Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
11
"මගේ හදවත දිනාගෙන මගේ ජීවිතය සඳහටම වෙනස් කළ මේ සංවේදී දරුවන්ට මම ආදරෙයි.." - පන්තියේ පුංචි සිසු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තම රන් භාණ්ඩ විකුණා දැමූ ගුරුවරියකගේ කතාව - Video & Photos

- "මගේ හදවත දිනාගෙන මගේ ජීවිතය සඳහටම වෙනස් කළ මේ සංවේදී දරුවන්ට මම ආදරෙයි.." - පන්තියේ පුංචි සිසු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තම රන් භාණ්ඩ විකුණා දැමූ ගුරුවරියකගේ කතාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,995 Views
ජනතාවට සේවය කිරීමෙන් ලද ප්‍රීතිය කුමක්දැයි මට දැන් තේරුම් ගත හැකියි..
මට සිදුවන සෑම යහපත් දෙයකටම මම ඔහුට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...
අපට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දිය හැකියි. ඒ බව මම ඔප්පු කර තිබෙනවා..
 
තමන් ආස කරන තමන්ගෙ වටිනා රන් ආභරණ කාගෙවත් දරුවන්ගෙ අධ්‍යාපනය සදහා විකුණන පාසැල් ගුරුවරියන් ලංකාවේ ඉන්නවද?
 
ඒකනම් මම කියන්න දන්නෙ නෑ හැබැයි ඉන්දියාවේ එහෙම අය ඉන්නවා. ඔව් මේ ඉන්නෙ.

මේ සුවිශේෂි ගුරුවරියව අපිට හමුවෙන්නෙ තමිල්නාඩුවෙි විල්පුරමිවල Kandhadu ගමේ රඡයේ පාසැලින්.
 
තමිල්නාඩුව කියන්නෙ 1950 ඉදන් මේ වෙනකන් ළමයි පැසැල් වලට එන්නෙ නැති නිසා ඉස්කෝල 45 ක් වහලදාපු ඉන්දියානු ප්‍රාන්තයක්.
 
අන්නාපුර්ණා මොහාන් කියන තරුණියගෙ තාත්තා විශ්‍රාමික හමුදා වෛද්‍යවරයෙක්.
 
එයා හමුදා සේවයෙ ඉන්න කොට රැකියාවෙන් පස්සෙ කලේ ගෙදර වෛද්‍ය සායනයක් දාල දුප්පත්තුන්ගෙ ලෙඩ රෝග වලට ප්‍රතිකාර කරපු එකයි.
 
පටන් ගැන්මේදි එයා ගත්ත ලෙඩිඩුන්ගෙන් රුපියල් 5ක් විතරයි. ඊට පස්සෙ ඔහු විවාහ වුනාට පස්සෙ ඒක දෙගුණයක් කළා. අවසානෙ 2000 වසරෙදි මනුස්සය ඒක රු. 50 ක් කරල තිබුණා.
 
2000 අවුරුද්දෙ ඉංදියානු චැනල් සෙන්ටර් එකක රෝගියෙක් පරීක්ෂාවට විතරක් රුපියල් 1000 ක් විතර අය කරන කොට මේ මනුස්සය බෙහෙතුත් දීල ගත්තෙ රැපියල් 50 යි. එයාගෙ මේ සමාඡ සේවය නිසා තමන්ගෙ දුව ආසකරපු වෛද්‍ය වෘත්තියට යන්න විශ්වවිද්‍යාවලයට ගෙවන්න එයාට ලක්ෂ එකහමාරක් අතේ ඉතිරිව තිබුණේ නෑ.
 
ඒ නිසා දුවට සිද්ධවුනා වෙනත් විෂයක් තෝරගන්න. හැබැයි මේ නිසා දුව හිටියෙ තාත්තා එක්ක කේන්තියෙන්. කොහොමෙන් හරි අන්නාපුර්ණා මොහාන්ට එකවර ආව වෘත්තීන් දෙකක් තෝරගන්න. එකක් ගුරු වෘත්තිය අනික සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක්.
 
එයාටත් තිබුණ අර තාත්තගෙම සමාඡයට සේවය කිරීමට ඇති වුවමනාව. ඒ නිසා ඇය තෝරාගත්ත ගුරු වෘත්තිය. ඇගේ පත්වීම 'කන්දාදු' කියන ගමේ පාසැල. විෂය ඉංග්‍රීසි, ශ්‍රේණිය 3 වසර.
 
