සමලිංගිකත්වය දෙස ලංකාව වැනි රටක බලන්නෙත් බැලෙන්නේත් හොරැහින්. එවැනි සමාජයක සමලිංගික චිත්‍රපටයක් තිරගත වුවහොත් තත්ත්වය කුමක් වේවි ද ? අද අප කතාකරන්නේ ශ්‍රී ලංකාවේ බිහි වූ පළමු සමලිංගික චිත්‍රපටය ලෙස ඇතැමුන් හඳුන්වන එහෙත් තවමත් තිරයට නොපැමිණි ෆ්‍රැන්ජිපැනි සිනමා කෘතිය පිළිබඳවයි.
චිත්‍රපටයේ අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් ඕස්ට්‍රේලියාවේ සිට හිරු ගොසිප් සමඟ මේ අලුත් අත්දැකීම ගැන ස්කයිප් තාක්ෂණය ඔස්සේ මෙලෙස කතාබහට එක් වුණා.ඔහු මෙය හඳුන්වන්නේ සමකාමී චිත්‍රපටයක් ලෙසයි.
ප්‍රශ්නය - සමකාමී යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද ?
පිළිතුර - සමකාමී වචනේ පාවිච්චි කරන්නෙම අපි මේක ලිංගිකත්වයෙන්, ලිංගික සම්බන්ධතාවලින් එහා යන දෙයක්. පුද්ගලයින් එකිනෙකා කෙරෙහි ආදරයක් ඇති වෙනවා. දෙවනුව මේක ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් කතාවක්.
ප්‍රශ්නය - ෆ්‍රැන්ජිපැනි නිර්මාණය කරන්න අදහස් කළේ ඇයි. ?
පිළිතුර - ලංකාවේ මේ විෂය ගැන කතා කරන චිත්‍රපට බිහිවුණත් සාමකාමී අයගේ අයිතීන් රැකගන්න හැකිවුණේ නැ. ඒ සඳහා සාකච්ඡාවක් ගොඩනැගීමේ අරමුණින් තමයි
මේ නිර්මාණය කළේ. මිනිසුන්ට ආදරය කිරීමට ඇති අයිතිය පෙන්වා දීම මූලික අරමුණක්.
ප්‍රශ්නය - මේ චිත්‍රපටය සඳහා රංගන ශිල්පින් සොයා ගන්න වෙහෙස වෙන්න වුණා ද ?
පිළිතුර - නළුවෝ දහයකට දොළහකට විතර කතා කළා.ඇතැම් අය පිටපත දැක්ක ගමන් බෑ කිව්වා.තවත් අය අන්තිම මොහොතේ බෑ කිව්වා.
ප්‍රශ්නය - ඒ ඇයි ?
පිළිතුර -ඇතැම් රංගන ශිල්පින් සම්ප්‍රදායක විදිහටයි හිතන්නේ.ගමේ අය වැරදි විදිහට හිතයි කියලා ඇතැම් අය බෑ කියනවා.තවත් අය බස් එකක යන්නවත් බැරිවෙයි කියලා පසු බහිනවා.
ප්‍රශ්නය -ෆ්‍රැන්ජිපැනි දැන් නැවතිලා තියෙන්නේ කොතැනද ?
පිළිතුර - රැඟුම් පාලක මණ්ඩලයේ
ප්‍රශ්නය - අනුමැතිය ලැබෙයි කියලා හිතනවද ?
පිළිතුර - මුලින් මට ප්‍රශ්නයක් තිබුණා දේශපාන අගතිගාමී කණ්ඩායම් එක්ක මේක කරන්න පුලුවන්ද කියලා.එත්,මම හිතනවා ලංකාවේ ජනතාවට එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා.ආණ්ඩුව වෙනස් වීම නිසා මම හිතනවා යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා.
ප්‍රශ්නය - ලංකාවේ නිතිය අනුව සමකාමී(සමලිංගික)පුද්ගල අයිතීන් රැකෙනවද ?