මිනිස් පුරුෂ ලිංගයක හැඩයක් ගැනීම නිසා පෙනිස්- ෆිශ් ලෙස හැඳින්වෙන තානායම් පණුවන් විශාල ප්‍රමාණයක් කැලිෆෝනියාවේ ඩ්‍රේක් වෙරළ තීරය වැසි ගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
සත්ත්ව විශේෂඥයන් පවසන ආකාරයට මෑතදී ඇති වූ කුණාටු හේතුවෙන් දිය යට තිබෙන තානායම් පණුවන්ගේ නිවාස විනාශ වී එම සතුන් වෙරළට ගොඩගසා ඇති බව අනුමාන කරන බවයි සදහන් වන්නේ.
රෝස පැහැ සොසේජ් ආකාරයෙන් දිස් වෙන අඟල් 10ක් පමණ දිග මේ සාගර සත්ත්වයන් ජීවත් වන මඩ සහ වැලි තුළ අනෙකුත් කුඩා සතුන්ට ඇතුල් වෙන්නට හැකි ආකාරයෙන් U හැඩයේ කුහර සෑදීම නිසා තානායම් පණුවන් ලෙස හඳුන්වනවා.
සාගර ගැඹුරේ මඩ සහ වැලි තුළ බොහෝවිට කල් ගත කරන මේ පණුවන්ගේ ආයු කාලය වසර 25ක් පමණ වන බවත් සදහන්.
බැක්ටීරියා, ප්ලවාංග වැනි දේ ආහාරයට ගන්නා මේ පණු විශේෂයේ ශරීරයේ වැලි පෙරනයක්ද පිහිටා තිබෙනවා.