Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
15
රන්ජන් අධිකරණයට ඉදිරිපත් කිරීමට CCDයෙන් රැගෙන යයි - UPDATE

- රන්ජන් අධිකරණයට ඉදිරිපත් කිරීමට CCDයෙන් රැගෙන යයි - UPDATEHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,077 Views
ඊයේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නුගේගොඩ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයෙන් රැගෙන ගොස් තිබෙනවා.

රන්ජන් රාමනායක තවමත් කොළඹ අපරාධ කොට්ඨාශයේ
2020-01-15 13:11:00
අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරිම සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය තවදුරටත් ප්‍රශ්න කරමින් සිටිනවා.
 
එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ අද පස්වරුවේ ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

මන්ත්‍රී රන්ජන් රාමනායක, මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් වරෙන්තුවකට අනුවයි.
 
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඩපට සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයන්ට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 - ඇ දෙක ව්‍යවස්ථාව යටතේ කටයුතු කරන ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට උපදෙස් ලබා දී තිබුණා.
 
ඒ අනුවයි, එම කොට්ඨාශය මගින් අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ලබා ගත්තේ. ඉහත ව්‍යවස්ථා ප්‍රතිපාදනය අනුව, පුද්ගලයෙකුට එරෙහිව නීතිමය පියවර ගත් පළමු අවස්ථාව ද මෙය වනවා.
 
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගත් පළමු අවස්ථාවේ එම අත්අඩංගුවට ගැනීම සදහා ගිය පොලිස් නිලධාරින්ගේ හැසිරීම සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂණයේ වාර්තාව එළඹෙන සදුදා දිනය වන විට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත භාර දීමට නියමිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top