Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
14
විවාහක කාන්තාවකට යැවූ SMS පණිවුඩය, 17 හැවිරිදි මාලිංගට දිවි අහිමි කළ හැටි මෙන්න - හලාවත ගමක් රත්කළ සිද්ධියේ සියලු තොරතුරු එළියට එයි

- විවාහක කාන්තාවකට යැවූ SMS පණිවුඩය, 17 හැවිරිදි මාලිංගට දිවි අහිමි කළ හැටි මෙන්න - හලාවත ගමක් රත්කළ සිද්ධියේ සියලු තොරතුරු එළියට එයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views
ධීවර ගම්මාන දෙකක් අතර ඇතිවූ ආරවුල කෙළවර වූ හැටි...
අත්අඩංගුවට පුද්ගලයින් 5දෙනා අතර කාන්තාවකුත්..
"පිහි ඇනුම කෑ තරුණයා සිහිසුන්ව බිම ඇද වැටුණා.."
 
ජංගම දුරකථනයක් ඔස්සේ එවන ලද කෙටි පණිවිඩයක් නිසා ඇති වූ සිදුවීමක දී අහිංසක තරුණයෙකුට ජීවිතයෙන් සමුගැනීමට සිදුවූ පුවතක් වාර්තා වූයේ ඉකුත් 23 වැනිදා හලාවත ඉරණවිල ප්‍රදේශයෙනුයි.
 
මෙහිදී ජිවිතක්ෂයට පත්වූයේ 'චින්තක මාලිංග සිල්වා' නම් 17 හැවිරිදි සිසුවෙක්. ඔහු ඉරණවිල ගම්මානයේ පර්චස් 15 ධීවර ගම්මානයේ පදිංචිව සිටි අතර ඔහු ඉරණවිල ශාන්ත පීතර කණ්ෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. මාලිංග මෙවර අපොස සාපෙළ විභාගයටද ඉදිරිපත් වුණා.

ඉරණවිල ගම්මානය පිහිටියේ හලාවත වෙන්නප්පුව මුහුදුබඩ මාර්ගය ආසන්නයේ යි. එම ගම්මානයේ බොහෝ දෙනාගේ රැකියාව ධීවර කර්මාන්තයයි. එම ගම්මානයේ ජීවත්වන්නන් බහුතරයක් කතෝලික ජනතාවයි. ඒ නසාම නත්තල සැමරීමට එම ගම්මානයේ ජනතාව ඉතා උද්යෝගයෙන් ඒ සඳහා සුදානම් වීම නත්තල උදාවීමට දින කීපයක් තිස්සේ සිදුවන්නක්.
 
තරුණ තරුණියන් මේ සඳහා වැඩි උනන්දුවක් දක්වද්දි මුහුදුබඩ මාර්ගය ආසන්නයේ පිහිටි පළතුරු බීමහලක ගවලෙනක් ඉදිකිරීමට ප්‍රදේශයේ තරුණ තරුණියන් ඒකරාශී වෙමින් සිටියා.
 
ඉරණවිල ග්‍රාම සේවා වසමේ පිහිටි 'පර්චස් 15' සහ 'අක්කර 40' යන ධීවර ගම්මාන දෙකේ තරුණ පිරිස මේ සඳහා වෙහෙස මහන්සි වුණා. මේ අවස්ථාවට සහභාගී වී සිටි තරුණ පිරිස අවුරුදු 15 සිට 23 දක්වා පමණ වයස් කාණ්ඩයකට අයත් අය වූණා.
 
එදින දහවල් 1.30ට පමණ එම පිරිස අතර සිටි තරුණයෙකු එම ප්‍රදේශයේම පදිංචි විවාහක කාන්තාවකගේ ජංගම දුරකථනයකට යොමුකළ කෙටි පණිවුඩයක් හේතුවෙන් දෙපිරිසක් අතර ආරවුලක් ඇතිවුණා. එම ආරවුල දුරදිග යාමට ගත වූයේ ඉතා කෙටි කාලයක් පමණයි.
 
'පර්චස් 5' සහ 'අක්කර 40' යන ධීවර ගම්මාන දෙකේ පාර්ශව දෙකක් අතර මෙම ගැටුම හට ගැණුනා.
 
මුලින් තරුණ කීප දෙනෙක් අතර මම ගැටුම හට ගැණුනු අතර සුළු වේලාවකින් එම පාර්ශවයින් දෙකේම අය තමන්ගේ වැඩිහිටි හා ඥාතීන්ට මේ සම්බන්ධව දුරකථන මාර්ගයෙන් දැනුම් දීමෙන් පසු එම ස්ථානයට ගම්මාන දෙකේ විශාල පිරිසක් පැමිණියා.
 
එසේ පැමිණි ඇතැම් අය අත අවි ආයුධ ද තිබුණු අතර දෙපිරිස අතර ගැටුම ඇති වූයේ එම පළතුරු බීම හල ඇතුළත හා පිටතදීයි.
 
