ඇය නාලවලාන - මාකඳුර ප්‍රදේශයේ පදිංචිව සිටිි සඳලංකා මධ්‍ය විද්‍යාලයේ කලා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටිමට සූදනම්වෙමින් සිටියාය.
මියගිය කවීෂාට සොහොයුරෙක් සහ එක් සොහොයුරියක් සිටිති. කවීෂාගේ නැගණියද සඳලංකාව ජාතික පාසලේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.
"අපි දුවලගේ ලොකු අම්මල එක්කයි මුහුදු වෙරළට ගියෙ ඇය මුහුදු රළ පාගමින් සිටියා. එකපාරටම ලොකු රැල්ලක් ආවා. දුව වතුරට වැටුණා. ඉන්පස්සේ ගිම්සර පුතා පැන්නා. එයාව ගන්න හේෂාන් පුතාත් පැන්නා. තුන්දෙනාම වතුරේ ගිලූණා. මේ දුක අපි කොහොමද වාවගන්නේ දෙවියනේ. මගේ දුව හරි අහිසංකයි. තාත්තගේ වැඩවලටත්, ගෙදර වැඩවලටත් උදව්වෙනවා. අද කවුද ඉතිං අපිට උදව්කරන්න ඉන්නේ. මගේ රත්තරං කෙල්ල අපට නැති වුණා.." කියමින් ඇය හඩා වැළපෙන්නට වූවාය. තම දියණියගේ වියෝවෙන් කම්පාවට පත්ව සිටින කවීෂාගේ පියා කේ.ඒ. ලක්ෂ්මන් චන්ද්‍රරත්න මහතා මෙසේ පැවසීය.
"අනේ මහත්තයෝ මට දුවගේ මිනිය බලන්නවත් හිත දෙන්නේ නැහැ. අපේ පවුලේ ලොකුම බලාපොරොත්තුව වුණේ මගේ දුව තමයි. ඔය සිදුවීම වෙන දවසේ මම වැඩට ගිහිල්ලා හිටියේ.සවස මට දුරකථන ඇමතුමක් ආවා දුව මුහුදේ ගියා කියලා. මට ඒක අදහාගන්න බැරිවුණා. එයා මටත් අම්මටත් හරිම ආදරෙයි. නංගිටත් අයියටත් එහෙමයි. ඒත් ඉතිං අද මගේ ලොකුදුව මට නැතිවුණා..." යැයි කියමින් හෙතෙම හඬන්නට විය.
වෙදවත්ත - ඉරබඩගම - සඳලංකාව පදිංචි 15 හැවිරිදි වර්ණකුල සූරියගේ නදීර ගිම්සර තිසේරාටද අත්වූයේ කිසිවකු නොසිතූ දෙයකි. ඔහුද තම පියා ඩබ්. සුජීව, මව සඳමාලී හා එකම නැගණියද ඇතුඵ ඥාතීන් සමග මුහුදු වෙරළට ගියේ හිරු බැස යන සැන්දෑවේ වෙරළේ සුන්දරත්වය විඳීමේ අටියෙනි. වෑකඩ මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ගිම්සර පාසලේ කා අතර ජනප්‍රිය චරිතයකි.
ගිම්සරගේ මව හා පියා කුසට ආහාරයක්ද නොගෙන පුතුගේ නිසල දේහය අසල වැතිර සිටින්නේ ඔවුන්ගේ දෑස් ඉදිරියේම තම සෙනෙහෙබර පුතු මියයෑමේ සොව දරාගත නොහැකිවයි. ගිම්සරගේ මිත්තනිය විලාප නගමින් මෙසේ හඬන්නට වූවාය.
"අනේ බලන්න මගෙ පුතාගේ ලස්සන. එයා හරියට රෝසමලක් වගෙයි. ඒත් අද කෝ ඒ රෝස මල.එයා කථාකරන්නේ නැහැ. එයා මා ඉස්සරහට ඇවිත් අහනවා ආච්චි මම ලස්සනද කියලා. පුතාගේ යාළුවෝ එනවා එයාව බලන්න. ඒත් එයා අද කථා නැහැ..." යැයිද ගිම්සරගේ මිත්තණිය හඩා වැළෙපෙමින් පැවසුවාය. මුහුදේ ගිලෙමින් මරණය සමග පොරබදිමින් සිටි කවීෂා හා ගිම්සර බේරාගැනීමට ඉදිරිපත වූයේ සිංගක්කුලිය සඳලංකාව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි වර්ණකුල සූරියගේ හේශාන් චාමර තරුණයාය. ඔහුටද අත්වූයේ අනෙක් දෙදෙනාටම අත්වූ ඉරණමමය.
