කෙසේ වෙතත් නිල වශයෙන් විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව රැස්වී මෙතෙක් ප්‍රකාශයට පත් නොකිරිම නිසා හෙට පැවැත්වෙන ව්‍යවස්ථාදායක සභාවට ඔහු සහභාගි නොවීම විශේෂත්වයක්.
පසුගිය රජය සමයේ ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ සියලූ සාමාජිකයින්ට හෙට ඊට සහභාගි වන ලෙසට දැනුම් දී තිබෙනවා.
එ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝජිතයා ලෙස ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ අමාත්‍ය මහින්ද සමරසිංහ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරාල හෙට ව්‍යවස්ථාදයක සභාවට සහභාගි වනු ඇති.
එමෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින් තුන්දෙනෙක් ද ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරනු ලබනවා.
ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයින් ඉවත් කිරිමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලයක් නොමැති අතර ඔවුන් ඉල්ලා අස්වීම සම්ප්‍රදායයි.
මේ අතර රත්නපුර දිස්ත්‍රික් නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ අභාවයෙන් පසු පුරප්පාඩු වු මන්ත්‍රී ධුරයට මනාප ලැයිස්තුවේ මීළඟට සිටින වරුණ ලියනගේ ගේ නම ඇතුළත් ලිපිය හෙට මැතිවරණ කොමිසමට යොමු කිරිමට නියමිතයි.
රත්නපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිනි මාලනී ලොකුපෝතාගම විසින් එම ලිපිය මැතිවරණ කොමිසමට යොමුකරනු බවයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජිතයෙකු සඳහන් කළේ.