Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
13
"සාගරවල ඇති අගාධ මීට වඩා ගැඹුරුයි, නමුත් මෙය ගොඩ බිමක ඇති ගැඹුරු ම තැනයි" - ගොඩබිමක ඇති ගැඹුරුම ස්ථානය ඇන්ටාක්ටිකාවෙන් - Photos

- "සාගරවල ඇති අගාධ මීට වඩා ගැඹුරුයි, නමුත් මෙය ගොඩ බිමක ඇති ගැඹුරු ම තැනයි" - ගොඩබිමක ඇති ගැඹුරුම ස්ථානය ඇන්ටාක්ටිකාවෙන් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27 Views
අගාධය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 3.5ක්......

මීට වඩා ගැඹුරු ස්ථාන ඇත්තේ, සාගරවල පමණයි.......

මහාද්වීපික පෘථිවියේ ගැඹුරු ම ස්ථානය නැගෙනහිර ඇන්ටාක්ටිකාහි පිහිටි ඩෙන්මන් ග්ලැසියරය යටින් සොයාගෙන තිබේ. අයිස්වලින් පිරි අගාධය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 3.5ක් (අඩි 11,500) ගැඹුරට විහිදී යයි. මීට වඩා ගැඹුරු ස්ථාන ඇත්තේ, සාගරවල පමණි.

සුදු පැහැති මහාද්වීපය පිළිබඳ අලුත් සිතියමක මේ නව සොයා ගැනීම සලකුණු කොට තිබේ. එමගින් අයිස් තට්ටුව යට පිහිටි පාෂාණයේ හැඩය පිළිබඳ පෙර නොවූ විරූ තොරතුරු හෙළිකරයි.

එහි ඇති ලක්ෂණ අවබෝධය සඳහා ඉතා වැදගත් වන්නේ ඉන් දක්ෂිණ ධ්‍රැවය අනාගතයේදී කෙසේ වෙනසකට ලක් වේදැයි දැනගත හැකි බැවිනි.

"මෙය ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටුව යට ඇත්තේ කුමක් දැයි යන්න පෙන්වන පැහැදිලි චිත්‍රණයක්" යැයි අදාළ ව්‍යාපෘතිය තුළ වසර හයක් ක්‍රියාකළ ආචාර්ය මතීයු මෝර්ලිඝම් පැවසීය.

ඇමෙරිකාවේ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු වන ඔහු, "BedMachine Antarctica" නමින් හැඳින්වුණු සිය නවතම තොරතුරු සංග්‍රහය ඇමෙරිකානු භූභෞතික සංගමයට (American Geophysical Union) ඉදිරිපත් කළේය. එසේ ම ඊට සමගාමීව Nature Geoscience නම් සඟරාවේ ද පළකර ඇත.

මහාද්වීපය පිළිබඳ ගුවනින් කරන ලද සමීක්ෂණවල පැවති සියලු හිඩැස් අලුත් සිතියමින් සම්පූර්ණ වී ඇත.

අභ්‍යන්තරයේ ඇති පාෂාණවල භූලක්ෂණ හඳුනා ගැනීම සඳහා ක්ෂුද්‍රතරංග අයිස් තට්ටු විනිවිද යවමින් දශක ගණනක් පුරා රේඩාර් උපකරණ ඇන්ටාක්ටිකාව එහා මෙහා යොමු කෙරිණි. නමුත් දත්ත සොයා නොගැනුණු විශාල ප්‍රදේශයක් ඉතිරිව තිබේ.

"සාගරවල ඇති අගාධ මීට වඩා ගැඹුරුයි, නමුත් මෙය ගොඩ බිමක ඇති ගැඹුරු ම තැනයි," යැයි ආචාර්ය මෝර්ලිඝම් පැහැදිලි කළේය.

සාගරයේ ගැඹුරු ම ස්ථානය බටහිර ශාන්තිකර සාගරයේ (පැසිෆික් සාගරය) පිහිටි මරියානා අගාධයය. එය මුහුදු පෘෂ්ඨයේ සිට කිලෝමීටර 11ක් ගැඹුරට විහිදේ. චීනයේ යාර්ලුන්ග් ට්සැන්පෝ වැනි උස්වූ පැති සහිත ගොඩබිම් අගාධ වෙතත් ඒවායෙහි පතුල පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමින් ඉහළය.