තිදෙනකුගෙන් සමන්විත පවුලේ හේශාන් එකම පිරිමි දරුවාවෙයි. ඔහුට වැඩිමහලූ සොයුරියෝ දෙදෙනෙක් සිටිති. හේශාන්ගේ මව යූ. කේ. චන්ද්‍රාවති සහ පියා ඩබ්.ප්‍රේමරත්න ඇතුඵ ඥාතීන් ඔවුන්ට අයත් ටිපර් රථයෙන් මුහුදු වෙරළට ගොස් ඇත. ඔහු සොයුරියගේ සැමියා වූ තාරුක රාජපක්ෂ සමග එම ස්ථානයට ගියේ යතුරුපැදියකිනි.
තම පවුලේ සිටි එකම පුතාට අත්වූ ඉරණම පිළිබඳව දරාගත නොහැකි වේදනාවට පත්ව සිටින හේශාන්ගේ පියා ප්‍රේමරත්න මහතා කඳුළු සලමින් මෙසේ කීය.
"අපි එක පවුල්වල ඥාතීන්. මුහුදු වෙරළට යමු කියලා මගේ ලොරියේ සවස හතරට විතර සින්ද්‍රාත්‍රිය මුහුදු වෙරළට ගියා. 4.30 ට විතර තමයි මේ සිද්ධිය වුණේ. කවීෂා දුව රැල්ල පාගමින් ඉන්නකොට එයාව පිටුපසට වැටුණා. එයාව ගන්න ගිම්සර පුතා පැන්නා. ඒ දෙදෙනාම වතුරේ ගිලූණා. ඊටපස්සේ එයාලා දෙන්නව බේරගන්න මගේ හේශාන් පුතා පැන්නා. තුන්දෙනාවම ගිලූණා. කවීෂවයි, ගිම්සරවයි මතු වුණා. අපේ පුතා උඩ ආවේ නැහැ. බෝට්ටුවලින් ගිහින් අර දෙන්නව ගොඩට ගත්තා. මගේ ලොරියෙන්ම තමයි දන්කොටුව දිසා රෝහලට ගෙනාවේ. ළමයින්ව ඒත් බේරගන්න බැරිවුණා. නමුත් මගෙ පුතාව එදා හොයාගන්න බැරිවුණා. ඊයේ තමයි එයාගෙ මිනිය මාඔය මෝය කට ආසන්නයේ වෙරළට ගොඩගහලා තිබිලා සොයාගත්තේ. මට තිබුණු එකම හයිය මගෙ පුතා. එයා අරක්කු සිගරැට් කිසි දෙයක් බොන්නෙ නැහැ. හරිම නිහතමානියි නිශ්ශබ්දයි. මගෙත් එක්ක ලොරියේ හැමතැනම ගියේ ,මට උදව් කළේ එයා. අද ඒ හයිය මට නැති වුණා..." යැයිද ඔහු පැවසුවේය. හේශාන්ගේ මව යූ කේ චන්ද්‍රාවති මහත්මිය වැළපෙමින් මෙසේ පැවසුවාය.
"මට මගෙ රත්තරන් පුතා නැතිවුණා. එයාගේ යාළුවො එනවා පුතාව බලන්න. ඒත් එයා නැගිටින්නේ නැහැ. අපිව දාලා ගිහිල්ලා..."
ජීවිතයෙන් සමුගත් කවීෂා සෙව්මිණි සිසුවියගේ අවසන් කටයුතු නාලවලාන පොදු සුසාන භෑමියේදීද, නදීර ගිම්සර තිසේරා සිසුවාගේ අවසන් කටයුතු ඉරබඩගම පොදු සුසාන භෑමියේදීද, හේශාන් චාමර තරුණයාගේ අවසන් කටයුතු යෝගියාන පොදු සුසාන භෑමියේදීද පෙරේදා (13දා) සිදු කෙරිණි.
ධම්මික රාජපක්ෂ
දිවයින