ඇය මුලින්ම කළේ දරුවන්ට ආස හිතෙන පන්ති කාමරයක් නිර්මාණය කිරීම. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය සතපහක් දෙන්නෙ නෑ. නමුත් ඇගේ ඉලක්කය බලවත්. ඒ නිසා ඇට තමන් සතුව තිබූ රන් ආභරණ විකුණන්න සිද්ධවුණා රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසකට.
 
ඇය ඒ මුදලින් ගෙනාව නවීන පුටු, බංකු පැසැල් කාමරයේ පොලොවට ටයිල්, ස්මාර්ට් බෝඩි, සහ දරුවන්ට ඉංග්‍රීසි පොත්පත්. දැන් ඒ 3 වසරේ පන්ති තාමරය බලන්න ලස්සනයි පුද්ගලික විද්‍යාලයක පන්ති කාමරයක් පවා ඒකට පරාදයි.
 
මේ ලස්සන පරිසරය තුල ඇය ළමයින්ට ඉගැන්නුව පළමුවෙන්ම ඉංග්‍රීසි භාෂාව උචිචාරණය කරන්න. ඇය ඉන්දියානු ඉංග්‍රීසි උච්චාරණය ප්‍රතික්ෂේප කරල ළමයින්ට කියල දුන්නෙ බ්‍රිතාන්‍ය උච්චාරණය.
 
ඇගේ ඉංග්‍රීසි විෂය වෙලාවෙ පන්තියේ කාටවත් ඉන්දියානු භාෂාව තහනම්. විෂය වෙලාව ඉවරවෙනකන් ළමයි ගොත ගසමින් වරද්දමින් මේ විදේශිය භාෂාව පුහුණු වුණා.
 
ඊටත් පසුව ඇය ඉංග්‍රීසි භාෂාව අඩංගු රූප සටහන් සහිත සංයුක්ත තැටි 1000 ක් පන්තියේ ළමයින්ට බෙදල දුන්නා. ඇය ඒවට කිවිවෙ 'බිය රහිත ඉංග්‍රීසි' කියලයි.
 
අන්නාපුර්ණා හිතුව දැන් තවත් ඉසස්රහට යා යුතුයි කියල. ඉතින් ඇය මේ ග්‍රාමීය ළමුන් සදහා ටැබි 4 කුත් ලැප්ටොප් දෙකකුත් මිලට ගත්තා. වසර අවසානයේ ඇගේ පන්තියේ සියලු දරුවො ඉංග්‍රීසි ව්‍යක්ත ලෙස භාවිතයට පුරුදු වුණා.
 
මෙන්න මේ වෙලාවෙ තමයි තමිල්නාඩු අධ්‍යාපන ලොක්කෙක් ඇවිල්ල ඇයට කිවිවෙ මේ විකාරය නතර කරන ලෙසත්, අනිත් පන්ති කාමර වගේ මේකත් සාමාන්‍ය කරන්නත් ඇය ඉංග්‍රීසි උගන්වන හැඩය වෙනස් කරන්නත්.
 
මේ වැඩෙන් ඇය අන්තයටම කලකිරුණා. ඇය තීරණය කලා ගුරු වෘත්තීයෙන් සමුගන්න. නමුත් ඇයට දුකයි ඇගේ මේ මාර්ගයේ පැමිණ ඇගේ පන්තියේ ළමයින් මොනතරමි දක්ෂ විදිහට දැන් මේ විදෙස් භාෂාව භාවිතා කරමින් ඉන්නවද කියන එක ගැන.
 
එහි මතක සටහනක් විදිහට ඇය ළමයින් සමග දීර්ඝ ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් කතාකරන අයුරුත් ඔවුන් කිසි පැකීලීමක් නැතිව ඇය උත්තර දෙන අයුරුත් දැක්වෙන වීඩියෝවක් ඇගේ ඡංගම දුරකතනයෙන් පටිගත කළා.
 
ඡංගම දුරකථනයකින් පටිගත කලත් ඒ වීඩියෝවෙ හරි අපූරුවට තිබුණා. දැන් කොහොමත් එකයිනෙ ඇය අස්වෙන්නනෙ ඉන්නෙ, ඉතින් ඇයට ආස හිතුණා, තමන් මේ කරපු වීඩියෝව ඇගේ ඒ කියන්නෙ, අන්නා පුර්නාගේ Face Book ගිණුමට දාන්න. ඒ වගේම 2014 වසරෙදි ඇය ඒක අන්තර්ඡාලයට මුදා හරිනවා.
 
