Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
12
"බස් එකකවත් යන්න සල්ලි නෑ කියපු වෛද්‍ය සාෆිව එක්කන් යන්න, සුපිරි රථයක් අධිකරණයට ආවේ කොහොමද?" - පරීක්ෂණයක් පවත්වන්නැයි පාර්ශව රැසක් ඉල්ලයි - Video

- "බස් එකකවත් යන්න සල්ලි නෑ කියපු වෛද්‍ය සාෆිව එක්කන් යන්න, සුපිරි රථයක් අධිකරණයට ආවේ කොහොමද?" - පරීක්ෂණයක් පවත්වන්නැයි පාර්ශව රැසක් ඉල්ලයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,349 Views
එහෙමනම් අපි අහන්න කැමතියි, කෝටි 44ක මුදල් කෝ..?
කලින් සියලුම දෙනා පෙනී සිටියේ සාෆි වෙනුවෙන්, මෙයාට කිසිම වත්කමක් නැද්ද..
ඇප ඉන්න අවස්ථාවේ අධිකරණයට වාහන ගේන එක නරක පූර්වාදාශයක්..
 
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ට එරෙහි චෝදනා විමර්ශනය කිරීම සදහා සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ නව කණ්ඩායමක් පතකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
 
අදාල නඩුව අද කැදවූ අවස්ථාවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න මහතා පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටිමින් මේ කරුණු වාර්තා කළා.

සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වඳභාවයට පත්කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැදවනු ලැබූවා.
 
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ඇප ලබා සිටින වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ද අද අධිකරණය හමුවේ පෙනී සිටියා.
 
මීට අමතරව වින්දිත මවුවරුන් හා තවත් පාර්ශ්ව රැසක් අධිකරණ කටයුතු දැකබලා ගැනීම සදහා අධිකරණයට පැමිණ සිටියා.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී W. තිලකරත්න මහතා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණය වෙත දැනුම් දුන්නේ පූර්වගාමී විමර්ශන නිලධාරීන් සම්බන්ධයෙන් යම් ගැටළු ඇතිවූ බව දැනගන්නට ලැබුණු බවයි.
 
ඒ අනුව මෙම විමර්ශනය සදහා සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් වෙනත් කණ්ඩායමක් වෙත පවරා ඇති බව ඔහු අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු නිසි විනිවිදභාවයකින් යුක්තව විශේෂඥ උපදෙස් සහ මත සැලකිල්ලට ගනිමින් පවත්වාගෙන යන බව අධ්‍යක්ෂවරයා අධිකරණයට දැනුම් දුන්නා.
 
සැකකරුගේ මූල්‍ය හා අනෙකුත් වත්කම් පිළිබදව එල්ලවන චෝදනා පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙන් වෙන් වශයෙන් විමර්ශනයක් සිදුකරන බවත් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කරුණු වාර්තා කරන බවත් ඔහු අධිකරණය හමුවේ පවසා සිටියා.
 
මවකගේ ඇද ඉහපත් වාර්තා වෙනස් කොට අලුත උපන් බිළිදෙකු වෙනත් පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාව පිළිබදවද වෙනම විමර්ශනයක් සිදුවන බව ඔහු සදහන් කළා.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී W. තිලකරත්න මහතා සිය වැඩිදුර වාර්තාවෙන් සදහන් කළේ විත්තිකාර වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් ඇප නියෝග කඩකරමින් අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට නොමැති බවයි.
 
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශයෙන් හැඟෙන්නේ මෙතෙක් මේ සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුක්ත පරීක්ෂණයක් සිදුවී නොමැති බවයි.
 
නමුත් විමර්ශන සිදුකළේ සහකාර පොලිස් අධිකාරී තිසේරා බවත් එය අධීක්ෂණය කළේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර බවත් ඔවුන් අපක්ෂපාතී නිලධාරීන් බවත් ජනාධිපති නීතිඥවරයා විවෘත අධිකරණයේදී සදහන් කළා.
 
එහිදී ඔහුට බාධාකල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා පැවසුවේ ඔවුන් පොලිස් නිලධාරීන් පමණක් වන බැවින් අපක්ෂපාතී නිලධාරීන් යනුවෙන් සදහන් කළ නොහැකි බවයි.
 
නඩුවට අදාල කරුණු පමණක් වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා එහිදී ජනාධිපති නීතිඥවරයාට දැනුම් දුන්නා.
 
තමන්ට ඇති ජීවිත තර්ජන හේතුවෙන් විත්තිකරු මේ වන විට කල්මුණේ ප්‍රදේශයේ ජීවත්වන බවත් ජනාධිපතිවරණය පැවැත්වූ දිනට පසුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටියේ කොළඹට පැමිණීමට බස්රථ නොතිබූ බැවින් බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර මහතා අධිකරණයට සැළකර සිටියා.
 
