Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
15
විශ්වාසයන් වෙනුවෙන් කණ නාසය දිව කපාගෙන අමුතු lifestyle එකක් ගත කරන අපූරූ tattoo ශිල්පියා අන්තර්ජාලය කලඹයි - Photos

- විශ්වාසයන් වෙනුවෙන් කණ නාසය දිව කපාගෙන අමුතු lifestyle එකක් ගත කරන අපූරූ tattoo ශිල්පියා අන්තර්ජාලය කලඹයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,581 Views
අවසානයේ අපි හැමෝටම අයත් පොදු තැනක් තිබෙනවා...
මගේ පෙනුමට සහ හැසිරීමට බය වෙන අය ඉන්නවා...
මම සුවපහසුවෙන් ඉන්න කෙනෙක් නෙමෙයි...
 
ලංකාවේ තියන සංස්කෘතික රටාවත් එක්ක ගත්තම ටැටූ කියන්නෙ ඒ තරම් පිළි ගැනීමට ලක් වුනු කලාවක් නොවුනත් ලෝකයේ තත්වය ඊට වඩා වෙනස් බව ඔබ දන්නවා.
 
තමන්ගේ අදහස්, විරෝධතා, ඇදහීම් වගේම ජීවන රටාවන් ගැන කියන්න බොහෝ පුද්ගලයන් ටැටූ උපයෝගී කරගන්නවා. ටැටූ කලාවකටත් වඩා ජීවන විලාශයක් බවට පත් කරගත්ත උදවියත් මේ අතරෙදි අපට හමු වෙනවා.

Eric Hincapie Ramirez එහෙමත් නැත්නම් ගොඩක් දෙනෙක් දන්න විදියට Kalaca Skull කියන්නෙ tatoo artist කෙනෙක්. ඒ වගේම මෙයා තමන්ගේ ජීවන විලාශය ඉතා තදින් ටැටූ මගින් සහ ශරීරයේ කොටස් ඡේදනය කිරීමෙන් ප්‍රදර්ශනය කරන කෙනෙක්.
 
Kalaca තමන්ගෙ සම්පූර්ණ මුහුණම හිස් කබලක් ආකාරයෙන් සකසාගෙන තිබෙනවා. හරියටම කිව්වොත් තමන්ගෙ නාසයේ නෙරා ආපු කොටස් ඉවත් කරලා කන් දෙක පවා කපා ඉවත් කරල තිබෙනවා. ඒ වගේම දිව දෙපැත්තට වෙන්න කපා තිබෙනවා දකින්න පුළුවන්.
 
මිනිසුන් විදියට සතුට සොයා යාම අපේ පුරුද්දක් වුනත් සැබෑ ජීවිත තත්වය මීට වඩා වෙනස් බව තේරුම් ගන්නා අය ඉන්නවා.
 
තමන්ගෙ කලාත්මක ප්‍රකාශනය ගැන Kalaca මේ වගේ දෙයක්.
 
'අපි හැමෝම හිස් කබල්. අවසානයේ අපි හැමෝටම අයත් පොදු තැනක් තිබෙනවා. මගේ පෙනුමට සහ හැසිරීමට බය වෙන අය ඉන්නවා. මම සුවපහසුවෙන් ඉන්න කෙනෙක් නෙමෙයි. මේක එක ජීවන රටාවක් (Lifestyle). මේක ක්‍රියාකාරී ජීවන රටාවක්. සහ එක්තරා සංස්කෘතික ජීවන රටාවක්.'
 
ඔබ අන්තර්ජාලයේ සැරිසරන කෙනෙක් නම් මරණය ජීවන රටාවක් බවට පත් කර ගත්ත පුද්ගලයන් සහ කණ්ඩායම් හඳුනා ගන්න පුළුවන්. මේකෙන් අදහස් වෙන්නෙ ඔවුන් හිංසාකාරීන් හෝ මිනීමරුවන් කියන එක නෙමෙයි. ආලෝකය සහ ජීවිතය සැම දෙයකම ආරම්භය සහ පැවැත්ම බව විශ්වාස කරන අය වගේම අඳුර සහ මරණය සෑම දෙයකම පැවැත්ම බව විශ්වාස කරන අය ඉන්නවා.
 
ආගමික කොට්ඨාසයක් වශයෙන් ගත්තම 'සාතන් පිදීම' කරන්නෙත් මේ වගේ මරණය අදහන පුද්ගලයන්. අපේ කතානායක Kalaca ත් මේ කියන අදහස් වලින් පෝෂණය වුන කෙනෙක් බව ඔහුගේ සිරුරේ තියන ටැටූ වලින්ම අවබෝධ කරගන්න පුළුවන්.
 
ඔහු ගේ නළලේ තිබෙන Satan's Cross ( ආදි රසායන විද්‍යා සලකුණක්) පපුවේ තිබෙන පස් කොන් තරුව කියන්නේ දේවවාදී වගේම 1960 ගණන් වල එන අදේවවාදී සාතනික ආගම් වල භාවිතා වන ශුද්ධ වූ සලකුණු වනවා.
 
ස්පාඥ භාෂාවෙන් හිස් කබල හඳුන්වන්නේ Kalaca කියන නමින්. ඉතින් මේ සියලු කාරණා සලකා බලන විට මේ 22 හැවිරිදි අපූරු කලාකරුවා තමන්ගේ අදහස් වගේම ශරීරයත් උපරිමයෙන් තමන්ගෙ ජීවන විලාශය පවත්වා ගැනීම වෙනුවෙන් කැප කරල තිබෙන බව පේනවා.
 
තමන්ගේ අභ්‍යන්තර අදහස් සමාජයට හාණිදායක නොවන විදියට ප්‍රකාශ කරන්නෙ කොහොමද කියන් එකට Kalaca Skull හොඳම උදාහරණයක්. මොන විදියෙ කලාවක් වුනත් ජීවන විලාශයක් වුනත් ඔහේ එන රැල්ලට බදා ගන්නෙ නැතිව තමන්ගෙ ප්‍රකාශනය වඩා හොඳින් සමාජගත කරන්න පුළුවන් විදියෙ සහ අර්ථවත් විදියෙ රැල්ලකට අහු වෙන්න කියන ඉඟියත් Kalaca Skull ගෙ ප්‍රකාශනය ඇතුලෙ සියුම් විදියට සැඟවිලා තියෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top