Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
14
"මට ආදරේ කරපු අය එතකොට දැන ගත්තා එතෙක් මම කළේ බොරුවක් කියලා..." - ශෂිකා නිසංසලා - Photos

- "මට ආදරේ කරපු අය එතකොට දැන ගත්තා එතෙක් මම කළේ බොරුවක් කියලා..." - ශෂිකා නිසංසලා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,159 Views
සුරංග මට මගේ සැමියා වීම පෙරභවයේ බැඳීමක් කියලයි මට හිතෙන්නේ..
ඒත් ඇත්තටම ඒ වනවිට සුරංග මට ආදරය ප්‍රකාශ කරලා තිබුණේ නැහැ..
ඒ අතින් බැලූවාම අපේ ප්‍රේමය එදා ප්‍රකාශ වූ විදිය ඇත්තටම සොඳුරු මතකයක්...
 
පේරාදෙණිය කැම්පස් එක අලලා ආදර ගීත බොහොමයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒත් අපේ කැලණිය කැම්පස් එකේ ආදරය සම්බන්ධව ලියැවුණු ගීත අඩුයි. ඒ අතින් බලද්දි " සොඳුරු සරසවි බිමේ ඉපදුණ සසර හුරු වූ ප්‍රේමයත්.." මේ ගීතය විශේෂ ගීතයක්.
 
ශකුවි අයියාත්, රෝහණ ධර්මකීර්ති අයියත් මමත්, කැලණිය සරසවියෙන් පිට වූ අය. ඒක එක් විශේෂත්වයක්. ඒ වගේම මේක ආදර ගීතයක්. මේක ගයන්න මට ඇරයුම් කළ එකට මුලින්ම ස්තූතිය පුදන්න ඕනෑ.

කැම්පස් එකෙන් ඉගෙන ගෙන පිටව ගිය අය වගේම වත්මනෙහි ඉගෙන ගන්න අයටත් අනාගතයේ මෙතැනට එන අයටත් මේ ගීතය සොඳුරු ආමන්ත්‍රණයක් වේවි.
 
එහෙම කියන ඔබට කැලණි සරසවි බිම සදා සොඳුරු මතකයක් එක් කළ ස්ථානයක්... ඒ ප්‍රේමණීය අතීතය සිහි ගන්වමු...
සරසවි ජීවිතය ගැන මතක් කරද්දි හරි සුන්දර මතක ගොන්නක් තියෙනවා. අපේ ගුරුවරු අපේ සමකාලීනයින් මිතුරු ඇසුරේ සිටි අය මේ ඔක්කොම එක්ක ඇති වූ බැඳීම ගරුත්වය හැමදාටම තියේවි. ලංකාව පුරාම විසිරී තිබෙන පාසල්වලින් සරසවි බිමට පැමිණ ඇති වූ මිත්‍රත්වය අදටත් අපි අතර තියෙනවා. මම සරසවියෙන් පිට වුණේ 2006 වසරේ. ඒත් එදා වගේම අදත් අපි අතර ඒ බැඳීම තියෙනවා. සමහර යාළුකම් සහෝදර බැඳීමක් හා සමානයි. අපි නිතර හමු නොවුණත් ඉඳ හිටලා දුරකථනයෙන් හරි කතා කරන තරමට අපි බැඳිලා. ඒ අතර සුවිශේෂී වූ මිතුරන් ද සිටිනවා. ගොඩක් වටිනා ගුරුවරු අදටත් මට හමු වෙනවා. ආපහු කැම්පස් එකට ගියාම අතීතය මතක් වෙන්නේ නිරායාසයෙන්මයි. ශකුවි අයියා ලියලා තියෙන ගීතයේ තෙල් බැම්ම, අරලිය ගස්, ඇහැළ ගස් දෙපස, ඒවා ඇත්තටම සුන්දර මතකයට මාව රැගෙන යනවා. මේ ගීතය ගයද්දි මට ඒ සියල්ල සිහි ගැන්වුණා. එක බත් එක වට කරගෙන කාපු හැටි, සමහර වෙලාවට වැඩ කරන්න ගිහින් මිතුරන් වූ අපි රණ්ඩු කරගත් හැටි මේ වගේ මතක නම් බොහෝයි.
 
