Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
23
වියරු වූ කාළගුණයෙන් 64,000කට පීඩා - ජලාශ 42ක් වාන් දමයි - සහන සැලසීමට නාවික හමුදාවෙන් විශේෂ මෙහෙයමුක් - දිස්ත්‍රික්ක 6ක නායයෑමේ අවදානම තවදුරටත් - Video

- වියරු වූ කාළගුණයෙන් 64,000කට පීඩා - ජලාශ 42ක් වාන් දමයි - සහන සැලසීමට නාවික හමුදාවෙන් විශේෂ මෙහෙයමුක් - දිස්ත්‍රික්ක 6ක නායයෑමේ අවදානම තවදුරටත් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20 Views
පස්සර - ලුණුගල මාර්ගය අවදානම නිසා සම්පූර්ණයෙන් වසාදමලා..
සෝමාවතී පූජා භූමියට පිවිසෙන මාර්ගයත් ජලයෙන් යට වෙලා..
ත්‍රිකුණාමලය - මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් නැහැ..
 
දිස්ත්‍රික්ක 13කට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පවුල් 18,840කට ආසන්න සංඛ්‍යාවකට අයත් පුද්ගලයින් 64,608ක් තවදුරටත් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
 
එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනුරාධපුරය, පොළොන්නරුව, වවුනියාව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට තවදුරටත් ඉතා තද වැසි අපේක්ෂා කරන බවයි.

ප්‍රධාන ජලාශ 75 ජල ප්‍රතිශතය සියයට 87 දක්වා ඉහළ ගොස් ඇති අතර, ජලාශ 42 ක් තවදුරටත් වාන් දමන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
 
එහි ජලකළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න සඳහන් කළේ කන්තලේ ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කර ඇති බැවින් තඹලගමුව, මොල්ලිපොතාන, කින්යා ප්‍රදේශවල ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් සිටිය යුතු බවයි.
 
එමෙන්ම කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බැවින් මැදිරිගිරිය, කහඹියාව, කඹුරාන, පල්ලියගොඩැල්ල ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටින ලෙසද දැනුම්දෙනවා.
 
ඉඟිනිමිටිය, තබ්බෝව, රාජාංගණය, නුවරවැව, අභයවැව, තිසාවැව, මහවිලච්චිය, ඒරුවැව සහ මහකනදරා වැවද තවදුරටත් වාන් දමමින් පවතිනවා. නාච්චාදූව, හාල්පන්ඇල, යාන්ඔය, අංගමුව ජලාශය, දැදුරුඔය ජලාශය, ලුණුගම්වෙහෙර, මව්ආර, යෝධවැව, රඹකැන්ඔය, පරාක්‍රම සමුද්‍රයද වාන් දමමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
 
මාතලේ, මහනුවර, නුවරඑළිය, බදුල්ල, මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පැනවූ නායයෑමේ අවදානම තවදුරටත් පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.
 
වැසි හේතුවෙන් පොළොන්නරුව - මඩකලපුව මාර්ගය, ගල්ලෑල්ල ප්‍රදේශයෙන් තවදුරටත් වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇති අතර, සෝමාවතී පූජා භූමියට පිවිසෙන මාර්ගයද තවදුරටත් ජලයෙන් යටව පවතිනවා.
 
ඒ 9 මාර්ගය, මාතලේ - පලාබද්දල ස්ථානයෙන් එක් පැත්තක් කැඩී ගොස් ඇති අතර, මේ නිසා වාහන ගමනාගමනය එක් මංතීරුවකටයි සීමා කර ඇත්තේ.
 
බිබිල - මොණරාගල මාර්ගය 17 කණුව ස්ථානයෙන් යටවී පැවතීම හේතුවෙන් වාහන ගමනාගමනය අඩාල වී තිබෙනවා.
 
පස්සර - ලුණුගල මාර්ගය නායයෑමේ අවදානමක් හේතුවෙන් සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර, බදුල්ල - රේන්දපොල - අඹේවෙල මාර්ගයද වසා දමා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
 
එමෙන්ම කෝන්වැව සහ කලාවැව අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් ත්‍රිකුණාමලය - මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් සිදුනොවන බව පාලක මැදිරිය ප්‍රකාශ කළා.
 
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, ඒ අනුව වයඹ නාවික විධානයේ කණ්ඩායම් හතරක් කල්අඩිය, නවගත්තේගම, සාලියවැව සහ එළුවන්කුලම ප්‍රදේශයේ සහන සේවා සඳහා එක්ව සිටිනවා.
 
නැගෙනහිර නාවික විධානයේ කණ්ඩායම් 8 ක්, පොළොන්නරුව, කිරාන්, මැදිරිගිරිය, පුලස්තිපුර ප්‍රදේශවලත්, උතුරුමැද නාවික විධානයේ කණ්ඩායම් 9 ක් ගල්නෑව, තඹුත්තේගම, ඉපලෝගම, රාජාංගණය, හූරිගස්වැව ප්‍රදේශවල සහන සේවා සඳහා එක්ව සිටින බවත් නාවික හමුදාව ප්‍රකාශ කළා.
 
දකුණු නාවික විධානයේ කණ්ඩායමක් සෙල්ලකතරගම සහන කටයුතු සඳහා එක්ව සිටින අතර, ගිනිකොණ නාවික විධානයේ කණ්ඩායමක් පානම ප්‍රදේශයේත් සහන සේවා සඳහා එක්ව සිටින බවයි නාවික හමුදාව තවදුරටත් කියා සිටියේ.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top