Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
13
"පසුගිය රජය තරම් කිසිදු රජයක්, හමුදාව හෑල්ලුවට ලක් කරලා නැහැ.." - කොළඹ අද පැවති උත්සවයක් අමතමින්, අගමැති මහින්ද රාජපක්ෂ පැවසූ දේ - Video

- "පසුගිය රජය තරම් කිසිදු රජයක්, හමුදාව හෑල්ලුවට ලක් කරලා නැහැ.." - කොළඹ අද පැවති උත්සවයක් අමතමින්, අගමැති මහින්ද රාජපක්ෂ පැවසූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,355 Views
පොලීසිවලට ගෙනැවිත් නොයෙක් අභූත චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුවා..
ත්‍රස්තවාදීන් ඇතුල් වෙන්න උත්සාහ කළ අවස්ථා දෙකකදී අනතුරු ඇඟවීම් කළා...
අපි සන්නද්ධ හමුදාවන්ට නිරන්තරයෙන් නායකත්වය ලබා දෙනවා..
 
ස්වෛරී ශ්‍රී ලංකාවක් තුළ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය දේශපාලන නායකත්වය වත්මන් ආණ්ඩුව නිරන්තරයෙන් ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
 
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ දී අද පැවැති උත්සවයක් අමතමින්.

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.
 
එහිදී ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා නිලධාරීන් 139 දෙනෙකු සහ චීනය, ඉන්දියාව, මලයාසියාව, පාකිස්ථානය, සෞදි අරාබිය සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් නියෝජනය කරන විදෙස් නිලධාරීන් 18 දෙනෙක් මෙහිදී උපාධි ලබා ගත්තා.
 
"සියලුදෙනාම මතක තබා ගත යුතුයි එල්.ටී.ටී.ඊ. සංවිධානය ලෝකයේ බලගතුම හා භයානකම ත්‍රස්ත සංවිධානය ලෙස ඇමරිකාවේ එෆ්.බී.අයි. ආයතනය 2009 වසරේ දී නම් කරලා තිබුණා. ඇත්ත වශයෙන්ම සැබෑ ලෙසම අපි එම සංවිධානය පරාජය කරන තුරුම සුළු පිරිසක් පමණයි අපට එය කළ හැකියි කියලා සිතුවේ.එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය පරාජය කරලා වසර 10ක් සපිරෙන්නටත් කලින් අන්තවාදීන් පිරිසක් විසින් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල කළා. ශ්‍රී ලංකාවට පමණක් නොවෙයි අනෙකුත් සෑම දේශයකම සුභ සිද්ධිය වෙනුවෙන් අප මෙම අවස්ථාවේදී අවධානයෙන් සහ විමර්ශනයෙන් පසුවිය යුතුයි.මේ වසරේදී ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදීන් පිරිසක් බෝට්ටු මගින් ඉන්දියාවට ඇතුල් වෙන්න උත්සාහ කළ අවස්ථා දෙකකදී ඉන්දියාව අනතුරු ඇඟවීම් සිදුකළා.මෙම නව තර්ජනයට ප්‍රධානවම අවශ්‍ය වන්නේ බුද්ධි අංශ මෙහෙයුම්. අවාසනාවට පසුගිය පස් වසර තුළ බුද්ධි අංශ මුළුමණින්ම අකර්මන්‍ය වෙලා තිබුණා. බුද්ධි අංශ නිලධාරීන් විවිධ හිංසනයන්ට වගේම විවිධ අනවශ්‍ය චෝදනා ගොනු කරමින් පසුගිය රජය මගින් සිර භාරයට ද ගැනුණා. එල්.ටී.ටී.ඊ.යට විරුද්ධව සටන් කළ අපේ සන්නද්ධ හමුදාවල සිටි උසස් නිලධාරීන්ට මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් ලබාදීලා, පොලීසිවලට ගෙනැවිත් නොයෙක් අභූත චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුවා. අපේ හමුදාවන් යුද විරුවන් ලෙස නොව හොරුන් සහ මිනී මරුවන් ලෙස ශ්‍රී ලාංකිකයන්ගේ සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ සිත් තුලට ඇතුළු කිරීමයි ඔවුන්ගේ අරමුණ වී තිබුණේ. ලෝකයේ වෙනත් කිසිඳු රටක ආණ්ඩුවක් මේ ආකාරයෙන් තමන්ගේ සන්නද්ධ හමුදා අවමානයට ලක් කරලා නැහැ. 2015 ජනවාරි මාසයේ ආණ්ඩු පෙරළියෙන් පස්සේ මේ රටේ ඇති වුණේ විදේශීය හතුරු බලවේගයක් විසින් ලංකාව ආක්‍රමණය කරලා යටත් කර ගත්තා වගේ තත්ත්වයක්. මහා සංඝ රත්නය වගේම සන්නද්ධ හමුදාවන් ද නොයෙක් බලවේග මගින් අවමානයට ලක් කර බිඳ දැම්මා. අප මුහුණ දෙන මෙම නව තත්ත්වයට අවශ්‍ය වන්නේ බුද්ධි අංශ මෙහෙයුම් වගේම විදේශීය බුද්ධි අංශයන්වලද සහයෝගය. දේශපාලන අධිකාරිය විදිහට අපි සන්නද්ධ හමුදාවන්ට නිරන්තරයෙන් නායකත්වය ලබා දෙනවා. ස්වෛරී ශ්‍රී ලංකාව තුළ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න..."


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top