Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
14
"මුන්ට අධ්‍යාපන පිස්සුව. මගේ ජීවිතය කෑවා. විනාශ කළා. මම මුන් තුන් දෙනාගෙන් ම පළිගන්නවා" - දහ අට හැවිරිදි වියේ දී ගෙල වැළලාගෙන මියගිය බාල පුතා පවුලේ සැමගෙන් පළිගන්න භූතයෙක් වී ආ හැටි

- "මුන්ට අධ්‍යාපන පිස්සුව. මගේ ජීවිතය කෑවා. විනාශ කළා. මම මුන් තුන් දෙනාගෙන් ම පළිගන්නවා" - දහ අට හැවිරිදි වියේ දී ගෙල වැළලාගෙන මියගිය බාල පුතා පවුලේ සැමගෙන් පළිගන්න භූතයෙක් වී ආ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,574 Views
අම්මට අධ්‍යාපන පිස්සුව. මාව දොස්තර කෙනෙක් කරන්න. මට කිසිම නිදහසක් නෑ
පුතාට ළමා කාලයක් තිබුණෙ ම නැහැ. අම්මා පන්තියෙන් පන්තියට ඇදගෙන යනවා

ළදරු මනස පිරිසුදු ය. පිවිතුරු ය. පාවෙන සුලුය. සැහැල්ලුය. ළමා වියේ දී මනස සතුට ප්‍රිය කරයි. මල් පිපෙන හැටි, සමනලයන් ඉගිළෙන හැටි බලා සිටී. සමවයස් යහළු ඇසු‍ෙර් නටන්න ගයන්න දුවන්න උඩ පනින්න හිනා වෙන්න ප්‍රිය කරයි. මේ සොබා දහමේ ක්‍රියාකාරකම් සමඟ ළමා මනස ටිකෙන් ටික දැනුම මෝරන්නට වෙයි. සසර ගමනේ දී එකතු කැරැගත් “ගති පොදිය” ක්‍රියාත්මක වන්නට පටන්ගනී. ගති ගුණ, ගති රුව, ගති හඬ, ගති පුරුදු මතු වෙන්නට පටන්ගනී. ළමයා හැදෙන වැඩෙන ඇසුරු කරන පරිසරයෙන්, මවුපියන්ගෙන්, සුගති දුගති ගති පොදියට තවත් අලුතෙන් ගති ඇතුළත් වෙයි. හුරු පුරුදු වළක්වා බලෙන් වෙනත් දේ හුරු පුරුදු කරන්නට යන විට, උත්සාහ කරන විට මානසික ගැටුම් ඇති වෙයි. ව්‍යාකූල වෙයි.

කොළඹ පදිංචිකාරියක වන සුමාලි හතළිස් හැවිරිදි ගෘහණියකි. ඇගේ සැමියා දසුන් විදුලි කාර්මිකයෙකි. දියණිය සුගලා විසි එක් හැවිරිදිය. මේ පවුලේ බාල පුතා දහ අට හැවිරිදි වියේ දී ගෙල වැළලාගෙන මිය ගොස් දැනට වසරකි.
 

දැන් මේ නි‍ෙවසේ රාත්‍රියට අඳුරු ඡායාවක් එහා මෙහා ගමන් කරනු දක්නට ලැබෙයි. පවුලේ තුන් දෙනාව ම රාත්‍රි නින්දේදී යමෙකු හූරා ඇති බව පෙ‍ෙනයි. ලේ එන්නට ම හූරයි. නිවෙසේ කෑම උයා නිවෙන්නට පෙර ම නානු ගතියට සෙවල වෙයි. බඩු මුට්ටු පෙරළෙයි. දිනක් රාත්‍රි පවුලේ අය රූපවාහිනිය බලද්දී අඩි දහයක් පමණ ඈත තිබූ පුටුවක් රූපවාහිනිය ළඟට ඉබේ ම ඇදී ආවේ ය.