සුරංගටම එදා හිත ගියේ...
සුරංග මට මගේ සැමියා වීම එකාතකට පෙරභවයේ බැඳීමක් කියලයි මට හිතෙන්නේ. සමහර විට අපේ යාළුවොත් එහෙම වෙන්න ඇති.
 
සුරංග ආදරය ඔබෙන් පතන වෙලාවේ තවත් අයගේ ආරාධනා ලැබෙන්න ඇති...
ඇත්තම කිව්වොත් ඒ වන විට ගීත තුනක් විතර මම ගයලා තිබුණෙ. ඒනිසා සමහර අය ඒ ගැන දැන සිටියා. ආදරය ඉල්ලලා ආරාධනා ලැබුණාම සමහර අවස්ථාවල ඒවායින් ගැලවෙන්න ඕනෑ නිසා මම බොරුත් ගොතලා තියෙනවා. ආදරය නැතත් සමහරු සුහදව කතා කළා. සමහර අයගෙන් ගැළවෙන්න බැරි වුණාම මට පෙම්වතෙක් ඉන්නවා කියලා මම කිව්වා. එහෙනං ඔයා පත්තරේට බොරු ද කියලා තිබුණෙ. ඔයා කියලා තිබුණනෙ ඔයාට පෙම්වතෙක් නෑ කියලා. ඒ විදියටත් මට පෙම් කළ අය කිව්වා. ඒ විදියට සංකීර්ණ අවස්ථාවලටත් මුහුණ දීලා තියෙනවා. මම කැම්පස් එකකට ගිය කාලයේදීම වගේ මුණගැහුණු අයියා කෙනෙක් තමයි සුරංග. හැබැයි අපි දැන හඳුනාගෙන වසර එකහමාරකට වැඩි හිතවත්කමක් තිබුණෙ. පසුව ඉබේම වගේ තමයි ආදරයකට පෙරළුණේ. ඉතින් කොහොම හරි මට ප්‍රේම කරපු අය එතකොට දැන ගත්තා එතෙක් මම කළේ බොරුවක් කියලා. ඒත් ඇත්තටම ඒ වනවිට සුරංග මට ආදරය ප්‍රකාශ කරලා තිබුණේ නැහැ. ඒ වනවිට මම ටිකක් විතර ජනප්‍රිය වෙලා හිටපු නිසා ඔක්කොමලා දැන ගත්තා.
 
එදා ඒ ප්‍රේමණීය මතකයට සාපේක්ෂව මේ ගීතයේ ඔබට මතක අවදි වූ තැන් මොනවද?
තෙල් බැම්ම, තල් වැට, අරලිය ගස්, ඇසළ ගස් ඒ වගේ සොඳුරු තැන් අපි ආ ගිය කතා බහ කළ තැන්. ඒවා ගැන මතකය සිහි ගැන්වුණා.
 
එදා ලියුම් එහෙමත් හුවමාරු කරගන්න ඇති?
ඇත්තටම කිව්වොත් ලිපි ගනුදෙනු කළ අවසාන සමය ඒ කාලය වෙන්න ඇති. ප්‍රේමය හිතට දැනුණාම කවි ගී ලිව්ව, ඒවා හුවමාරු කර ගත්ත අවසාන කාලය අපේ සරසවි කාලය වෙන්න ඕනෑ. මොකද ඒත් එක්කම ජංගම දුරකථනය ආ නිසා කෙටි පණිවුඩ යන තත්ත්වයට පත් වෙලා තිබුණෙ. ඒ අතින් බැලූවාමත් අපේ ප්‍රේමය එදා ප්‍රකාශ වූ විදිය ඇත්තටම සොඳුරු මතකයක්.
 
ලංකාදීප


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top