Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
14
"මට වැරදුණා. මීට කලිනුයි මම මේ තීරණය ගන්න හිටියේ.." - අවුරුදු 22ක තරුණියක් සහ දෙදරු පියෙකු වසර ගණනාවක් පැවැත්වූ අනියම් ඇසුර ඛේදවාචකයකින් නිමා වූ හැටි

- "මට වැරදුණා. මීට කලිනුයි මම මේ තීරණය ගන්න හිටියේ.." - අවුරුදු 22ක තරුණියක් සහ දෙදරු පියෙකු වසර ගණනාවක් පැවැත්වූ අනියම් ඇසුර ඛේදවාචකයකින් නිමා වූ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,586 Views
"මම වැරදි වැඩක් කළා. සමාවෙන්න. මගේ ළමයි දෙන්නා හොඳින් බලාගන්න.."
"ලොකු දුව නිලුක්ෂිට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා එයා මට කිව්වා..."
"දෙන්නම එකට මැරෙමු කියලා තීරණය කළා. අපි සමුගන්නවා.."
 
අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සිය අනියම් බිරිය සමඟ නිවස තුළ මියගොස් සිටි පුවතක් පසුගියදා වාර්තා වූයේ නවගමුව පොලිස් බල ප්‍රදේශයෙනුයි. 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට පසුගියදා ලැබුණූ තොරතුරකින් කියවුණේ කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ නිවසක් ඇතුළේ අඹුසැමියන් ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවයි. 

එදින අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නොසිටි බැවින් වැඩ බලන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේ උපපරීක්ෂක අබේවික්‍රම මහතා යි.

ඒ වන විට අදාළ නිවස අසල සැලකිය යුතු පිරිසක් එක් රොක්ව සිටියේ එහි සිදුවී ඇත්තේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකිවයි.
 
නිවසේ ඉදිරිපස දොර වසා තිබුණත්, පිටුපස දොර තිබුණේ විවෘතවයි. එම ස්ථානයේ විලාප තබමින් සිටියේ මියගිය කාන්තාවගේ මවයි.
 
"මම ඊයේ හවස වැඩට ගිහින් අද උදේ තමයි ගෙදර ආවේ. ඒ එනකොට ඉස්සරහ දොර වහලා තිබුණා. පිටිපස්සට ගිහින් බැලුවම දොර ඇරලයි තිබුණේ. ගෙට ගියාම තමයි මේක දැක්කේ.."
 
පොලිසිය එම නිවස වටා කහ පටි යොදා ආරක්ෂා කළේ සාක්ෂි විනාශ වීමට ඉඩ ඇති නිසයි.
 
එය නිවාස තුනකින් යුත් නිවාස පේළියක්. කුලී පදනම මත ලබාදීම පිණිස මෙම නිවාස ඉදිරිකර තිබුණා. පිටුපස දොරින් ඇතුළු වී සාලය පසුකර වම් පැත්තට වන්නට පිහිටා තිබූ කාමරය වෙත ගමන් කළ පොලිස් නිලධාරින් දුටු දසුනින් ගල් ගැසුණේ එම යුවළ මිය ගිය ආකාරය දැකීමෙනුයි. පාර පැත්තට වන්නට තිබූ කාමරයේ තිබූ ජනේලය අසළ මිය ගිය පුද්ගලයා සිටියේ රෙදි පටියකින් වහළයේ ගෙළ වැළලාගෙනයි.
 
එහෙත් ඔහුගේ දෙපා තිබුණේ බිමයි. ඔහු සිටියේ සිටගෙන සිටින ආකාරයටයි. කාන්තාව ඒ අසළම අඩි දෙක හමාරක් පමණ වන ජනේලයේ ගෙළ වැළලාගෙන මිය ගොස් සිටියේ බිම ඉඳගෙන සිටින ආකාරයටයි. බැලූ බැල්මට මෙය ගැටළු සහගත සිද්ධියක් වුණා.
 
පොලිසිය මුලින් සැක කළේ පිරිමියා කාන්තාව ඝාතනය කර ගෙළ වැළලා ගත් ආකාරය ඒත්තු ගැන්වීමට රෙදි පටියකින් ජනේලයේ ගැට ගසා ඇති බවයි. පසුව මෙම පුද්ගලයා ගෙල වැළලා ගන්නට ඇති එම අවස්ථාවේ පොලිස් නිලධාරින් අනුමාන කළේ මේ දෙදෙනා ඒ අවස්ථාවේ සිටි 'ඉරියව්' අනුවයි.
 