මේ තත්ත්වයෙන් මිදෙන්නට කරන ලද විවිධාකාර වත්පිළිවෙත්වලින් කිසිදු සහනයක් නොවීය. අන්තිමට පවුලේ අය ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියහ. එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී එළඹ ඇති දුක් කරදර පැහැදිලි කළහ.

පළමු ප්‍රතිකාර අවස්ථාවේදී සුමාලි ගැහෙන්නටත් පැද්දෙන්නටත් වූවාය. මේ අමනුෂ්‍ය බලපෑමක් බවට නිගමනය කොට දින විසි එකක් බෝධි පූජා පවත්වානැවත එන්නැයි උපදෙස් දුන්නේ ය.

‍ෙම් කාලය තුළ සුගලා විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට සමත් වුවද ඇයට ඒ සඳහා සූදානම් වීමට හෝ විශ්වවිද්‍යාලයට යෑමට බාධා ඇතිවිය. ඇගේ සියලුම ඇඳුම් ඉරා දමා අසනීප තත්ත්ව ඇති විය.

බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින ද සුමාලි දිෂ්ටි ගැන්වූ අතර මතු වූ භූතාත්මය සමඟ ගවේෂකවරයා සාකච්ඡා කළේය.

“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ක‍රදර කරන්නේ?” යි ඇසීය.
“මම ප්‍රදීප්. මේ ගෙදර බාල පුතා. මුන්ට අධ්‍යාපන පිස්සුව. මගේ ජීවිතය කෑවා. විනාශ කළා. මම මුන් තුන් දෙනාගෙන් ම පළිගන්නවා.” යි භූතයා කීවේ ය.
“ඇයි එහෙම කියන්නේ?”
“මට මුන් හරියට හිරිහැර කළා. පාඩම්. පාඩම්... පාඩම්... පන්ති... පන්ති... ඉස්කෝලෙ ඇරුණ වේලාවෙ ඉඳල ම රෑ වෙනකම් පන්ති. යාළුවො එක්ක සෙල්ලම් කරන්න දුන්නෙ නෑ. යාළුවො ආශ්‍රය කරන්න දුන්නේ නෑ. ගෙදරදිත් මුන් ටී.වී. බලනවා. මට බලන්න දුන්නේ නෑ. අම්මට අධ්‍යාපන පිස්සුව. මාව දොස්තර කෙනෙක් කරන්න දොස්තර පිස්සුව. මට කිසිම නිදහසක් නෑ. මගේ හිතේ තරහක්, වෛරයක් ඇති වුණා. ඒ තරහෙන් හිත පිරිලා. පාඩම් මතක නැහැ. අන්තිමේ මම එල්ලිලා මැරුණා. මම මැරුණා නෙමෙයි. මුන් මාව මැරුවා. ජීවිතය එපා කළා. මම දැන් පළිගන්නවා. අක්කාගෙන් පළිගන්නවා. මට නැත්නම් උඹටත් නැහැ කියලා අක්කටත් කැම්පස් යන්න දෙන්නේ නෑ, මුන් තුන් දෙනාව ම මම විනාශ කරනවා” යි භූතයා වෛරීව කතා කරන්නට විය.
“මේ කතාව ඇත්තදැ?” යි ගවේෂකවරයා දසුන්ගෙන් විමසීය.
“ඇත්ත තමයි මහත්තයා. පුතා දොස්තර කෙනෙක් කරන්න කියලා ඉස්කෝලෙ දෙවෙනි ශ්‍රේණියේ ඉඳලා ඉංග්‍රීසි පන්ති. ඊළඟට ශිෂ්‍යත්ව පන්ති. පුතාට ළමා කාලයක් තිබුණෙ ම නැහැ. අම්මා පන්තියෙන් පන්තියට ඇදගෙන යනවා. අන්තිමට පුතාගේ ඔළුව නරක් වුණා. පුතා එල්ලිලා මැරුණා” යි පියා ද අඬන්නට විය.

සුමාලි පියවි සිහියට පත් කළ ගවේෂකවරයා තිදෙනාට ම අවවාද කළේය.