ඒ තමයි ඇගේ ඡීවිතයේ හැරුවුම් ලක්ෂය. වෛරසයක් වගේ පැතිර ගිය මේ වීඩියෝවෙන් ඇයටත් පාසැලටත් දසතින් ප්‍රශංසා ගලා ආවා. විදෙස් රටවල් ඉන්දියානුවන් මේ 3 වසරේ ඉංග්‍රීසි භාෂාව ව්‍යක්ත ලෙස හසුරුවන දරුවන් දැකල පුදුමවුණා.
 
ඔවුන් මේ දරුවන්ට මුදල් ආධාර සහ පාසැලට පරිත්‍යාග එවන්න පටන්ගත්තා තමිල්නාඩු අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහළම පුටු මේ නිසා රත්වුණා.
 
ඇයව, ඇගේ ක්‍රමය සහ හැඩය ඔවුන් අගය කළා. විශේෂ සමිමන්ත්‍රණ ලෑස්ති කළා. දිස්ත්‍රික් ප්‍රධාන ඉංග්‍රීසි උපදේශිකාවක් බවට අන්නා පුර්ණා පත්වුනේ එහෙමයි.
 
අන්නාපුර්ණා කියන්නෙ දැන් තමිල්නාඩුවෙි ගුරු තරුවක්. ඇය ඉන්න පාසැලට ළමයෙක් දාගන්න සල්ලිකාර දෙමවුපියොත් දැන් පොරයක.
 
මේ නිසා ඇගේ එක් පන්තිකාමරයක ඉංග්‍රීසි විෂයට ඉන්නවා දරුවන් 100 ක්. 2019 ඇය ඉංදියා ටුඩෙි පුවත්පතට මෙහෙම කියනවා,
 
"මගේ හදවත දිනාගෙන මගේ ජීවිතය සඳහටම වෙනස් කළ මේ සංවේදී දරුවන්ට මම ආදරෙයි. දැන් මම මෙම රැකියාව සේවාවක් ලෙස සලකනවා. මගේ පියා ජනතාවට සේවය කිරීමෙන් ලද ප්‍රීතිය කුමක්දැයි මට දැන් තේරුම් ගත හැකියි. මට වෛද්‍ය විෂය සඳහා රුපියල් ලක්ෂ 1.5 ක් ගෙවීමට ඔහුට නොහැකි වීම ගැන ඔහු සමග පැවති මගේ කෝපය පහව ගොස් තිබෙනවා. ඒ වෙනුවට, මම සෑම දිනකම ඔහු ගැන සිතමි (ඔහු 2014 දී අභාවප්‍රාප්ත විය.) මට සිදුවන සෑම යහපත් දෙයකටම මම ඔහුට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි. ඒ වගේම ඉන්දියානු රජයේ පාසල්වල ඉගැන්වීමේ ප්‍රමිතීන් පෞද්ගලික පාසල්වල තරම් හොඳ නැහැ. මේ හේතුව නිසා දෙමව්පියන් නොමිලේ ලබා ගත හැකි අධ්‍යාපනය අතෑර දමා රුපියල් ලක්ෂ ගණනක් පුද්ගලික පාසැල් වලට නිකරුණේ ගෙවමින් සිටිනවා. එහෙත් සුළු පරිශ්‍රමයකින් පමණක් අපිට රජයේ පාසලකට පෞද්ගලික පාසලක වඩා හොද වටිනා, ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දිය හැකියි. ඒ බව මම ඔප්පු කර තිබෙනවා..."
 
කීර්තිමත් විද්‍යඥයකු හා අපේ ඡනාධිපතිව සිටි අබිදුල් කලාම් මෙසේ කියා තිබෙනවා,
 
"ගුරු වෘත්තිය ඕනෑම මිනිසකුගේ චරිතය, දක්ෂතාවය, සහ අනාගතය තීරණය කරන ඉතා උතුම් වෘත්තියක්. මා මියගිය පසු ඡනතාව මා ගුරුවරයෙක් ලෙස සිහිපත් කරනවා නම් එයට වඩා වෙනත් කිසිදු ගෞරවයක් මට අවශ්‍ය නැහැ..."
 
උපුල් ඡයසිංහ




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top