එම ස්ථානයේ ජංගම දුරකථනයක් පොළව් ගසා ඇති අයුරුත්, යම් කිසි 'පෙති වර්ගයක්' සමඟ කුඩා බෝතලයක් බිම වැටී අයුරුත් පොලිසියට දැක ගත හැකි වුණා. අනතුරුව සියලු පරීක්ෂණවලින් පසුව සිරුර මෘතශරිරාගාරයට රැගෙන යන ලෙස පොලිසියට නියෝග ලැබුණා.
 
පොලිසිය මේ පිළිබඳ විමර්ශණ ආරම්භ කළේ ඉන් අනතුරුවයි. එහිදී හෙළිදරව් වුණේ මෙවන් කතාවක්.
 
කඩුවෙල, බෲක්වත්ත ලිපිනයේ පදිංචිකරුවෙකු වන 'කුමාර' 35 හැවිරිදි අයෙක්. විවාහක දෙදරු පියෙක් ද වන ඔහු කොරතොට ප්‍රදේශයේ 'ගල්වලක' රැකියාවේ නිරත වුණා. අවුරුදු 13ක ගැහැණු දරුවෙකු හා අවුරුදු 5ක පිරිමි දරුවෙකු ගේ පියෙක් වන ඔහු පවුල් ජිවිතය හොඳින් ගෙන ගියා.
 
මේ පවුලේ අය ලැබෙන දෙයක් කා බී නිදහසේ ජිවත් වුවත් ඔවුන්ගේ කුඩා කැදැල්ල කඩා වැටෙන්නට වැඩි කාලයක් ගත වූයේ නැහැ. ඒ කුමාරගේ යම් වෙනසක් බිරියට අවබෝධ වීමෙන් පසුවයි. ඔහු නිතර නිතර නිවසින් පිට රාත්‍රීය ගෙවා දැමීමට කටයුතු කිරීම නිසා ඇය සිටියේ මේ ගැන විමසිලිමත්වයි.
 
නිවසේ සිටින විටද සැමියා සිය ජංගම දුරකථනය කනේ ඔබාගෙන පැත්තකට වී කතා කරමින් සිටීමද ඇගේ සිතට වේදනාවක් ගෙන දුන්නා. මේ නිසාම බිරිය සුළු දේටත් ඔහු සමඟ ආරවුල් ඇති කරගන්නට පටන් ගත්තා.
 
මේ හේතුවෙන් සිදුවූයේ ඇය තව තවත් අසරණ වීම මිස, කුමාර ඇය වෙත නැඹුරු වීම නම් නොවේ.
 
මේ අතර ඇයට දැන ගැනීමට ලැබුණේ කුමාර කිසියක් කාන්තාවක් සමඟ ඇසුරක් පවත්වන බවයි. ඒ මීට වසර පහකට පමණ පෙරයි. ඇය කොතෙක් ඇවිටිලි කළත් මෙම ඇසුර කුමාර නතර කළේ නැහැ. මේ නිසා ඇය පොලිසියේ පිහිට පැතීමට තීරණය කළා. එහෙත් ඉන් අත්වූ සෙතක් නැහැ. සිදු වූයේ කුමාර තව තවත් බිරිය ප්‍රතික්ෂේප කිරීම පමණයි. අවසානයේ මේ ආරවුල පොලිසිය තෙක් දුර දිග ගියා.
 
"උඹ මට විරුද්ධව පොලිසි ගියේ කිලුක්ෂිකත් එක්ක තියෙන සම්බන්ධේ නතර කරන්නනේ. පුළුවන් නම් බලපන්කෝ නතර කරලා.." කුමාර එසේ බිරිය සමඟ මේ අනියම් සම්බන්ධය නිසා නිතරම දබර කරගත්තේ ඔවුන්ගේ නිවසම ගිනි බත් කරමිනුයි.
 
කුමාර මේ සම්බන්ධය ඇති කරගත් 'නිලුක්ෂිකා' අවිවාහකයි. 22 වියේ පසුවූ ඇයට සිටියේ එක් බාල සහෝදරියක් පමණයි. ඔවුන් පදිංචිව සිටියේ කඩුවෙල, පහළ බෝමිරිය ප්‍රදේශයේ.
 
"කුමාර මීට වසර පහකට පමණ පෙර ගෑණු කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තා. මම ඒ ගෑණු කෙනාගේ නම නිලුක්ෂිකා කියලත් දැනන් හිටියා. ඒත් එයා කොහෙද කියලා දැනන් හිටියේ නැහැ.." බිරිය පොලීසියට කීවේ එවන් කතාවක්.
 
පොලිසියේ පැමිණිලි කිරීමෙන් පසුවද බිරියට සැමියාගේ මේ අයුතු සම්බන්ධය නතර කර ගැනීමට අපහසු වුණා.
 
