Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
03
කවදාවත් හමුනොවුණු තමන්ගේම පුංචි දූ බලන්න සජීවී වැඩසටහනක් මැද්දේ ආපු තාත්තා ප්‍රේක්ෂකාගාරයම සංවේදී කළ හැටි - Video

- කවදාවත් හමුනොවුණු තමන්ගේම පුංචි දූ බලන්න සජීවී වැඩසටහනක් මැද්දේ ආපු තාත්තා ප්‍රේක්ෂකාගාරයම සංවේදී කළ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

90 Views
දරුවන් සහ දෙමව්පියන් අතර තියන සම්බන්ධය මහා පුදුමාකාර දෙයක්. සමහර වෙලාවට ඒක මෙහෙමයි කියලා හරියට නිර්වචනයක් දෙන්න බැරි හැඟීමක්. ඒ නිසාමයි ඒක මේ ලෝකයේ තියන උතුම්ම බැඳීම බවට පත්වෙන්නෙත්.

තමන් ලෝකේ කොහේ හිටියත් බොහොමයක් දෙමව්පියන්ට තමන්ගේ දරුවන් වෙනුවෙන් තියන ආදරයේ වෙනසක් සිද්ධ වෙන්නේ නෑ. බොහොමයක් කියලා කියන්න සිද්ධ වුනේ වාර්තාමය වෙද්දී එහෙම නොවන දෙමව්පියන් ගැනත් ඉඳහිට අපිට අහන්න දකින්න ලැබෙන නිසා.
 
මේ කියන්න යන අදාළ සිදුවීම සිද්ධ වෙලා තිබුනේ මීට ටික කාලයකට කලින් විදේශීය රූපවාහිනි වැඩසටහනක. Good Morning America කියන ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් අතරතුර තමයි මේ අපූරු සිදුවීම සිද්ධ වෙන්නේ. මේ වැඩසටහනේ ප්‍රේක්ෂකාගාරයේ වාඩිවෙලා ඉන්නවා පුංචිම පුංචි හුරතල් දුවෙක් වඩාගත්ත අම්මා කෙනෙක්. එයාගේ නම කැසී. ඇය ඇවිල්ලා තිබුනේ මේ වැඩසටහනට සහභාගී වෙන්න ආපු තමන්ගේ සහෝදරයත්, ඔහුගේ පෙම්වතියත් එක්ක.

ඉතින් පුංචි දරුවා අතින් දරාගෙන ඉන්න මේ අම්මා දැකපු නිවේදකයා ඇය සමග කතාකරන්නට පටන් ගන්නවා. ඒ කතාබහේදී දැනගන්න ලැබෙන්නේ ගොඩක් අය හිතුවේ නැති විදිහේ සංවේදී කතාවක්. කැසිගේ සැමියා ජෝෂ් එරට යුධ හමුදා නිලධාරියෙක්. ඔවුන් දෙදෙනා විවාහ වෙලා ලොකු කාලයක් යන්නත් කලින්ම කැසී ගැබ් ගන්නවා. කුලුඳුලේම දෙමව්පියන් වෙන්න යන මේ තරුණ යුවළ කොච්චර සතුටු වෙන්න ඇත්ද කියලා ඔබට හිතාගන්න පුළුවන් වෙයි. කණගාටුවට කරුණ වෙන්නේ ඉපදෙන්න ඉන්න මේ දරුවා ගැන දහසක බලාපොරොත්තු තියාගෙන දිගටම එහෙම සතුටු වෙන්න මේ දෙන්නට අවස්ථාව ලැබෙන්නේ නෑ. ජෝෂ්ට හදිසියේම සේවයට වාර්තා කරන්න කියලා පණිවිඩයක් ලැබෙනවා. රැකියාවට අවනත වෙලා ඔහු පිටත්ව යන්නේ තමන්ගේ දරුවාගේ මූන එකම එක වතාවක්වත් නොදැක. ඔහු යන්නෙත් අද හෙට එන්න පුළුවන් වෙයි කියලා හිතන ගමනකුත් නොවීම තමයි මෙතන තිබුන ලොකුම ගැටලුව.

එතනින් එහාට තමයි ප්‍රශ්නය පටන් අරන් තියෙන්නේ. ඉපදෙන්න ඉන්න දරුවාගේ සම්පුර්ණ බර මේ තරුණ අම්මා කැසීගේ කර පිටට පැවරෙන්නේ එහෙම. හැබැයි ඇය එක මොහොතකටවත් ඒ ගැන දුක්වුනේ නෑ හැකි උපරිමයෙන් තමන්ගේ දරුවා වෙනුවෙන් කැප වුනා කියලා ඇයගේ දෙමව්පියන්, යහළුවන් කියන්නේ හැඬු කඳුලින්. ඉතින් මාස ගාණක් ගත වෙලා ගිහින් අන්තිමට පුංචි සුරංගනාවියක් මේ ලෝකෙට එනවා. ඉපදුනාට පස්සෙත් අම්මගෙයි තාත්තාගෙයි දෙන්නගෙම ආදරය මේ දරුවට දෙන්න මේ අම්මා උපරිම උත්සහ ගන්නවා. දරුවා ලැබෙන්න කලින් පුළුවන් හැම වෙලාවකම මේ තාත්තා වීඩියෝ කෝල් මගින් අම්මගෙත් දරුවාගේත් දුක සැප හොයලා බලනවා. දරුවා ඉපදුනාම ඉතින් අම්මගේ දුරකතනයට එන මේ ඇමතුම ටික ටික වැඩි වුනා කිව්වොත් හරි.

දැන් පුංචි දුවට අවුරුද්දක් කිට්ටු වෙන තරමට වයසයි. හැබැයි මේ තාත්තයි දුවයි කිසිම දවසක මුණගැහිලා නෑ. ඉතින් මේ Good Morning America වැඩසටහනේ නිෂ්පාදක කණ්ඩායම සජීවීව මේ ආදරණිය තාත්තාට වීඩියෝ කෝල් එකක් ගන්නවා වැඩසටහන අතරතුරම. මේ තරුණ අම්මා බොහොම සංවේදී වෙලා දුවත් වඩාගෙන තාත්තා එක්ක වීඩියෝ කෝල් එකේ සංවාදයේ නිරත වන අතරතුර ප්‍රේක්ෂකාගාරයේ හැමෝම පුදුම කරවමින් මැදිරියේ බිත්තිය මෑත් කරගෙන අම්මයි දුවයි ඉන්න තැනට එනවා. ඒක ඒ මොහොතේ කිසිකෙනෙක් බලාපොරොත්තු නොවුන ප්‍රේක්ෂකාගාරයේ හැමෝම සංවේදී කරපු කාරණාවක් වුනා. මේ තාත්තා තමන්ගේ බිරිඳව ආදරයෙන් සිප වැළඳගෙන ඊට පස්සේ තමන්ගේ පුංචි දුවව දෝතට ගන්න ඒ මොහොත හැමෝටම සුවිශේෂී එකක් වුනා. ඒක තමයි තාත්තගෙයි දුවගෙයි පළමු හමුවීම. හැමෝවම සංවේදී කරපු හැමෝගෙම ඇස්වලට කඳුළු ගෙනාව මේ වීඩියෝ එක ලෝකය පුරා අති විශාල පිරිසකගේ ආදරයට ලක්වෙලා තිබුනා.

පහලින් එම වීඩියෝව





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top