“ළමයින්ට ළමා කාලය විඳින්න දෙන්න ඕනෑ. ලෝකය, පරිසරය, සතුට, විනෝදය දැන දැකගන්න ඉඩ දෙන්න ඕනෑ. ළමා නිදහස විඳින්න ඉඩ දෙන්න ඕනෑ. සොබා දහමත් එක්ක ටිකක් ළං වෙලා ජීවත් වෙන්න ඕනැ. අද රටේ අම්මලා ළමයා යන්තම් බහ තෝරන කාලේ ඉඳලා උගන්නන්න යනවා. ළමයාගේ නිදහස සතුට ලෝකය ගැනදැනුම උදුරා ගන්නවා. ඒ වගේ ළමයින්ගෙන් ආදරය, කරුණාව, මතු වෙන්නෙ නෑ. තරහව අමනාපය නුරුස්නා බව තමයි මතු වෙන්නේ.”

“දරු­වෙක් උප­දින්නේ මවු­පි­යන් සමඟ සංසා­රික ණය ගනු­දෙ­නු­ව­කට. මවු­පි­යන් දරුවා පෝෂ­ණය කර පෙර ගත් ණය ගෙව­නවා. දරුවා උස් මත් වී මවු­පිය වැඩි­හි­ටි­යන් පෝෂ­ණය කර­මින් ණය ගෙව­නවා. අද දරුවෝ බොහෝ දෙනෙක් ගම රට අත­හැර දාලා පිට­ර­ට­ව­ලට යනවා. එත‍කොට කෝ ආද­රය, කරු­ණාව, දැන් මේ දුව උපාධි සමත් වෙලා විවාහ වෙලා පිට­රට ගියොත් මහල් ජෝඩුව තනි වෙනවා. ආද­රය කරු­ණාව සල්ලි­ව­ලට ගන්න බැහැ. එහෙම නැත්නම් දුව විවාහ වෙලා රස්සා­වට යාවි. උදේ ගිහින් හැන්දෑ­වට ගෙදර ඒවි. මෙයත් දරු­වන් වදලා අම්ම­ටයි තාත්ත­ටයි බාර දේවි ඇති දැඩි කරන්න. එදාට වෙන්නෙත් පන්ති... පන්ති යන්න ආච්චි­ටයි සීය­ටයි. පුතා නම් අම්මගේ හිර ගෙද­රින් නිද­හස් වෙලා යන්න ම ගියා. ණය ගනු­දෙනු ඉෂ්ට වුණේ නෑ. ඒ තර­හින් මැරිලා ප්‍රේත­යෙක් වෙලා ඉප­දිලා පළි­ග­න්නවා. ඒකත් ණය ගනු­දෙ­නු­වක්.”

තවත් දෙස­ති­යක් බෝධි පූජා පවත්වා ඒ අතර සාංඝික දාන­යක් පිරි­නමා පුතාට පින් පමු­ණුවා නැවත එන්නැයි උප­දෙස් දුන්නේය.

දාන මාන කට­යුතු නිමා කොට ඔවුහු නැවත පැමි­ණි­යහ. එදින ද සුමාලි දිෂ්ටි ගන්වා ප්‍රශ්න කළේය.

“කොහො­මද පින් අනු‍මෝ­දන් වුණාදැ?” යි ගවේ­ෂ­ක­ව­රයා භූතා­ත්ම­යෙන් ප්‍රශ්න කළේය.

“මොන පින් ද? පින් කියලා දෙයක් මට දැනුණෙ නෑ. මුන් දාන­යක් කියලා මුන්ට ඕනෑ ඕනෑ අය ගෙන්නුවා. තෑගි ‍බෝග දුන්නා. දානෙ ඉවර වෙලා අරක්කු බීලා උන් සතුටු වුණා. කෝ මගේ යාළුවො? මගේ පන්තියෙ යාළුවො? ගමේ යාළුවො? අක්කගේ විශ්ව­වි­ද්‍යාල කෙල්ලො කොල්ලො ඇවිත් ජොලි කරලා ගියා. උන් විඳපු සතුට මට ම පුදු­මයි. උන් වින්ද නිද­හස මට ම පුදු­මයි. අනේ මුන්ගේ පින්කම්. මම දිගට ම පළි­ග­න්නවා.” යි ප්‍රේතයා කීවේය.