දිගින් දිගටම බිරිය අඬ දබර ඇති කරගන්න නිසා කුමාර සිය අනියම් බිරිය විදේශගත කිරීමට කටයුතු කළා.
 
ඒ සඳහා අවශ්‍ය මුදල්ද දුන්නේ කුමාර විසිනුයි.
 
"මීට මාස පහකට විතර පස්සේ ඒ ගෑණු කෙනා රට ගියා කියලා මම දැනගත්තා. මොන රටටද කියලා මම දන් නෑ.."
 
ඔහු ඇයව පිටත් කර හැරියේ ජෝර්දානයටයි. ඇය එම රටේ වසර තුනක් පමණ රැකියාව කළා.
 
නැවත ඇය මෙරටට ආවේ මීට මාස හතරකට පමණ පෙරයි. ඒ පැමිණි පසුව නැවතත් දෙදෙනා අතර ඇසුර දලුලා වැඩුණේ පෙරටත් වඩා සරුවටයි.
 
රට ගොස් පැමිණ මාස දෙකක් ගතවන විට නිලුක්ෂිකා කුලී නිවසක පදිංචි වීමට තීරණය කළා. ඒ තම මවද සමඟ. 43 හැවිරිදි වියේ පසු වූ නිලුක්ෂිකාගේ මව කඩුවෙල ප්‍රදේශයේ රාත්‍රී හෝටලයක සේවය කළා.
 
"අපි හිටියේ පහළ බෝමිරියේ. ලොකු දුව කිව්වා එහේ ඉන්න බෑ අපි කුලියට ගෙයක් අරගෙන මෙහෙන් යමු කියලා. ඒ හින්දා තමයි කොරතොට, දේවාල වත්තේ මේ ගේ කුලියට අරන් අපි පදිංචි වුණේ.." නිලුක්ෂිකාගේ මව තම දියණිය ගැන කියන්නේ එවන් කතාවක්.
 
කුමාර රැකියාව කළ ගල්වළ පිහිටා තිබුණේද කොරතොට ප්‍රදේශයේමයි. ඔහු රැකියාවට ගියේ ඔහුගේ ත්‍රීරෝද රියෙනුයි. ගල්වළේ ද ඔහු රැකියාව කළේ රියදුරෙකු ලෙසයි.
 
"මීට මාසයකට විතර කලින් නිලුක්ෂිකා ආපහු ලංකාවට ආවා කියලා මම දැනගත්තා. මාසයක විතර ඉඳලා මහත්තයා උදේ හයත් හයයි තිහත් අතර ගෙදර ඇවිත් පැමිණ ලොකු දරුවා පාසලට ඇරලවලා ගල් වළේ රැකියාවට යනවා. වියදමට සල්ලිත් දෙනවා.."
 
නිලුක්ෂිකා මෙරටට පැමිණි පසු කුමාර තම නිවසට යාම ක්‍රමයෙන් අඩු කළා. ගල් වළේ රැකියාවට යන කුමාර රාත්‍රී කාලය කොරතොට අනියම් බිරියගේ කුලී නිවසේ ගත කර උදෑසනට තම වැඩිමල් දරුවා පාසලට ඇරලවීම සඳහා නිවසට පැමිණ තිබුණා.
 
කුමාර විවාහකයෙකු බව අනියම් බිරියගේ මව දැනගෙන සිටියත්, තම ලොකු දුවගේ තීරණ වලට එකඟ වීම හැර එයට විරුද්ධ වීමට ඇයට හැකියාවක් තිබුණේ නැහැ.
 
ඇයද ඔහු දරුවන් සිටින පියෙකු බව දැනම මෙම තහනම් ඇසුර ගෙන යාමට කටයුතු කළේ දෙදෙනාටම දෙදෙනා නැතුවම බැරි වූ නිසයි.
 
එහෙත් නිලුක්ෂිකා විදෙස්ගතවී පැමිණි පසුව කුමාරත් නිලුක්ෂිකාත් අතර එතරම් ඇයි හොඳැයියක් තිබුණේ නැහැ.
 
ඒ ඇය තවත් තරුණයෙකු සමඟ සමීප ඇසුරක් පවත්වන බවට ඔහු සැක කළ නිසායි. දිනපතා සවස නිලුක්ෂිකාගේ මව රාත්‍රී හෝටලයේ රැකියාවට පිටත් වීම සිරිතයි.
 
ඒ වන විට ගල් වළේ සිට බීමත්ව පැමිණෙන කුමාර, නිලුක්ෂිකා සමඟ ආරවුල් ඇති කර ගන්නේ මේ සම්බන්ධතාවය ගැන ඔහුගේ සිතේ තිබෙන සැකය නිසයි.
 
