Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
15
"නිරන්තරයෙන්ම මගේ මනසේ රැඳෙන්න.." - අවුරුදු 43ක් ලාබාල පෙම්වතියගේ ආදරයට වසඟ වූ බෙලරුසියාවේ ජනපති - Photos

- "නිරන්තරයෙන්ම මගේ මනසේ රැඳෙන්න.." - අවුරුදු 43ක් ලාබාල පෙම්වතියගේ ආදරයට වසඟ වූ බෙලරුසියාවේ ජනපති - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

59 Views
දේශපාලනයට පිවිසියේම මේ ප්‍රේමය නිසාමලූ..
අවිවේකී ජනපතිවරයාගේ හිත ගත්තු හැටි...
2018 දී එරට රූ රැජින වූ සුරූපිණියගේ වතගොත..
 
පිට පිට පස්වැනි වතාවටත් බෙලරුසියාවේ ජනපති පදවියේ කටයුතු කරන 65 හැවිරිදි ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝ (Alexander Lukashenko) සහ පසුගිය වසරේ බෙලරුසියාවේ රූ රැජන ලෙස අභිෂේක ලැබු 22 හැවිරිදි මරියා වැසිලිවිච් (Maria Vasilevich) ගැන කියන්නට ඇත්තේ ද ඒ ටිකමයි.

බෙලරුසියාවේ පළමු පුරවැසියා එරට මිලියන 9ක ජනතාවගේ දුක සැප සොයා බැලීමටත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමටත්, රටක් විදියට බෙලරුසියාව ඉහළට ඔසවා තැබීමටත් ආදි වශයෙන් අප්‍රමාණ වැඩ රාජකාරි තොගයක් මැද අවිවේකී ජීවිතයක් ගත කරමින් සිටියත් නැවුම් සුවඳ හමන ප්‍රේමයකට හිත එක්තැන් කරගන්නට කාල වේලාවක් තිබීමත් එක අතකට පුදුමයි.
 
ඒ ආදරය ගැන වැඩිපුර කතාබහට ලක්වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ එරට මහ මැතිවරණයෙන් ළාබාලතම මන්ත්‍රිවරිය ලෙස මරියා පාර්ලිමේන්තුවට තේරී පත්වීම නිසයි. කවුරුත් කියන්නේ එය ජනපතිගේ පෙම් පහසේ ප්‍රතිඵලයක් කියායි. කොහි හැටි වෙතත් දැන් මේ පුංචි කෙල්ල පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් විදියට සිය දේශපාලන ජීවිතය ආරම්භ කර හමාරයි. ජනපති ඇලෙක්සැන්ඩර් දැන් ඇගේ පෞද්ගලික ජීවිතයේ මෙන්ම දේශපාලන ජීවිතයේත් යෝධ සෙවැණැල්ල වී හමාරයි.
 
මරියා ගැන කියනවානම් ඇය යොවුන් වියේදිම මෝස්තර නිරූපිකාවක් විදියට කරළියට පැමිණි පුංචි කෙල්ලක්. 2018 දී එරට රූ රැජින ලෙස අභිෂේක ලබා ඊළඟට ලෝක රූ රැජන තරගයේදී තුන්වැනි තැන දිනාගත්තු මරියාට ජනපතිගේ හිත දිනාගැනීමට හැකිවීම එක අතකින් පුදුම විය යුතු කාරණාවකුත් නෙවෙයි.
 
වසන්ත කාලයේ ඉදුණු ඇපල් ගෙඩියක් වගේ සුන්දර මේ යුවතියට ආදරයේ හෝඩිපොතත්, දේශපාලනයේ හෝඩි පොතත් දෙකම හරි අපූරුවට කියා දෙන ජනපති ඇලෙක්සැන්ඩර් මේ දවස්වල පසුවන්නේ පුදුමාකාර සතුටකින් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. දෙන්නා අතර අවුරුදු 43ක වයස් පරතරයක් තිබුණත් මරියාගේ නැවුම් ආදරය මැද ඔහු තව තවත් තරුණ වෙන්නත් ඇති.
 