මෙම ගැටුම වී විනාඩි කිහිපයක් ගත වෙද්දි පළතුරු බීමහලේ ඇතුළේ සිටි තරුණයෙකුට කිසිවකු විසින් තියුණු ආයුධයකින් ඇනීම හේතුවෙන් ඔහු ලේ විලක් මැද සිහිසුන්ව ඇද වැටුණා.
 
අනතුරුව මේ පිහි ඇනුමට ලක් වූ තරුණයා අවට සිටි අය විසින් ත්‍රීරෝද රියකින් හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළත් ඒ වන විටත් ඔහු සිය අවසන් හුස්ම වාතාලයට මුසු කර හමාරව තිබුණා.
 
මෙසේ ඝාතනයට ලක් වූ තරුණයා පර්චස් 15 ගම්මානයේ පදිංචිව සිටි අයෙක්. ඔහු ඉරණවිල සාන්ත පීතර විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා සිය පියාගේ රැකියාවට උදව් කරමින් ජීවිකාව පවත්වාගෙන ගිය අයෙක්.
 
ඔහුගේ පියා බහුදින යාත්‍රාවකින් ධීවර කටයුතුවල නිරත වූ අයෙක්. පාසල් දිවිය හමාර කර පියා සමඟ බහුදින යාත්‍රාවේ රැකියාවේ නිරත වීමේ අවස්ථාව ලබාගැනීමට ඔහු උත්සහා කළත් එය නොහැකි වූයේ අවුරුදු 18 ඉක්මවා නොසිටි නිසාවෙනුයි.
 
ඒ නිසා ඔහු එදිනෙදා පවත්වාගෙන ගිය ධීවර කටයුතුවල නිතර වූවා. පවුලේ වැඩිමලා වූ ඔහුට බාල නැගණියක්ද සිටියා.
 
කෙසේ වෙතත් මෙම ගැටුමේදී තවත් කීප දෙනෙක්ද තුවාල ලබා රෝහල්ගත කළ අතර මේ වන විට එම පිරිසද සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සඳහන්.
 
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ පොලිසිය පුද්ගලයින් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් එක් අයෙක් කාන්තාවක්. ඇය පළතුරු බීම හලේ අයිතිකරුගේ බිරියයි. සෙසු පිරිස අවුරුදු 20 ටත් වැඩි තරුණයින්.
 
මේ ඝාතනය සිදුවන අවස්ථාවේ එම දෙපිරිස අතර සිටි තරුණ පිරිසගේ මාපියන්ද එහි සිට ඇති අතර එම පිරිසද ගැටුමට සම්බන්ධ වීම අවාසනාවන්ත තත්ත්වයක් බවත් එම පිරිසට මෙම සිද්ධිය වැළැක්වීමට බොහෝ ඉඩකඩ තිබූ බව එම ගම්මානයේ බොහෝ පිරිසකගේ මතයයි.
 
වැඩිහිටි පාර්ශව තම දූ දරුවන් ඇතිකර ගන්නා මෙවැනි ආරවුල් වලදී ඉතාමත් කල්පනාකාරීව කටයුතු කරමින් එම ගැටුම් දුරදිග යාම වළක්වා තම දූ දරුවන් අපරාධවලට යොමුවීම වැළැක්වීමට කටයුතු කළ යුතු බව හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක සෙනරත් එදිරිසිංහ මහතා සඳහන් කරනවා.
 
මාලිංගගේ ඝාතනය සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් හලාවත මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු රඛිත අබේසිංහ මහතා මේ මරණය සිදුකළ බවට සැකකරන ධීවර කාර්මිකයකු ඇතුළු පුද්ගලයින් සිවු දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබුවා.
 
කාන්තාවක් සම්බන්ධයෙන් සිද්ධියක් මුල් කරගෙන අවුරුදු 17, 19, 20, 23, 26 යන වයසේ දෙපිරිසක් අතර ඉරණවිල පළතුරු වෙළඳසැලක් අසළ ඇති වූ බහින්බස් වීමක් ගැටුමක් බවට පරිවර්තනය වී කළ පිහි ඇනුමකින් මාලිංගගේ මරණය සිදු වී ඇති බව අධිකරණයෙදී හෙළි වුණා.
 
පිහි ඇනුමින් තුවාල ලැබූ ඉරණවිල පදිංචි 26 හැවිරිදි ඉමේෂ් දිනුඳු කුමාර අප්පුහාමි නම් ධීවර කාර්මිකයෙකු තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබනවා. හලාවත රෝහලේ වැඩබලන අධිකරණ වෛද්‍ය නිලධාරි එච්. එම්. වසන්ත කුමාර මහතා සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණය පැවැත්වූවා. ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවයි හලාවත පොලිසිය සඳහන් කළේ.
 
මිහිර විජේසේකර
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top