බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරෙනවා.
ඔහු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිවිරෝධී ගිනි අවියක් සහ අසභ්‍ය දර්ශන ඇතුළත් සංයුක්ත තැටි ළඟ තබාගැනීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේයී.
එමෙන්ම මන්ත්‍රීවරයා අද දිනයේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලීසිය සඳහන් කළේ.
රජය අපහසුතාවයට පත්කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය සිදුකරන විමර්ශනයකට අදාළව රන්ජන් රාමනායකගේ මාදිවෙල පිහිටි නිල නිවස ඊයේ පස්වරුවේ පරීක්ෂා කෙරුණු අතර, එහිදී මෙම නීතිවිරෝධී ද්‍රව්‍ය පොලිස් භාරයට ගැනුණා.
රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් සිදුකළ කුමන්ත්‍රණයක් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය මගින් සිදුකළ විමර්ශනයකදී රන්ජන් රාමනායක සහ පොලිස් නිලධාරීන් අතර සිදුවු දුරකතන සංවාද ඇතුළත් සංයුක්ත තැටියක් මීට පෙර පොලිසිය සොයාගෙන තිබෙනවා.
මාදිවෙල ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට අයත් මන්ත්‍රී නිල නිවස පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කළේ අදාළ විමර්ශනවල දිගුවක් ලෙසයි.
මේ සඳහා නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල විසින් සෝදිසි වරෙන්තුවක්ද නිකුත් කර තිබුණා.
සෝදිසි මෙහෙයුම අතරතුරදී මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන් අපහසුතාවට ලක්වන අයුරින් හැසිරෙන අයුරු දක්නට ලැබුණා.
රජය අපහසුතාවට පත් කිරීමේ කුමන්ත්‍රණයට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධ බවට සැකපිට ඔහුගේ නිවසේ ඇතැයි සැලකෙන ඊට අදාළ ලිපිගොනු කිහිපයක් සොයා මෙම පරීක්ෂාව සිදුකළ බව උසස් පොලිස් නිලධාරියෙක් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී නීතිවිරෝධී ගිනි අවියක් සහ හිස් පතොරම් කොපු සහ ජීව උණ්ඩ 127ක් පොලිසිය භාරයට ගැනුණා.
ඊට අමතරව අසභ්‍ය චිත්‍රපට හා විවිධ සංවාද ඇතුළත් සංයුක්ත තැටි 200කට අධික ප්‍රමාණයක් සහ ලිංගික උපකරණ කිහිපයක්ද, සැක කටයුතු ලේඛණ කිහිපයක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා.
පැය 04කට ආසන්න කාලයක් නිවස සෝදිසි කළ පොලිසිය ඊයේ රාත්‍රි 7.30 ට පමණ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගත්තේ වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායී.
ඉන් අනතුරුව ඔහු නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන එනු ලැබුවා.