මේ සියලුම ගීතවල පද රචනාත් ඇගේමලූ...
48 හැවිරිදි ස්වප්නා සම්මාන 4කට නිර්දේශ වෙලා..
සියලූ ගීත ඇගේ යූටියුබ් චැනලයෙන්..
ඩුබායි රටේ ජිවත්වන ඉන්දීය කාන්තාවක් කරපු අපූරු වැඩක් තමයි මේ. ඇය දින 1000 තුල ගීත 1000 ගායනා කරලා පහුගිය දිනක ඔන්න ලෝක වාර්තාවක් තියලා තියනවා.
විශේෂත්වය වෙන්නේ මේ එක දවසක් තුල පටිගත කල සියලුම ගීත ඇය විසින්ම පද රචනය කරලා නිර්මාණය කල ඒවා වීමයි.
ඉතින් 48 හැවිරිදි ස්වප්නා ඒබ්‍රහම් Golden Book of World Records for four awards සම්මාන උළෙලේ සම්මාන 4 සඳහා නිර්දේශ වෙලා තියනවා කියලත් දැනගන්න ලැබෙනවා.
ඇය "ඩිජිටල් ඇල්බමයක වැඩිම ගීත සංඛ්‍යාවක්" සඳහා ගිනස් ලෝක වාර්තාවට අයදුම් කිරීමට සූදානමින් ඉන්නවා කියලත් දැනගන්න ලැබෙනවා.
ඩුබායි හි කළමනාකරණ උපදේශන සමාගමක සේවය කරන ඒබ්‍රහම් කියා සිටියේ දින 1000 ක් තුළ ගීත 1,000 ක් ගායනා කිරීමෙන් ඇගේ දශක ගණනාවක් පුරා පැවති සංගීත ජීවිතය අවසන් කිරීමට අවශ්‍ය බවය.