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පෙන්වා දුන්නේ ඔහු සිංහල මවුවරුන් සොය සොයා ගොස් සිසේරියන් සැත්කම්වලට භාජනය කර ඇති බවද ඉදිරිපත්වී ඇති ප්‍රකාශවලින් පැහැදිලි වන බවයි.
 
මෙහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර මහතා ඔහුට දිගින් දිගටම බාධා කල අතර අවස්ථා කිහිපයකදීම ජනාධිපති නීතිඥවරයාට අවවාද කිරීමට මහේස්ත්‍රාත්වරයාට සිදුවුණා.
 
එක් අවස්ථාවක මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ විවෘත අධිකරණයේදී නීතිඥවරුන් හැසිරෙන ආකාරය අනුව ඔවුන් ඉගෙනගත් පාසලද අගෞරවයට පත්වන බව සිහි තබාගත යුතු බවයි.
 
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සදහන් කළේ තම සේවාදායකයාට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකල පරීක්ෂණයකදී විත්තිකාර වෛද්‍යවරයා විවිධ බලපෑම් සිදුකර ඇති බවයි.
 
එම බලපෑම මත රෝහල් අධ්‍යක්ෂ්‍යවරයාගේ වැඩතහනමක් සිදුවුවහොත් එමගින් විමර්ශනවලට යම් අගතිදායී බලපෑමක් සිදුවිය හැකි බවද නීතිඥවරයා අධිකරණයට කරුණු වාර්තා කළා.
 
එසේම වෙනත් නඩුවලදී විමර්ශන නිලධාරීන්ට ස්ථාන මාරු ලැබුණු විගස එයින් කම්පනයට පත්වන්නේ අගතියට පත් පාර්ශ්වය බව පෙන්වා දුන් නීතිඥවරයා මෙහි ඇති විශේෂත්වය නම් විත්තිකාර පාර්ශවය ඉන් කලබලයට පත්වී ඇති බවයි.
 
එසේම අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් සහ විමර්ශනවලදී සාක්ෂි ලබාදුන් වෛද්‍යවරුන්ට එරෙහිව විත්තිකරු විසින් විශාල වශයෙන් මුදල් ඉල්ලා එන්තරවාසි එවා ඇති බවත් එය සාක්ෂිකරුවන්ට සහ වින්දිතයන්ට සිදුකරන බලපෑමක් බවත් ඔහු අධිකරණයට දැනුම් දුන්නා.
 
මවුවරුන් වඳභාවයට පත්කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්නවරයා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයාගෙන් විශේෂඥ වාර්තාවක් මීට පෙර කැඳවූ අතර එය ලැබී ඇති බව මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා.
 
එම වාර්තාවට අනුව වින්දිත කාන්තාවන් HSG පරීක්ෂණයකට යොමු කිරීම සාර්ථක පියවරක් නොවන බවත් වෙනත් පරීක්ෂණ දෙකක් නිර්දේශ කර ඇති බවත් මහේස්ත්‍රාත්වරයා අදාල වාර්තාව උපුටා දක්වමින් පෙන්වා දුන්නා.
 
ඉදිරි විමර්ශනවලදී එම වාර්තාව සැලකිල්ලට ගන්නා ලෙසත් එම විශේෂඥයන්ගේද සහය ලබාගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.
 
විත්තිකරු අවස්ථා දෙකකදීම ඇප නියෝග කඩකර ඇති බැවින්ද කල්මුණේ රැදී සිටින හේතුව හෝ කල්මුණේ රැදී සිටින බව හෝ නිශ්චිතව සනාථ කරගෙන නොමැති බැවින් ඇප කොන්දේසි ලිහිල් කිරීමට තමන් දැඩිලෙස් විරුද්ධ වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අධිකරණය හමුවේ කියා සිටියා.
 
ඒ සම්බන්ධයෙන් වන කරුණු මීළඟ නඩුදිනයේදී අධිකරණයට වාර්තාකරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර ඇප නියෝගය සම්බන්ධයෙන් වන නියෝගයක් එදිනට ලබාදෙන බව සදහන් කළා.
 
එසේම මව්වරුන් රෝහලේදී ලබාදුන් ප්‍රකාශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සටහන් කරගත් ප්‍රකාශ අතර බරපතල පරස්පරතා දක්නට ලැබෙන බව නඩුවාර්තාව උපුටා දක්වමින් මහේස්ත්‍රාත්වරයා සදහන් කළා.
 
ඒ අනුව අවශ්‍ය නම් එම ප්‍රකාශ නැවත සටහන්කරගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
 
නඩුව ලබන මස 16 වනදා දක්වා කල්තැබූ මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ එදිනට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.
 
මේ අතර නඩු විභාගයෙන් අනතුරුව විත්තිකාර වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් අධිකරණ භූමිය තුළටම මෝටර් රථයක් ගෙන්වාගෙන එහි නැගී පිටවයන ආකාරය දක්නට ලැබුණා.
 
මේ අතර වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත ගොනු කළ පැමිණිල්ල සහ එහි විමර්ශන තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා සිංහලේ ජාතික සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත පැමිණියා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top