කෙසේ වෙතත්, පැහැර ගැනීමට ලක්වූවා යැයි පැවසෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිණිය විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් හමුවට අද ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ දැනුම් දුන්නද එය සිදුව නැහැ.
තානාපති කාර්යාලයකට අයත් ජීප් රථයක් අද දහවල් 12.50 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
ඒ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමක දී වාර්තා වූයේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් අතර විශේෂ සාකච්ඡාවක් පැවති බවයි.
කිසියම් පිරිසක් විසින් පැහැර ගැණුනු බව පැවසුණු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දේශීයව බඳවාගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් ,අධිකරණ නියෝගයට අනුව මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ තෙවරක් පෙනී සිට ප්‍රකාශ ලබාදී තිබුණ අතර එහිදී ඇය වෛද්‍ය පරීක්ෂන සඳහාද යොමු කෙරුණා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයේදී නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දුන්නේ ගානියා බැනිස්ටර්ව විශේෂඥ මනෝවෛද්‍ය මණ්ඩලයක් වෙත යොමුකර වාර්තාවක් ලබාගෙන එය ඉදිරි දිනකදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
ගානියා බැනිස්ටර් අද දින විශේෂඥ මනෝවෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කිරීමට සූදානම් කර ඇති බවත්, එම වාර්තා ලැබීමෙන් අනතුරුව එය සමග ඇය පිළිබඳව සිදුකරන ලද කායික වෛද්‍ය වාර්තාවද ඉදිරිපත් කළ හැකි බව අධිකරණ වෛද්‍ය නිලධාරිණිය දැනුම්දී ඇති බව එහිදී රජයේ ජේෂ්ඨ අධිනීතිඥවරයා දැනුම් දී තිබුණා.
මේ සම්බන්ධයෙන් ගානියා බැනිස්ටර් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාගෙන් අප අද දහවල් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ ගානියාව විශේෂඥ මනෝවෛද්‍ය මණ්ඩලයක් සඳහා ඉදිරිපත් කරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිශ්චිතව වෙලාවක් ලබා දී නොමැති බවයි.
ඒ අනුව අප මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක්ගෙන් සිදු කළ විමසීමකදී ,අදාළ පරීක්ෂණ ලබන සඳුදා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව තහවුරු කළා.
ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය සම්බන්ධව මතුව ඇති තත්ත්වය පිළිබඳව දේශපාලනඥයින් සහ විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. VIDEO