1994දී සෝවියට් රුසියාවෙන් මිදී වෙනම ව්‍යවස්ථාවක් සකස් කරගත්තාට පස්සේ බෙලරුසියාවේ පළමු ජනපති ලෙස පත්වුණු ඇලෙක්සැන්ඩර්ට අද වනතුරුම නොකඩවා වාර පහක්ම රාජ්‍ය නායකයා ලෙස වැජඹීමට වාසනාවක් තියෙන්නට ඇති. ජලීනා සෙල්නෙරොවිච් සමග මීට දශක පහකට කලින් සිය මුල්ම විවාහය සිදු කරගත්තු ජනපති ඇලෙක්සැන්ඩර්ට මේ ඊයේ පෙරේදා අලුතින් පෙම්වතකු වීමට තරම් පුදුමාකාර සිකුරු යෝගයක් තිබෙන්නත් ඇති.
 
වසර 1975දී ඇලෙක්සැන්ඩර් සමග විවාහ වි ඔහුට පුතුන් දෙදෙනකුම තෑගි කළ ඇය ඔහු ජනපති පදවියට පත්වුණාට පස්සේ ජීවත් වුණේ වෙනමයි. පසු කාලෙක ඒ කියන්නේ 2004දි ඇතිකරගත් අනියම් පෙමක ප්‍රතිඵලයකින් ඔහු තුන්වැනි වතාවටත් පිය පදවිය ලබද්දී පස් හැවිරිදි දැරියකව සිටි මරියා දැන් ඔහුගේ ජීවිතයේ අවසන් සැඳෑවට වසන්තය ගෙනැවිත්.
 
අයිස් හොකී ක්‍රීඩාවට පුදුම කැමැත්තක් ඇති ජනපති ඇලෙක්සැන්ඩර්ට මරියා මුණ ගැසුණෙත් එවැනි අවස්ථාවකදියි. ඇය ඒ තරගයට එක්වූයේ බෙලරුසියාවේ රූ රැජන ලෙස අභිෂේක ලැබීමේ උණුසුම මැදයි. ඔහු ඇයට හාදු දී සුබ පැතුවා.
 
හිතක් බැඳෙන්නට එක නිමේෂයක් ඇති බව ඒ මොහොතේ ඔවුන් දෙදෙනාටම සිතෙන්න ඇති. ඒ අවුරුද්දේ නත්තල් දා පැවැති සාදයකදී ඇය ඔහුට නර්තනයට එක්වෙන්න ඇරියුම් කළා. ඔහු සතුටින් ඒ ඇරියුම බාර ගත්තා.
 
ඇතැමුන් කියන්නේ ඔහු මුලින් ඇයට අකැමැති වූ බවයි. තම දරුවන්ටත් වඩා බෙහෙවින් බාල වයසක පසුවන මේ යුවතියගේ ප්‍රේමය බර වැඩි වනු ඇතැයි ඔහුට සිතෙන්න ඇති.
 
ඔහු ඈත්ව යද්දී මේ පුංචි යුවතිය සුසුම් හෙළන්නත් ඇති. සුසුමක අකුරු කරන්න ඇය නොදැන සිටින්න ඇති. හඬා වැටෙන්නත් ඇති. හමුවී කතා කරන්න ජනපතිගෙන් දිනයක් ඉල්ලා සිටින්නත් ඇති.
 
ප්‍රේමයේ පළමු කඳුළත්, අවසන් කඳුළත් ඔහු වෙනුවෙන්ම හෙළූ මේ සුන්දර යුවතිය ALWAYS ON MY MIND…. FOREVER IN MY HEART... කියා ඔහුගේ කනට කොඳුරන්න ඇත්තේ එසේ නර්තනයේ යෙදී සිටියදී වෙන්න ඇති.
 
ඇය දේශපාලනයට පිවිසියේ ඒ මිහිරි පෙම කිසිදු බාධාවකින් තොරව ගලා යෑමටයි. එවිට මේ මහලු පෙම්වතා අවසන් හුස්ම හෙළන තුරු ඔහුගේ සෙවණේ රැඳී සිටින්න යුවතියට හැකි වේවි. ඒක එක අතකින් අපි කියනවා වගේ සංසාර පුරුද්ද වෙන්න බැරි ද...?
 
ෆවුස් මොහොමඩ්
සිළුමිණ


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top