“මේ දව­ස්වල ගෙදර තත්ත්වය කොහො­මදැ?” යි ‍ගවේෂ­ක­ව­රයා දසු­න්ගෙන් ඇසීය

“මහ­ත්තයා: ඊයෙ අපේ ගෙද­රට පිරිමි ළම­යෙක් ආවා. දුව­ගේ­ බෝයි ප්‍රෙන්ඩ්. සාලයෙ තිබුණු අපේ මඟුල් පොටෝ එක ඒ ළම­යාගේ මූණට ඇවිත් දඩස් ගාලා වැදුණා. පුතා ගෙනැල්ල මූණට ම ගැහුවා. මුහුණ වීදුරු කෑලි­ව­ලට කැපිලා ඒ ළම­යව බෙහෙත් දාන්න අර­ගෙන ගියා. අපි ගෙදර එන­කොට අම්ම­ගෙයි දුව­ගෙයි ඇඳුම් ඉරා දාලා” යි පියා කීවේය.

“ඔව්.. ඔව්.. මම එහෙම තමයි. උඹලා මම මැරිලා හත් දවසෙ දානෙ, තුන් මාසෙ දානෙ, අවු­රුද්දෙ දානෙ. මේ ළඟදි දීපු දානෙත් දීලා සංග්‍රහ කළේ උඹ­ලට වුව­මනා අයට. මගේ යාළු­වන්ට කිව්වේ නෑ. මම තොපෙන් පළි­ග­න්නවා.” භූතයා පියාගේ කතාව අසා කීවේය.

මිය ගිය පුතාගේ ගමේ සම­කා­ලීන මිතු­ර­න්ටත්. පාසල් මිතු­ර­න්ටත් ආරා­ධනා කර ආහාර පාන­යෙන් සංග්‍රහ කරන ලෙසත්, ගැහැනු ළම­යින් සිටින අනාථ නිවා­ස­ය­කට දාන­යක් පිරි­නමා ඔවුන්ට හොඳින් සංග්‍රහ කොට ඔවුන් විනෝද හා වන්දනා චාරි­කා­වක කැඳ­වා­ගෙන යන ලෙසත් එසේ ගොස් වන්දනා කරන හැම තැන­ක­දීම පුතාගේ නම කියා පින් අනු­මෝ­දන් කරන ලෙසත් නියම කළේය.

ඒ සංග්‍රහ සහ වන්දනා කට­යුතු නිමවා ඔවුහු නැවත පැමි­ණි­යහ. එදින ද භූතා­ත්මය ගෙන්වා ගවේ­ෂ­ක­ව­රයා ප්‍රශ්න කළේය.

“කොහො­මද දැන්?”

“මම සතුටු වුණා. අනු­රා­ධ­පු­රයෙ සිද්ධ­ස්ථාන දැකලා මට පුදුම සතු­ටක් ඇති වුණා.” යි ප්‍රේතයා කීවේය.

“ඒ ඔබ පෙර ජාති­වල අනු­රා­ධ­පු­රයේ ඉප­දිලා ඉඳලා තියෙ­නවා. සිද්ධ­ස්ථාන වන්දනා කරලා. ඒ “ගති” තමයි මතු වුණේ. එතැන සතුට නිද­හස සැන­සුම තියෙ­නවා නේ ද?” යි ඇසිය.
“ඔව්... ඔව්... මම හරිම සතු­ටුයි. ඒ තැන්ව­ලට”

“ඔව් ඔබට ඒ තැන්වල ගැවසුණොත් හැමදාම සතුටෙන් ඉන්න පුළුවන්” යැයි කී ගවේෂකවරයා දසුන් ලවා වැටකෙයියා මලක් ගෙන්වා භූතාත්මය ඊට සම්බන්ධ කොට ඔවුන් අතම අනුරාධපුරයට යැවීය.

මතුගම මහින්ද වි‍ජේතිලක - සිළුමිණ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top