BedMachine Antarctica තොරතුරු සංග්‍රහයේ ඇතුළත් තොරතුරු වැඩි ප්‍රමාණයක් මීට පෙර සිතියම්වල වූ ඒවාට වඩා වෙනසක් නැති බව (බැලූ බැල්මට) පෙනෙන්නට හැක. නමුත්, ධ්‍රැව පිළිබඳ විශේෂඥයින් අතර සැලකිය යුතු තරමේ සාකච්ඡාවක් ගොඩනැගීමට තරම් වන ආකර්ෂණීය තොරතුරු ඒ අතර ඇති බව සමීපව නිරීක්ෂණය කළ විට පෙනේ.

උදාහරණයක් ලෙස ගතහොත්, මහා ඇන්ටාක්ටිකානු කඳුවැටි දිගේ මහාද්වීපයේ නැගෙනහිර සානුවේ සිට රොස් මුහුද වෙත ඇදී යන ග්ලැසියර මාලාවක් තිබේ. නව දත්තවලින් පෙන්නුම් කෙරෙන පරිදි මේ ග්ලැසියර යටින් ඇති උස් වැටි නිසා එම ග්ලැසියර සානුවට ගලා යාමේ වේගය සීමා කෙරෙනු ඇත. රොස් මුහුද මත දැනට ඇති පාවෙන අයිස් තට්ටුව, අනාගත උණුසුම් තත්ත්වයකදී අස්ථාවර කෙරෙන්නේ නම් මෙය වඩා වැදගත් වනු ඇත. මෙහි ඉවත්වීම හේතුකොටගෙන පෝෂක ග්ලැසියරයේ ඇදී යාමේ වේගය වැඩි වනු ඇතැයි සාමාන්‍යයෙන් අපේක්ෂා කෙරේ.

"රොස් මුහුදේ අයිස් තට්ටුවට කිසියම් දෙයක් වුණොත් - දැනට එහි පවතින තත්ත්වය හොඳයි, ඒත් කිසියම් දෙයක් වුණොත් - මේ 'ද්වාර' තුළින් නැගෙනහිර ඇන්ටාක්ටිකාව කඩා වැටීමේ තත්ත්වයක් බොහෝවිට උද්ගත නොවේවි. නැගෙනහිර ඇන්ටාක්ටිකාවට යම් තර්ජනයක් වෙයි නම්, ඒ රොස් මුහුදින් නෙවෙයි," ආචාර්ය මෝර්ලිංහම් පැවසීය.

මහා ඇන්ටාක්ටිකානු කඳුවැටියේ පවතින මේ තත්ත්වය වෙනුවට, ත්වයිටීස් (Thwaites) ග්ලැසියරයේ වේගවත් දියවීමට එරෙහි අවහිරතා කිහිපයක් BedMachine Antarctica විසින් හඳුනාගනු ලැබ ඇත. ප්‍රමාණයෙන් එක්සත් රාජධානිය තරම් වන මේ විශාල අයිස් දහර, මහාද්වීපයේ බටහිර දෙස පිහිටි ඇමුන්ඩ්සෙන් (Amundsen) මුහුදින් අවසන් වේ.

ඉදිරි ශතවර්ෂවලදී පෘථිවි උෂ්ණත්වය ඉහළ යද්දී ඇන්ටාක්ටිකා මහාද්වීපය කෙසේ පරිණාමය වනු ඇත්දැයි ප්‍රක්ෂේපණය කිරීමට උත්සහ දරන දේශගුණික ආකෘතිවලට BedMachine Antarctica තොරතුරු සංග්‍රහයෙන් යම් පෝෂණයක් ලැබෙනු ඇත.

"BBC සිංහල"


ඩෙන්මන් ගැඹුර (තද නිල් පැහැයෙන්) කිලෝ මීටර 20ක් පළලින් හා කිලෝ මීටර 100ක් දිගින් යුතු අතර අයිස්වලින් පිරී පවතී.



බයිර්ඩ් ග්ලැසියරය, මහා ඇන්ටාක්ටිකානු කඳුවැටිය හරහා ඇදෙන දැවැන්ත අයිස් දහරකි.



ඇන්ටාක්ටිකාව සිතියම්ගත කිරීමට ගුවන් උපකරණ භාවිත කෙරුණ ද තවමත් දත්තවල විශාල හිඩැස් තිබේ.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top