මේ නිසා සෑම දිනකම පාහේ නිලුක්ෂිකාගේ නිවසින් ඇසුණේ රංඩු සරුවල් හඬයි. මේ අතර තම ශරීරයේ කිසියම් වෙනසක් සිදු වෙමින් පවතින බව ඇයට දැණුනා.
 
දරුවෙකු පිළිසිඳ ගත් විට ඇති වන ලක්ෂණ යැයි ඇයට සිතුණු නිසා ඇය මේ ගැන පරීක්ෂා කළා. අනතුරුව තහවුරු වූයේ ඇයට දරුවෙකු ලැබීමට සිටින බවයි.
 
"ලොකු දුව නිලුක්ෂිට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා එයා මට කිව්වා..."
 
නිලුක්ෂි මේ ආරංචිය මව සමඟද පැවසුවා.
 
මේ සිද්ධිය වීමට පෙර දින කුමාර සිය ත්‍රිරෝද රිය කැඩී ඇති බව පවසා දියණිය පාසලට ඇරලවීම සඳහා බිරියගේ නිවසට ගියේ නැහැ. හැන්දෑවේ ඔහු ගල්වළේ සිට නිවසට පැමිණියේ රා වාඩියකින් සප්පායම් වෙලාය.
 
නිවසට පැමිණි පසුව ඔවුන් අතර යම් කතාබහක් ඇති වී එය දුර දිග යන්නට ඇති බව අනාවරණය වී තිබෙන්නේ ජංගම දුරකථනය පොළවේ ගසා ඇති නිසයි.
 
එමෙන්ම එම ස්ථානයේ උත්තේජක පෙති වර්ගයක් තිබී හමුව තිබෙන්නේ ඔවුන් අතර පැවති සම්බන්ධතා ගැනද ඉඟි කරමිනුයි.
 
නිලුක්ෂිකාගේ මව ඇයට රාත්‍රීයේ දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති අතර, ඒ අවස්ථාවේ ඇය දුරකථනය විසන්ධි කර මව සමඟ කතා නොකර සිට ඇත්තේ ඔවුන් දෙදෙනා අතර යම් කිසි ප්‍රශ්නයක් ඒ මොහොතේ පැන නැගී තිබුණු බැවින් විය යුතුයි.
 
ඇයට ලබා දුන් වෛද්‍ය වාර්තාව සඳහන් කොළයේ අනික් පැත්තේ ඇය තැබූ සටහනක් පොලිසියට සොයා ගත හැකි වුණා. එහි සඳහන් ව ඇත්තේ තමා ගැබ්ගෙන ඇති බවත් එය වරදක් නොවන බවයි.
 
"මම ආදරය කළා. මට වැරදුණා. මීට කලිනුයි මම මේ තීරණය ගන්න හිටියේ. දෙන්නම එකට මැරෙමු කියලා තීරණය කළා. අපි සමුගන්නවා.."
 
මියයාමට පෙර ඇය එසේ ලියා තිබුණේ ටික දිනකට පෙර සිට මෙම තීරණය ගැනීමට අරමුණු කරගෙන සිටි නිසා විය යුතුයි. කුමාරද ඔහුගේ අත්අකුරින් ලියා තැබූ ලිපියක් ඔහුගේ විවාහක බිරිය සිටින නිවසේ තිබී හමුවූයේ මේ අතරයි.
 
"මම වැරදි වැඩක් කළා. ඒකට මට සමාවෙන්න. මගේ ළමයි දෙන්නා හොඳින් බලාගන්න.."
 
එයින් තහවුරු වන්නේ දෙදෙනා 'එකට මැරෙමු' යැයි කතිකා කරගෙන ඇති බවයි. කෙසේ හෝ එකම සාරියේ පටි දෙකකින් මේ යුවළ ගෙල වැළලාගෙන සිටි අතර පෙර දින සවස හයහමාරත් පසුදින උදෑසන හතහමාරත් අතර කාලයේ මේ සිද්ධිය වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
 
මේ යුවළගේ මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍යවරයා එම මරණය සම්බන්ධයෙන් ලබා දී ඇත්තේ විවෘත තීන්දුවක්. පුරුෂයාගේ සිරුර ඔහුගේ විවාහක බිරියටත්, කාන්තාවගේ සිරුර ඇගේ මවටත් අවසන් කටයුතු කිරීම සඳහා භාරදී තිබෙනවා.
 
කෙසේ හෝ අනියම් ඇසුරක් නිසා ඔවුන් දෙදෙනාටම සිදුවූයේ ආකාලයේ ජිවිතවලින් පලා යාමටයි.
 
විනීතා මානෙල් ගමගේ
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top