කරනවා.
 
වාදනය පුරුදු වන අතරතුරේ ඔහුව උසස් පාසලකට යවන්න ආච්චි ගත්තු උත්සාහය සාර්ථක වුණත්, ටික දවසකින් ඒ උත්සාහය වතුරේ ගියේ වෙනදා වගේම X ළමුන් එක්ක ගැටුම් ඇති කරගත්ත නිසයි. ඒ නිසා ඔහුව උසස් පාසලෙනුත් ‍ෙදාට්ට දැම්මා.
 
පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වුණත් X තමන්ගේ සංගීත ජීවිතය කඩාකප්පල් වෙන්න ඉඩ තිබ්බේ නැහැ. මේ නිසාම 2014 'The Fall' සහ 'Ice Hotel' කියන තමන්ගේ පළමුවැනි EPs දෙක එළිදක්වන්න Xට පුළුවන් වුණා. Hiphop, Trap, heavy metal සහ R&B කියන සංගීත ශෛලීන් මිශ්‍ර වුණු අලුත් සංගීත ශෛලියක් අත්හදා බලපු X ඉන් කෙතරම් සාර්ථක වුණාද කියනවා නම් ඒ දවස්වල ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වුණු 'Members Only' කණ්ඩායමේ සාමාජිකත්වය පවා හිමි වුණා.
 
(EPs කියන්නේ සංගීත ඇල්බමයක් නොවන ඒත් විවිධ ගීත කිහිපයක් අඩංගු ඇල්බමයකට සමාන දෙයකටයි)
 
2016දී 'ItWasntEnough' සහ Willy Wonka Was a Child Murderer' කියන තමන්ගේ තුන්වැනි සහ හතරවැනි EPs එළිදක්වන්න Xට පුළුවන් වුණා. 2016 ජනවාරි මාසයේදී එළිදක්වන 'Look at me' කියන සින්දුව ඔහුව ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගෙනිච්චා. Billboard සහ Hiphop Billboard චාර්ට්වල ඒ දවස්වල මේ ගීතය ඉහළින් ම වැජඹුණා.
 
ඒ සාර්ථකත්වය අලුත් ආරම්භයක් කරගත්තු අපේ වීරයා 2017 අගෝස්තු මාසේදී තමන්ගේ පළමුවැනි ගීත ඇල්බමය නිකුත් කරනවා. ඒ '17' කියන නමින්. Billboard චාර්ට් එකේ 17 වැනි තැනට එන්න පුළුවන් වුණු ඒ ඇල්බමය සාර්ථක වුණා කියලා පෙන්වන්න වෙනත් උදාහරණ මොකටද?
 
2018 ජනවාරිවලදී තමන්ගේ ඊළඟට එන්න තියෙන ගීත සියල්ලම පාහේ යම්කිසි සමාජ පණිවුඩයක් ලබාදීමට හෝ සමාජ ගැටලුවක් නිරූපණය කිරීම සඳහා නිර්මාණය කරන බව X මාධ්‍ය වෙත නිවේදනය කරනවා. 2018 මාර්තු 16 වැනිදා X ඔහුගේ තවත් එක් ඇල්බමයක් රිලීස් කරනවා. අපි කවුරුත් දන්න SAD සහ Changes කියන ප්‍රසිද්ධ සින්දු දෙක ඇතුළත් වුණු ඒ ඇල්බමය රසිකයන් අතරේ වැඩියෙන්ම ජනප්‍රිය වුණු X ගේ ඇල්බමය කිව්වොත් නිවැරදියි.
 
2018දී සංගීත ලෝකේ ඉහළම තැනකට එන්න පුළුවන් වුණු X එම වර්ෂයේදීම මියයයි කියලා කවුරුත්ම හිතන්නේ නැතුව ඇති.
 
මෝටර් බයික් සහ බෝට්ටු සම්බන්ධ ගනුදෙනුවකට මැදිහත් වුණු X ගෙන් ඊට අදාළ මුදල් තවත් පිරිසක් විසින් මංකොල්ලකෑමට කාලයක් තිස්සේ සැලසුම් කරමින් සිටි බව පොලිසිය ප්‍රකාශ කළේ ඔහුගේ මරණයෙන් ටික කාලයකට පස්සයි. X තමාගේ සල්ලි බෑග් එකත් අරගෙන බැංකුවෙන් එළියට එද්දී, ඔහුව කොල්ලකන්න මංකොල්ලකාරයෝ උත්සාහ කළා.
 
ඒත් X තමාව කොල්ලකන්නට ඉඩ නොදී ඔවුනට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කළා. නමුත් මේ ගැටුමේ අවසානයේදී Xව කොල්ලකරුවන් අතින් ඝාතනයට ලක් වුණා.

බෙල්ලට වැදුණු ඒ මරාන්තික වෙඩි පහරවල් නිසා මහපාරේම මියයන්න X ට සිද්ධ වුණා.
 
ඒ වෙද්දී ස්ත්‍රී දූෂණ චෝදනාවකට වගේම තවත් අපරාධ කිහිපයකට X චූදිතයා වෙලා හිටියත් ඔහුගේ මරණයත් එක්ක නඩු සියල්ලම වාගේ උසාවිය අතහැර දැම්මා.
 
2018දී ජාත්‍යන්තර සම්මාන දෙකක් දිනා ගන්නට X සමත් වෙනවා. ඔහුගේ "17" ඇල්බමයට හොඳම R&B ඇල්බය වෙනුවෙන් පිදෙන Billboard music award එක හිමි වුණේ X ගේ මරණයෙන් ටික කාලයකට පස්සෙයි. ඒ සම්මානය X ගේ අම්මා ලබා ගන්නා අවස්ථාව සංගීත ලෝකයම කම්පා කරපු සිදුවීමක් වුණා කිව්වොත් එක අතිශයෝක්තියක් නෙමෙයි.
 
පොඩි කාලයේ ඉඳන් Depression කියන මානසික රෝගී තත්වයෙන් දුක් විඳපු X අන්තිමේදී නතර වුණේ ලෝකයේ විශිෂ්ටතම ගායකයෙක්, රැපර් කෙනෙක් විදිහට රසිකයන් මිලියන ගණනකගේ ආදරය දිනාගෙනයි.
 
Depression නිසා ජීවිතයෙන් විඳවන්න. ජීවිතය විනාශ කරගන්න සමහරු උත්සාහ කරද්දී ඒ පීඩනය X පිටකළේ සංගීතයෙනුයි. අවුරුදු 20දී අවාසනාවන්ත විදිහට මියගියත් අදටත් Xxxtentacion කියන නම ඇහුණත් ඇස්වලට කදුළු උනන තරමේ රසික පිරිසක් Xට ඉන්නවා. "X" Depression නිසා අන්තිමට හම්බකරගත්තේ එකම දේ ඒ ආදරයයි.
 
තමල් මන්ජිත
මව්බිම 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top